1991 වසරේ සිට යුද්ධය අවසන් වනතුරු පවුල් 10,000 ක පමණ සාමාජිකයන් ජීවත් වූ ආසන්න ප්‍රමාණයක් ජීවත් වූ වව්නියාව සිදම්බරපුරම් අනාථ කඳවුර සිදම්පර නගර් නමින් නම් කොට එහි වැසියන්ට ඉඩම් ඔප්පු ලබා දීමට අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ආහ.
ඉඩම් නොතිබූ පවුල් 193 ක් මෙසේ කඳවුරේම නැවතී සිටියහ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුළු පළාත් සභා මැති ඇමැතිවරු වව්නියාව දිසාපති එම්.බී. පුෂ්පකුමාර මහතා ද එහි ආහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. මේ බෙදුවා මදි, තව බෙදන්න. මේ දකුණේ තියෙනවා හිස් ඉඩම් වගයක්. ඒවත් දීල දාන්න. (නි)
මම නම් මේකේ වැරැද්දක් දකින්නෙ නැහැ (නි)
උතුර හෝ වේවා දකුණ හෝ වේවා රටේ ජනතාවගේ නිවාස සහ ජීවන ප්‍රශ්න විසඳීම පවතින රජයේ වගකීමක්. (නි)
රජයේ ඉඩම්වල පදිංචි ජනතාව විටින් විට ඔප්පු ලබා දෙනවා. විවිධ රජයන් යටතේ ස්වර්ණ භූමි, ජය භූමි, රන් බිම වගේ විවිධ නම් ඒවාට භාවිතා කරනවා. (ම)
රද්දොළුවේ රොහාන්, මහින්ද දුන්නා නම් හරි නේද? එතකොට දේශප්‍රේමය, නැත්නම් බෙදුම්වාදය (නි)
රජය ගත් මෙම තීරණයට අපිත් එකඟයි (නි)
දකුණේ අප හොඳින් සිටියදී කොටි ත්‍රස්තවාදයෙන් කෙතරම් බැටකාපු ලංකා පුරවැසියන්ද මේ? මෙහි ගෞරවය හිටපු ජනපතිතුමන් වන මහින්ද, ආරක්ෂක ලේකම් ඇතුළු එකල සිටි ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු තම දිවි පරදුවට තැබූ රණවිරුවන්ට මෙන්ම 2001/2 දී දුරදක්නා නුවණින් අවදානම් තීරණයන් ගන්නා ලද වත්මන් අගමැති රනිල් මහතාටද හිමිවිය යුතුයි. මේ ජනතාවගේ හිමිකම නැවත ලබාදීමේ රජයේ වගකීම ඉටුකිරීම අගයමි..! මේ ජනයාගේ යටිතල පහසුකම්, ඉදිරි ගමන් මඟ ගැන මධ්‍යම රාජ්‍ය අවධානයට යොමුවිය යුතුයි. (නි)
කවුරු හින්දද කියලා රටවැසියන් දන්නවා (නි)
යුද්ධේ දිනීමේ පසු ප්‍රතිපලක්. (ර)