ජනතා විමුක්ති පෙරමුණ පුළුල් බලතල සහිත නව පෙරමුණක් සකසා 2020 දී මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා අම්බලන්තොටදී ප්‍රකාශ පැවැසීය.
ඒ පිටුවන පුළුල් පෙරමුනේ නම ජනතා විමුක්ති පෙරමුණ නොවෙයි. එහි ලංඡනය ද සීනුව නොවෙයි. මේ පුළුල් පෙරමුණට මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, කලා කරුවන්, මාධ්‍යවේදීන් එකතුවෙනවා. අපි ඒ අයට අවස්ථාව ලබා දෙනවා.
දැනටමත් එම ගමනට සුභ පෙරනිමිති පහලා. රනිල් මහත්ය කියනවා ඒයා ආසන 127 ක් ගන්නවාලු. අර විධායක හිටපු ජනාධිපති මහින්ද මහත්තයා කියනවා එයා ආසන 117 ක් ගන්නවාලු. මම මේ දෙකම එකට එකතු කළ 247 ක් නේ. පාර්ලිමේනතුවෙ ඉන්නෙත් 225 යි. මම කියනවා මේ දෙගොල්ලන්ටම ආසන 100 ක්වත් එක්කෙනෙකුට ගන්න බැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ 17 වෙනිදට බැරිවෙයිද ? (නදී)
ජේ වී පී සහෝදරවරු මේ විදියට අලින්ව හුරතල් කර කර හිටියොත් අවුරුදු පහකින් නෙමෙයි සීයකින්වත් බලය ගන්න ලැබෙන්නේ නැහැ.(නදී)
ජය වේවා, අපගේ පුර්ණ සහයෝගය ඔබලාට ලබාදෙමි. අද අප රටේ විශ්වාසනීය වෙනසක් කරන්න පුළුවන්, උගතුන්ගෙන් හා බුද්දිමතුන් ගෙන් පිරි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. (නදී)
නියමයිනේ. ජයවේවා! (නි)
පිස්සු හැදෙනවා. (නදී)
කලින් කලට එන රැල්ල වෙනස් කරන්න අමාරුයි. කවදා හරි ඔය කියන දේත් වෙන්න පුළුවන්. මහින්ද මහත්තය පැරදෙයි කියල කව්ද හිතුවේ. මයිත්‍රී මහත්තය දිනයි කියල කව්ද හිතුවේ. ඕක තමයි තත්වය.(නදී)
එනවා එනවා..හැබැයි පාර්ලිමේන්තුවේ නෙමෙයි..යන්තම් ප්‍රාදේශීය සභාවක.. (නදී)
රටක් පාලනය කරන්න ශක්තියක් නෑ වගේ. මෙයාල හොඳයි ට්‍රේඩ් යුනියන් එකක් කරන්න (නදී)
ඔව් ඔව් අවුරුදු 50 ක් දේශපාලනය කරලා තාම ඉන්නේ 5 දෙනයි පාර්ලිමේන්තුවේ. (නදී)
පව් දවල් හීන දකිනවා (නදී)
2005 දී ලැබුණු ආසන 39 හරියට කරගෙන ගියානම්, වසර 5 කදී නෙමෙයි මේ සැරෙත් එන්න තිබුනා. එදා කලේ මොකක්ද ? දිනුම පෙනී පෙනී යුද්දෙට වල කපන්න විපක්ෂේ පැත්ත ගත්තා. විමල් විතරක් හරි තීරණය අරගෙන නැවතුනා. ඔබලාට රටක් ගැන කැක්කුමක් නෑ. බොරුවට කෑගහන්න විතරක් දන්නවා ඇස්ගෙඩි උඩතියාගෙන. එදා එම තීරණය නිසා තමා මහින්ද මහතා හොරු ලංකරගෙන හරි යුද්දේ දිනලා එම ගමන ගියේ (නදී)
මේ රට හැදීමට ජවිපෙ හැර වෙන කිසිම පක්ෂයකට සැලැස්මක් නැහැ. (නදී)
අද අපිට විශ්වාසය තියන්න පුලුවන් ජවිපේට විතරයි. ජවිපෙට ජයවේවා! (නි)
රජය ඒ කොන්දේසියට එකඟ උනාද ? (නදී)
රටේ බුද්ධිමතුන් දැන් ජවිපේ වටා ඵක්වෙමින් තිබෙනවා. ඵ් බව 17වනදාට බලාගන්න පුලුවන්. ඔබට ජයවේවා! (නි)
අනේ මට නම් හිනාව නවත්ගන්න බැහැ (නදී)
නාස්තිය දුෂනය නැති ඵකම පකෂය. අපේ ඵකම පැතුම ජවිපේ පමණයි ජයවේවා! (නදී)
ඉතිහාසයේ ලැබූ ලොකුම ජයග්‍රහණයට සමාන ජයක් මෙවර ජවිපෙ ලබනවා (නි)
බුද්ධිමත් මිනිස්සු පමණක් ඇතිවූ දාක ජවිපෙ ආණ්ඩුවක් අනිවාර්යයනේම එනවා (නි)
රට හදන්න පුළුවන් මේ අයට විතරලු. ඇමතිකම් අරගෙන කරපු දෙයක් නම් නම් නැහැ. අඩුම ගානේ මහජන සම්බන්ධතා දිනයවත් තියල නැහැ, ප්‍රශ්න වලට මූන දෙන්න බැරිව. හිටපු ලොක්කාමයි කියන්නේ (නදී)
ජේ.වී.පී එකේ බුද්ධිමතුන් ඉන්නවද (නදී)
මහජනයා අතෙයි මේ හැම තීන්දුවක්ම තිබෙන්නේ (නි)
ලංකාවේ මිනිසුන්ව රැවටුවා ඇති. දැන්ඉතින් අර කල්ඉකුත් වූ ගණයට වැටිලා අවසානයි. රට වෙනුවෙන් කළ දෙයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ . (නි)
අනේ මේ විහිලු කතා අහන්නේ කවුද. (නදී)
මගේ සුබ පැතුම්.. (නදී)
අවුරුදු පහකින් ජවිපෙට ඕනෑම නම් ප්‍රධාන විපක්ෂය වෙන්න පුළුවන් අමාරුවෙන්.මේ ඇත්තෝ සදහටම ගෙදර යවලා යූඑන්පී එකට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න දෙන්න ඕනෑ දැන්. (නි)
මේ තමයි ජේ.වී.පී එකට ලැබෙන අන්තිම අවස්තාව. අපහු ඒගොල්ලන්ට එන්න ලැබෙන්නේ නැහැ. මේ පාර 6 ක් ගන්නවා. (නදී)
මෙවර මහින්ද විරෝධී ඡන්ද ඔක්කොම යු අැන් පියට වැටෙනවා. ජවිපෙට ඇඩ්රස් නැති වෙන්න වදිනවා. ආසන 5ක් වක් ගන්නේ නැහැ. කලින් ගමන 5 ගත්තේ පොන්සේකා, අර්ජුනත් එක්ක. මේ ගමන සොරි ඩොට් කොම් (නදී)
ඔබලාට ජනතාව හොඳ පිළිතුරක් දෙයි (නි)
තවත් විහිලු කතාවක්. මෙයාලගෙන් එක්කෙනෙක් හැමදාම මොකක් හරි විහිලු කතාවක් කියනවා. (නදී)
රට ගැන හිතන නාස්තිය අඩු හරි දැක්මක් තිබෙන එකම පක්ෂය ජේ වී පි පමණයි. වසර 67 ලොකු පක්ෂ දෙකම රට කරා මොකද වෙලා තියෙන්නේ ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. හැම කෙනාම කරේ රට උගස් කරමින් නය ගෙන ජනතාව මත බදු පටවා හොරු මැරයෝ දුෂිතයෝ රජ කරවීමයි. බලන්න එක මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් ලබන වරප්‍රසාද? අපේ වගේ රටකට ඔබිනවද ? මේ රට සම්පුර්නයේම මංකොල්ල කාරයන්ට නතු වෙලා තියෙන්නේ. (නදී)
හීනෙන්ද ? (නදී)
"අද නොවෙයි හෙට" වගේ තව එකක් මේ කියල තියෙන්නේ. (නදී)
මේ ජේවීපී කාලයයි...!! (නි)
පෙනෙනා නිසා අදුරේ පවා සිහිනය වටියි පැතුමට වඩා (නදී)
සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්!! (නි)
අපේ හෘදයාංගම පැතුම එයයි (නදී)
අහන්නත් සතුටු කතාවක්. ජනතාවට ජයවේවා. (නදී)
ඹබලාට සැලකිය යුතු බලයක් මැතිවරණයෙන් ලැබෙනවා ඵම ජනවරම තමන් හැදීමට නොව රට හැදීම වෙනුවෙන් කැපකර පෙන්වන්න ඵය ඹබලාට ජයවේවා (නදී)
අපි සැමදාම ජ.ව්.පෙ. එක්ක (නදී)
අනේ එතකොට මසලවඩේ එක හතරට කඩාගෙන කාල එක ප්ලේන්ටි එක හතර පස් දෙනෙක් එක්ක බෙදා ගෙන බීලා රෑ එළිවෙනකම් මදුරුවෝ තල තල පෝස්ටර් අලවපු ගමේ අට විතරක් පාස් වෙච්ච අහිංසක කොලු රැලට මොකද වෙන්නේ? (නදී)
පව් අනේ සුන්දර සිහිනයක්. (නදී)
බුද්දිමතුන් එකතු කරගෙන කීවාට ලංකාවේ බහුතරයක් ඉන්නේ බුද්දිමත් අය නෙමෙයිනේ.(නදී)
වසර පහද ?අප්‍රේල් පහද ?කොහොමද මුන්ගේ ඉලක්ක (බ)