කලක් තිස්සේ තමිල්නාඩුවේ සරණාගතයින් ලෙස සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 45 දෙනෙකු නැවත දිවයිනට එවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘ද හින්දු ‘ පුවත්පත අද වාර්තා කළේය.
මෙම ලාංකික සරණාගතයින් පිරිස බ්‍රහස්පතින්දා රාත්‍රී තිරුචි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් › ලංකාව පිටත් කළ බවද එම වාර්තාවේ සඳහන් වේ.
ඔවුහු උතුරේ වැසියෝය.
මීට කලකට පෙර මෙරට යුද ගැටුම් පැවති සමයේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ තමිල්නාඩුවට පළා ගිය මොවුන් තිරුචි, දින්දිගුල්, කන්‍යකුමාරි, විල්ලූපුරම්, තූත්තුකුඩි, පුදුකෝට්ටෙයි, මදුරෙයි, තිරුනේල්වේලි, සිවංගා, කරෑර් සහ රාමනාදන්පුරම් ප්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරු වල පදිංචිව සිටි පිරිස් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනවිට බෙදුම්වාදී සිතුවිලි වලින් මිදී එන්න (බ)
මෙයාල කවුද කියල හොඳට හොයල බලල ගත්ත නම් තම හොඳ. (ම)