කොල්ලුපිටිය මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මහානාම විද්‍යාලයයේ හිටපු විදුහල්පති විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2012 අප්‍රේල් මස සිට විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති සෙනරත් බණ්ඩාර මහතා වැඩ ආවරණය කළේය.
රාජ්‍ය සේවා කොමිසම මගින් විදුහල්පතිවරයකු පත් කිරීම සඳහා සමූඛ පරීක්ෂණ පවත්වා පසුගිය ජූලි මාසයේ බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා විදුහල්පති ලෙස පත් කළත් ඒ මහතා වැඩ බාර නොගැනීම නිසා සමූඛ පරීක්ෂණයේ දෙවැනි තැනට ලකුණු ලබා සිටින ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇත.
මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති ලෙස කටයුතු කරන උපශාන්ත මහතා බ්‍රහස්පතින්දා (24) පෙරවරු 10.30ට මහානාම විද්‍යාලයයේ වැඩ භාර ගැනීමට නියමිතය.
1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපේන්ද්‍රගේ කතාව සහතික ඇත්ත. (ස)
උපේන්ද්‍ර හරි. කේ. එන්. පි. ද සිල්වා සර්ගේ කාලේ තමයි හොඳම. ඊට පස්සේ සුමනසේකර සර්ගේ කාලේ. අපි එයාට ටයි පොල්ලා කියලත් කිව්වා තමයි. ඒත් ඒ කාලෙත් ඉස්කෝලේ හොඳට තිබුණා. (ස)
ඔබතුමා අවංකව පාසලට සේවය කරනු ඇති කියලා අපි හැමෝම බලාගෙන ඉන්නවා. අවංකව සේවය කරන්න බැරි නම් වහාම ඉවත්වෙන ලෙසත් අපි පටන් ගන්නකොටම කියනවා. මොකද ඔය හැමෝටම වඩා පාසලේ ඉගෙනගත් දරුවෝ විදියට අපි පණ වගේ ආදරය කරනවා අපේ පාසලට. (නි)
රුචිර, මට වැරදුනා. ඔයා හරි. ටයි පොල්ල කිව්වේ එයාට තමයි. (ස)
මහනාමෙට සුභ අනාගතයක්.(නදී)
මහානාමයට තවත් දිගු ගමනක් යන්න සේවය කරන්න ආශීර්වාද කරනවා. මහානාමයට සුබ අනාගතයක්. තව දුරටත් මහානාමය ඉදිරියට ගෙන යන්න තව තවත් ජයග්‍රාහී තත්වයට පත් කරන්න ශක්තියය ලැබේවා. පහු ගිය විදුහල්පති වරයාගෙන් සිදුවු දුෂණ සිදු නොකරමින් හොඳ සේවයක් කරන්න අපි මහනාමයේ පුතුන් විදියට බලාගෙන ඉන්නවා. (ස)
සුමනසේකර මහතා නාලන්දයටත් සේවය කළා. (නි)
මචං ටයි පොල්ල කිව්වේ රත්නදාසට.එතනින් තමයි විනාසෙ පටන් ගත්තේ. (ස)
මෙච්චර පහු වෙලා දැම්මම කොහොමද 2014 පළමු වසර ළමුන් "ක්‍රමවත්" විදියට ගන්නේ. අඩු ගන්නේ මාස 8 කට කලින් දැම්ම නම් දැන් කට්ටියය අල්ලාගෙන නේ. පව් අවුරුද්දක්ම මිස් වෙනවා. (ස)
මහානාමයට බුදු සරණයි! (නි)
මගේ මහානාමයට සේවය කරන්න...,බැරි නම් අයින් වුනාට කමක් නැහැ ...ස්කෝලෙන් අවුරුදු 13 ඉගෙන ගත්ත දරුවෙක් හැටියට මගේ පාසැල ගොඩක් වටිනවා... මොකද හැමදේම ලැබුනේ මහානාමෙන්.... (ස)
කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමාගේ තමයි හොඳම කාලේ, බණ මඩුව පාසල උනේ. (ස)
අලුත් විදුහල්පතිතුමා වැඩට එන්නත් පෙරම ඉතාම අසුභවාදී විදියට බලන්නේ ඇයි? එතුමා දක්ෂ නිලධාරියෙක් විදියටයි මම නම් දන්නේ. හැමදෙනාම අවංකවම තම තමන්ගේ යුතුකම් කරන ගමන් හොඳ සහයෝගයක් මෙතුමන්ට දුන්නොත් මහානාම විද්‍යාලය බබළවාවි. මහානාමයට යහපතක්ම වේවා ! (නි)
සුමනසේකර සර් ගියාට පස්සේ තමයි මහනාමයේ පරිහානිය පටන්ගත්තේ. එදා සිට මේ වනතෙක් මහනාමය ඇතිකරගත් ඒ කීර්තිනාමය පසුව ආ සියලු දෙනා නැත්තටම නැතිකළා. පාසලේ රන්වන් යුගය වුණේ කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමා ඉන්න කාලය. මට මතකයි එතුමා පාසලෙන් ඉවත්ව යන දවසේ එතුමාට හමු වූ සියලු දේවල් පාසලට දීලා බස් එකේ ගෙදර ගියේ. ඒ රත්තරන් වටිනා මිනිසුන් යටතේ ඉගෙනගන්න අපිට වාසනාව තිබුණා. මොහු කොහොමද කියලා අපි දන්නේ නැහැ. කොහොම වෙතත් පාසැල තව පරිහානියට යා නොදීම අපගේ වගක්කීමක්. එහෙම බැරි නම් පාසැල පරිහානියට යා නොදී ඉවත් වන්න. (නි)
උපේන්ද්‍ර, යු .කේ ගේ අදහසට මමත් එකඟයි. (නි)
මහානාමයට ජය වේවා! (ස)
මට හිතෙන්නේ පාසලේ පරිහානියේ පටන් ගත්තේ රත්නදාස සර් ගියාට පසුවයි. ඒවාට ලොකු පොඩි හැමෝම වගකියන්න ඕනෑ. මහත්තයෝ, අපි හොදට බලාගෙන ඉන්නවා, අපි හිතනවා ඔබතුමා උපශාන්තව අපේ පාසැල ගොඩගනී කියලා. ඔබට ජය. (නි)
උපේන්ද්‍ර හරි, පාසලේ රන්වන් යුගය වුණේ කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමා ඉන්න කාලය.කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමා ,පී.ටි.මුතුකුමාරණ,ද.ජි සුමනසේකර වගේ විදුහල්පති වරු පාසල ගොඩක් දියුණු කළා. දරුවන්ට ආදරේ කල ඒ වගේ දෙවිවරු ඊට පස්සේ පාසලට ලැබුනේ නැහැ. (ස)
මම මහානාම විද්‍යාලයේ ශිෂයෙක් හැටියට ආඩම්බර වෙනවා. ඔබතුමා වගේ පළපුරුදු විදුහල්පතිවරයෙක් අපගේ පාසලට ලැබීම පිලිබඳව සහ තව දුරටත් ඔබතුමාට අපගේ පාසැල කොළඹ අංක එකේ පාසැල බවට පත් කිරීමට හැකි වේවා.මහානාම මාතාවට ජය වේවා... (ස)
මහානාමෙටත් දෙයියන්ගෙ පිහිටයි. (නදී)
කේ. එන්. පී ද සිල්වා ගුරු පියාණන් ගැන හුගක් මගේ සහෝදරවරු ගුණ කියලා තියෙනවා දුටු විට ආඩම්බරයක් ඈති වෙනවා. එතුමා අද තම ජීවිතයේ සෑදෑ සමය පානදුර පින්වත්ත ප්‍රදේශයේ ගෙවමින් සිටිනවා. ඔබට හැකිනම් තෑගි නොගෙනිච්චත් විනාඩි 10කට ගොඩ වෙලා කළගුණ සළකන්න යැයි මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එතුමා එය ඉතාමත් අගය කරන බව එතුමාව නිතර බලන්න යන කෙනෙක් ලෙස මා දන්නවා. (නි)
උඩින් දාලා තියෙන අදහස් සියල්ල කියෙව්වා, ඒ දාලා තිබෙන හැම අදහසකින්ම කියැවෙන්නේ, අලුතෙන් එන විදුහල්පති පාසලට වැඩක් කරයිද යන චකිතයයි. ඒ වගේම ඒ හැම අදහසක්ම 100% ක් වගේ නිවැරදි ඒවා කියලා මම හිතනවා. වගේම පිළිගන්නවා (නි)