IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වසර පහකින් සරසවියට 40,000 ක්

රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වසර පහක් තුළ සියයට සියයකින් ඉහළ නංවන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ  මහතා පැවසුවේය.

විශ්ව විද්‍යාල සඳහා දැනට වසරකට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 20,000ක් වන අතර එය ක‍්‍රමානුකුලව 40,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවද ඇමැති  කීවේය.

රැකියා අවස්ථා සඳහා ගැලපෙන පාඨමාලා නව කේ ඔස්සේ හඳුන්වා දෙමින් සිසුන්ට විශ්ව විද්‍යාල අවස්ථා වැඩි කරන බවද කී ඇමතිවරයා විශේෂයෙන්ම කලා උපාධි සඳහා බඳවා ගන්නා සිසුන් වෙනුවෙන් එම නව පාඨමාලා හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තත්ත්ත්වය සහ ගුණාත්මකභාවය නියාමනය සඳහා විශේෂ කවුන්සිලයක් හෝ සභාවක් ඇති කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 



අදහස් (0)

වසර පහකින් සරසවියට 40,000 ක්

පෙරේරා Sunday, 20 September 2015 06:52 PM

අනාවැකි කියන්නේ නැතුව ක්‍රියාවෙන් පෙන්නුවා නම් තමයි හොඳ. අනාවැකි කියන්න අපේ දේශපාලඥයෝ හරි දක්ෂ වගේම රටේ මිනිස්සු ඒවා ගිලින්නත් හරි ආසයි (ම)

:       0       0

සිල්වා Monday, 21 September 2015 10:04 AM

ඉතා හොද වැඩක්! මේ කරන්න තිබුණේ වසර 20 කට ඉස්සල්ල එදා ඒ දේවල් නොකර ජනතාව ගොනාට අන්දමින් වහසි බස් දෙඩුවා මේ දේ ඉතා කාලින අවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න (ම)

:       0       0

සෙනරත් Monday, 21 September 2015 03:12 AM

වසර 5 කින් මොකද ? එතකොට ආණ්ඩුවේ කාලසීමාව ඉවර නිසාද ? මේක නම් නොකෙරෙන වැඩක් (ම)

:       0       0

පෙරේරා Sunday, 20 September 2015 11:07 AM

ඇත්තෙන්ම මෙහෙම තීරණයක් ගත්ත එක ගැන (ම)

:       0       0

ලලිත් Sunday, 20 September 2015 11:23 AM

අනේ ඇමතිතුමනි, ඒ එක්කලම දරුවන්ට තමන් කැමති පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් ලබාදෙනවා නම් වඩාත් හොඳයි නේද? ඒ වගේම රටේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල තුළින් රැකියා අවස්ථා නොලැබෙන සහ ජාත්‍යන්තර නැඹුරුව අනුව ඉදිරියේදී වැඩි ඉල්ලුමක් නොමැති පාඨමාලා ක්‍රමයෙන් අඩුකර අවලංගු කරනවා නම් වඩාත් හොඳයි නේද? (නි)

:       0       0

දිල්රුක් Sunday, 20 September 2015 11:35 AM

නියමයිනේ (නි)

:       0       0

සමූ Monday, 21 September 2015 05:00 AM

ඔබතුමන් නම් අනිවාර්යෙන් ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගොඩක් ලොකු වෙනසක් සිදු කරවී. (අ)

:       0       0

මොහාන් Sunday, 20 September 2015 12:21 PM

ගරු ඇමතිතුමනි,මෙය ඔබගේ කාරුණික අවධානය පිණිස ලියමි.පිටරට ඉගෙනගන්න අපගේ දරුවන්ටත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට යන්න ක්‍රමයක් හදො දෙන්න.ගොඩාක් රටවල උසස් අධ්‍යාපනය හරිම ගණන්. ළමයින්ගේ සුදුසුකම අනුව, ඇතුළත් කිරීමේ විභාගයක් තියලා සෑම වසරකම යම් ප්‍රතිශතයක් හෝ ඇතුළත් කරගන්නවා නම් ඔබතුමාලට ගොඩක් පින්. අඩුම තරමේ මේ වගේ සහනයක්වත් අපිට ලබාදෙන්න. බලධාරීන්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

මොහොමඩ් Sunday, 20 September 2015 12:51 PM

මොහාන්, හරිම සතුටුයි ඔයාගේ අදහස ගැන. ඇත්තටම පිටරට ඉගෙනගන්න අපේ ළමයින්ට කොච්චර නම් මුදල් වැයවෙනවද? මෙයට සාධාරණයක් කරනවා නම් පින් සිදුවෙනවා (නි)

:       0       0

ශාමිලා Sunday, 20 September 2015 01:36 PM

මෙය ඉතා හොඳ තීරණයක් ඇත්තටම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site