රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වසර පහක් තුළ සියයට සියයකින් ඉහළ නංවන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ මහතා පැවසුවේය.
විශ්ව විද්‍යාල සඳහා දැනට වසරකට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 20,000ක් වන අතර එය ක‍්‍රමානුකුලව 40,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවද ඇමැති කීවේය.
රැකියා අවස්ථා සඳහා ගැලපෙන පාඨමාලා නව කේ ඔස්සේ හඳුන්වා දෙමින් සිසුන්ට විශ්ව විද්‍යාල අවස්ථා වැඩි කරන බවද කී ඇමතිවරයා විශේෂයෙන්ම කලා උපාධි සඳහා බඳවා ගන්නා සිසුන් වෙනුවෙන් එම නව පාඨමාලා හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තත්ත්ත්වය සහ ගුණාත්මකභාවය නියාමනය සඳහා විශේෂ කවුන්සිලයක් හෝ සභාවක් ඇති කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාවැකි කියන්නේ නැතුව ක්‍රියාවෙන් පෙන්නුවා නම් තමයි හොඳ. අනාවැකි කියන්න අපේ දේශපාලඥයෝ හරි දක්ෂ වගේම රටේ මිනිස්සු ඒවා ගිලින්නත් හරි ආසයි (ම)
ඉතා හොද වැඩක්! මේ කරන්න තිබුණේ වසර 20 කට ඉස්සල්ල එදා ඒ දේවල් නොකර ජනතාව ගොනාට අන්දමින් වහසි බස් දෙඩුවා මේ දේ ඉතා කාලින අවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න (ම)
වසර 5 කින් මොකද ? එතකොට ආණ්ඩුවේ කාලසීමාව ඉවර නිසාද ? මේක නම් නොකෙරෙන වැඩක් (ම)
ඇත්තෙන්ම මෙහෙම තීරණයක් ගත්ත එක ගැන (ම)
අනේ ඇමතිතුමනි, ඒ එක්කලම දරුවන්ට තමන් කැමති පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් ලබාදෙනවා නම් වඩාත් හොඳයි නේද? ඒ වගේම රටේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල තුළින් රැකියා අවස්ථා නොලැබෙන සහ ජාත්‍යන්තර නැඹුරුව අනුව ඉදිරියේදී වැඩි ඉල්ලුමක් නොමැති පාඨමාලා ක්‍රමයෙන් අඩුකර අවලංගු කරනවා නම් වඩාත් හොඳයි නේද? (නි)
නියමයිනේ (නි)
ඔබතුමන් නම් අනිවාර්යෙන් ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගොඩක් ලොකු වෙනසක් සිදු කරවී. (අ)
ගරු ඇමතිතුමනි,මෙය ඔබගේ කාරුණික අවධානය පිණිස ලියමි.පිටරට ඉගෙනගන්න අපගේ දරුවන්ටත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට යන්න ක්‍රමයක් හදො දෙන්න.ගොඩාක් රටවල උසස් අධ්‍යාපනය හරිම ගණන්. ළමයින්ගේ සුදුසුකම අනුව, ඇතුළත් කිරීමේ විභාගයක් තියලා සෑම වසරකම යම් ප්‍රතිශතයක් හෝ ඇතුළත් කරගන්නවා නම් ඔබතුමාලට ගොඩක් පින්. අඩුම තරමේ මේ වගේ සහනයක්වත් අපිට ලබාදෙන්න. බලධාරීන්ගේ අවධානය යොමුවේවා! (නි)
මොහාන්, හරිම සතුටුයි ඔයාගේ අදහස ගැන. ඇත්තටම පිටරට ඉගෙනගන්න අපේ ළමයින්ට කොච්චර නම් මුදල් වැයවෙනවද? මෙයට සාධාරණයක් කරනවා නම් පින් සිදුවෙනවා (නි)
මෙය ඉතා හොඳ තීරණයක් ඇත්තටම (නි)