(ඉන්දිකා රාමනායක)
2010 වසරේ සිට මේ දක්වා වසර 9 ක කාලය තුළ දිවයින පුරා කළ වැටලීම්වලින් හොරොයින් කිලෝ 2980 ට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම හෙරොයින් සමඟ සැකකරුවන් 199,680 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කීය.
2019 ජනවාරි මස 01 වැනි දින සිට ගත වූ මාස 6 ක කාලය දක්වා කළ වැටලීම්වලින් හොරොයින් කිලෝ 1030 ක් සමඟ සැකකරුවන් 20,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහුවුණු හරිය. තව කොච්චර මෙරට තුළ තිබෙනවද? මේවා පිටුපස ඉන්නේ කවුද?
මේවා පෙන්නලා මොකාටද මේ එන්න හදන්නේ? පසුගිය කාලේ වැඩ කරයි කියල කියන්නද හදන්නේ? අත්අඩංගුවට ගත් පිරිසෙන් කොපමණ ප්‍රමාණයක් පුනරුත්ථාපනය වුණාද කියලවත් කියන්න... අත්අඩංගුවට ගත් පිරිස බන්ධනගාර වල හිරකරලා තියන්නෙත් පොලිසියේ වැටුප් ගෙවන්නෙත් බදු සල්ලි වලින් නේද? අල්ලලා හිරකරලා විතරක් තියන එකෙන් සමාජයට මොකක්ද වෙන්නේ? රටක් දුර්වල කරන්න පුළුවන් මිනිසුන් අතර භය සැකයා වපුරවලා. රටේ ශ්‍රම බලකායට අයිති පිරිස හිරකරලා විතරක් හරියයිද? විදේශ වලින් දේශපාලකයන් අතර භය සැකය ඇතිකරවලා වැඩ ගන්නවා. දේශපාලකයෝ මහා ජනතාව අතර භය, සැකය ඇතිකරවලා වැඩ ගන්න හදනවා. මුළු ලංකාවම හෙරොයින් වගේම කුඩු වෙලා...
මත් කුඩු මැඩලීමට රජයේ උනන්දුව මීට වඩා වැඩි විය යුතුයි. ඒ අතරම මත් කුඩු වලට ඇබ්බැහි වූ වන බලෙන් හෝ පුනරුත්ථාපනය කලයුතුයි. සහ මෙසේ අල්ල ගත් මත්කුඩු වලින් පෘතුගාලයේ වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් මත් කුඩු ජාවාරමෙන් ජාවාරමුන්ට ලැබෙන ලාභය අඩු කිරීමෙන් මත් කුඩු සංසරණය අවම කලහැකියි. මරණ දඬුවම අනිවාර්යයෙන් ක්‍රියාත්මක වියයුතුයි .