මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල පිවිසුම් මාර්ගය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයෙන් කැනීම් කළ කැලණි විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශය පවසනුයේ වසර 3000කට පමණ පෙර එහි සුසානයක් තිබූ බවට තොරතුරු ඇති බවයි.
කැලණි සරසවියේ පුරා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පොළ මහතා පවසනුයේ මැටි කුටීර දෙකක් වසර තුන්දහසකට පෙර මැටි මුට්ටිවල භස්මාවශේෂ බහා එම මැටි කුටීරවල තැන්පත් කරන්නට ඇති බවයි.
විල්පත්තුව පොම්පරිප්පුවේ මීට වසර ගණනාවකට පෙර කැනීම්වලින්ද මැටි මුට්ටිවල බහා භස්මාවශේෂ තැන්පත් කළ බවට සාධක ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.
දෙවලපොළ ඉපැරණි සුසානයේ බිඳුණු මැටි ගුලි ද සොයාගත් බවත් කාල නිර්ණයෙන් පසු වසර තුන්දහසකට පෙර බස්නාහිර පළාතේ දෙවලපොළ ජන ජීවිතය ගැන වැදගත් තොරතුරු සොයාගත හැකිවෙතියි ඔහු කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
ඉතා වැදගත් ප්‍රවෘත්තියක් (නි)
මමත් ආදි ශිෂ්‍යයෙක් , අපි කිව්වෙත් ඕක මිනී වළක් කියලයි, 1980 ඉදන් 1985 වෙනකම් මම ඉගෙනුම ලැබුවෙ මේ විද්‍යාලයයේ. ප්‍රාථමික අංශයේ..(බ)
මමත් දෙවලපොල ආනන්දයේ ආදී ශිෂයෙක් . අපි ඒ කාලේ ඔය සලකුණ දැකල, මේක මිනී වළක්නේ කියල හිතුවට මෙවන් පුර විද්‍යා වටිනා කමක් ඇති කියල හිතුවේ නැහැ.මෙය සොයා ගත්තවුන් හට මගේ ප්‍රණාමය පුද කරමි!!!! (බ)