මේ මැතිවරණයේ දී මිනිසුන් තමන්ට ලැබෙන වාසිවලට වඩා ඡන්දය ඉල්ලන පුද්ගලයන් ගැන හොඳ තක්සේරුවකින් කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (06) කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
මහත්මා දේශපාලනයක් ගැන කතා කරන මිනිසුන් අතර එලෙස වැඩ කරන දේශපාලනඥයන් ජනප්‍රියතාවක් තිබෙන බව ද, ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය අනෙකුත් අයට වඩා ඉදිරියෙන් තිබෙන බව ද සේනාරත්න මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා ඔබ තුමා කව්ද කියල (නදී)
අලියගෙන් ඡන්ද අරගෙන පනින්න බලාගෙන ඉන්න අයට නම් මනාප දෙන්න එපා... (නි)
ඔය කොයි දේ කියන්න වෙන්නෙත් 17 වෙනකම් විතරයි. කළුතර යූ එන් පී කාරයෝ ඔබ තුමාට මනාප දෙන්නේ නැහැ. වසර 10 දුක් විඳපු නියම යූ එන් පී අපේක්ෂකයන්ට අසාධාරණයක් කරන්න බැරි නිසා. (බ)
මට නම් ඇත්තටම මේවට හිනායනවා (නි)
අපේ ඡන්දය අරන් පැනපු පනිලිවලට මෙයාට කොහොම හරි දෙන්නම ඕනා (නදී)
කළුතර යූ එන් පී අය මනාප දෙන්නේ අවුරුදු 20 දුක් විඳගෙන හිටපු අපේක්ෂකයන්ට (නි)
මමත් දෙන්නේ අලියට තමා. එත් ලොකුම හෝයියා ඔබ තමා (නදී)
අවුරුදු 21 දුක් විඳපු අපේක්ෂකයෝ ඉන්නවා. යූ එන් පී කාරයෝ මනාප දෙන්නේ ඒ අයට. (බ)
පනින එකේ සීමාවක් නෑ.හිටපු මුදල් අැමැති කෙනකුගේ වාර්තාවකුත් බිද හෙලලයි මෙයා ඉන්නේ. (බ)
ඔබතුමා හොඳ පහදා දීමකින් ඡන්ද දායකයව දැනුවත් කරල තියෙනවා. නමුත් ඒක අදාල ඡන්ද දායකයට පමනද? අපේක්ෂකයන් වාසි පැත්තට පැන්නට කමක් නැද්ද? (නදී)
මෙයාටත් දැන් තේරෙනෙව වගේ කොයි පැත්තටද වාසි කියලා (නදී)
වාසියට පාට මාරුකරන අය ගෙදර යවන්න ඕනෑ. (නි)
විවිධ තරාතිරම් වල අය අපි අතර ඉන්නවා. අපි දැනගන්න ඕනෑ නිවැරදි පුද්ගලයින් තෝරාගන්න (නි)
මෙතුමා කවදත් ඇමති. අනේ වාසනාවන්.(ම)
මම මොකුත් කියන්න බැරි නිසා කට වහගෙන ඉන්නවා (නි)
ස්වයං විවේචනයක යෙදෙනවා වගේ.. (ම)
අනේ මගේ කට! (නි)
අපි බලමුකෝ මිනිස්සු ඔබට සළකන හැටි (නි)
ලබාගත් දේ රැකගැනීමට දරන වෙහෙස! (නි)
මෙදාපාර ඇපත් නැහැ හොඳේ! (නි)
ඔයා ගැනත් කළුතර ජනතාව හොඳට බලාගන්නවා (නි)
දැන් මේවද කැබිනට් එකේ තීරණ? (නි)
අලියාගේ මනාපේ පොරේ අමනාපේ (ම)
දෙපැත්තට පනින අයටත් අපි මනාප දෙන්නෙ නැහැ (නි)
ඔබතුම කලින් මැතිවරණේදී ඔහොම කිව්වේ නැ නේද ? (ම)
වාසියට පනින්නේ කවුද දන්නේ නෑ.(ම)
මැතිවරණයක් ක්‍රියාත්මක වෙද්දී පවතින්න ඕනෑ භාරකාර රජයක්.මට නම් තේරෙන්නේ නැහැ කොහොමද එහෙම රජයක් කැබිනට් තීරණ ගන්නේ කියලා.ඔවුන් ගන්න සියලු තීරණ මැතිවරණයට ඍජුව බලපෑමක් කරන්නේ නැද්ද? ඒවා අපක්ෂපාතිද? විශේෂයෙන් ජනවරමක් නැතුව පත්වුණ මේ මාස හයේ ආණ්ඩුවෙන් ගත් සමහර තීන්දු තීරණ ඉදිරියට ජනවරමකින් එන රජයකට ගොඩඑන්න බැරි ප්‍රශ්න ගොඩක් දැනටමත් ඉතුරු කරවලා තියෙන්නේ. (නි)
මහින්දට නිකරුනේ දොස්කියන අවලාද නඟන එක තමයි මට නම් ඉවසන්නම බැරි (නි)
අනේ මගේ කට! (නි)
වාසිකාරයො කවුද කියලා රටම දන්නවා. බේරුවල අය බලාගෙන ඉන්නෙ 17දා වෙනතුරු. (නි)
"ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" (නි)
පනින්න දක්ෂ වුණත් සමහරුන්ට මේ පාර නෝ චාන්ස්.අනේ පව්. (නි)
මෙදා පාර අපි පාඩම උගන්වනවා. (නි)
බොරු කියන්න රජා (නදී)
කැබිනෙට් ප්‍රකාශන අස්සේ මොකද මේ ඡන්දේ ගැන කතා? (නදී)