IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වාසයට හොඳම රට ශ්‍රී ලංකාව

(විමුක්ති එස් රුද්‍රිගු)

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් සඟරාව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

තම පවුලත් සමග වෙනත් රටකට සංක්‍රමණය වීමේදී කරුණු රාශියක් සළකා බැලිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.

සංක්‍රමණය වන රටේ සංස්කෘතිය කෙබඳුද?, රැකියාවක් සොයා ගැනීම කෙතරම් පහසුද?, සම්බන්ධ වන ප්‍රවාහන පහසුකම් කෙබඳුද? යන ප්‍රශ්නවලට සංක්‍රමණයවීමට පෙර පිළිතුරු ලබාගත යුතු බවත් එපමණක් නොව සංක්‍රමණය වන රටේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ අධ්‍යාපන පද්ධතිය කෙබඳුද යන ප්‍රශ්නවලටද පිළිතුරු සෙවිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව ප්‍රකාශ කළේය.

 

 



අදහස් (25)

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව

Neel Wednesday, 12 March 2025 11:43 PM

හොද වෙලාවට NPP එක බලයට පත්වුණේ, අපි හැමෝම එකම අරමුණක් ඇතිව වැඩ කලොත් මේ ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු තවත් එක් රටක් බවට පත්කර ගත හැකිය

:       4       5

Perera Thursday, 13 March 2025 12:01 AM

සඟරාවේ කතෘ මාස හයක් ලංකාවේ පදිංචි වෙලා හිටියොත් ලියන කතාව මට හිතා ගන්න පුළුවන්

:       2       4

Shyama Nanayakkara Thursday, 13 March 2025 12:06 AM

හම් රටේ අද තත්වය ගැන බැලුවාද දන්නෙ නෑ. අසරණ රෝගීන්ට දෙවි පිහිටයි

:       1       1

sakra Thursday, 13 March 2025 12:48 AM

ෂුවර් එකටම ගුලිකාපු එවුන් පිරිසක් වෙන්න ඇති මේ තේරීම කරන්න ඇත්තේ

:       1       5

saman Thursday, 13 March 2025 02:06 AM

අදෝ මාර්ගයෙන් හිනා යනවා

:       1       5

Rohana Thursday, 13 March 2025 04:04 AM

ඇගයීමට යොදාගත් සාධක පිලිබද නැවත සලකා බලන්න. ප්‍රතිඵලය වෙනස්වීමට බොහෝදුරට ඉඩඇත.

:       1       1

Nishan Thursday, 13 March 2025 05:30 AM

මේ කියන සංවිධානය තියෙන්නේ පැලවත්තේද දන්නේ නෑ. කවුද මේ අසත්‍ය තොරතුරු දීලා තියෙන්නේ? කොහොමද ලංකාවේ රස්සාවක් හොයා ගන්න ලේසි වුනේ? ප්‍රවාහනය ලේසි වුනේ? අධ්‍යාපනය, සෞඛ්‍ය කෙසේ වෙතත් දැන් නම් ආරක්ෂාවත් නෑ. දැන් ජීවත්වෙන එක ලාබත් නෑ. කෑම, බීමවල මිල ගණන් සහ භාණ්ඩ හා සේවා වල මිල ගණන් සංවර්ධිත රටවලට සමානයි. ඒත් ආදායම අන්ත දුප්පත් මට්ටමේ තියෙන්නේ. ඉතින් කොහොමද පවුල් පිටින් ඇවිත් ජීවත්වෙන්න ලේසි වෙන්නේ? පහුගිය අවුරුදු 3 ඇතුළත ජීවත්වෙන්න අමාරුයි කියලා ලංකාව හැර ගිය පවුල් ගාන දහස් ගාණක්.

:       8       5

Nickon Thursday, 13 March 2025 06:08 AM

සල්ලි තියේ නම් මේ රටත් හොඳයි තමා. අපට තියෙන ප්‍රශ්නෙ සාධාරණව නම් සල්ලි හොයා ගන්න බැරිකම. විදේශික පෝසතුන්ට තියෙන ප්‍රශ්නේ තියෙන සල්ලි වලින් ආතල් එකේ ඉන්න පුළුවන් තැනක් හොයා ගැනීම...

:       0       7

පම්පෝරි ජනක Thursday, 13 March 2025 06:52 AM

එකපාරටම මේක දැක්කාම මම හිතුවේ අද අප්‍රේල් 1 දා ද කියලා...

:       0       6

ගුණරත්න Thursday, 13 March 2025 07:09 AM

ඔවු නාන්න සල්ලි තියෙනවා නම් රටේ ආණ්ඩුවේ ලොකුම අත්තක් යාලුවෙක් හරි, නෑයෙක් හරි නම් මෙහෙ තමයි හොඳම රට. ඒත් අපේ එහෙම කවුරුවත් ඇත්තෙත් නැහැ, සල්ලිත් නැහැ. ඉතින් වෙන කොහෙවත් යන්නත් බැරි කමට ඉන්නවා මිසක් ඔය රපොර්තු කියවලා ආසා හිතුණු නිසා ඉන්නවා නොවේ.

:       3       3

ලුම්බිණි Thursday, 13 March 2025 07:17 AM

රටේ හැම එකටම කරන දොස්තර වර්ජන නිසා අපි නොම්මර එක විය යුතුමයි.

:       0       11

nipuna Thursday, 13 March 2025 09:28 AM

ඇත්තටම මේකෙ අනිත් පැත්ත නේද වෙන්න ඕනෑ...? පවුල් පිටින් රටින් පැනීම අතින් ඉහළම රටක් ලංකාව.

:       1       8

Sarath Thursday, 13 March 2025 09:46 AM

එහෙම නම් මෙන්ටල් අප්සට් එකක් ඇති... ඒක විතරයි කියන්න පුළුවන්.

:       1       5

මැක්ස් Thursday, 13 March 2025 10:07 AM

රටවල් බොහෝ ගණනක සංචාරය කරමින් ලබාගත් අත්දැකීම් ඇසුරින් අපට ද කිව හැක්කේ මෙය සත්‍යයක් බවයි. නමුත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යම් යම් පාර්ශ්වයන් විසින් මෙරට පිළිබඳ වෙසෙසින් තරුණ ප්‍රජාව කෙරේ ප්‍රචලිත කර ඇත්තේ වෙනත් චිත්‍රයක් වීම කණගාටුවට කරුණකි.

:       3       19

යෝගා Thursday, 13 March 2025 10:37 AM

දිනපතා සිදුවන මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් නවත්තගන්න බැරි, ආහාර මිල පාලනය කරන්න බැරි, බොරු බයිලා, කයිය විතරක් ඇති ආණ්ඩුවක් තියෙන රටකට දුවා දරුවෝ එක්ක පදිංචියට එන්න කියන්න එක්කෝ සම්පූර්ණයෙන්ම වැරැදි දත්ත පාවිච්චි කරලා, නැත්නම් වෙන මගඩියක්.

:       12       7

මල්කා Thursday, 13 March 2025 10:47 AM

පාතාලේ රජ කරන රටක්, ගැහැණු ලමුන් ලිංගික හිංසනයට ලක්වන රටක්, තරුණ පරපුරට රැකියා නොමැතිව දුක් විඳින රටක් භාණ්ඩ මිල ඉහළ ගිය රටක්, රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීමට නොහැකි රටක් කොහොමද වාසයට සුදුසු රටක් වෙන්නේ...?

:       9       9

Hawk eye Thursday, 13 March 2025 10:55 AM

ඒක තමයි රෝහින්ග්‍යා සෙට් එක මෙහෙ ආවේ... ඔච්චර මුස්ලිම් රටවල් තියෙද්දී..

:       2       10

prabash Thursday, 13 March 2025 11:19 AM

මෙන්න වෙනස... කෝ බයියෝ...

:       4       10

fairoos Thursday, 13 March 2025 12:02 PM

දැන් තියන තත්වය අනුව සල්ලි කාරයින්ට විතරයි ඉන්න පුළුවන්. NPP ආණ්ඩුවෙන් පත්වෙලා දැන් මාස 03ක් ඉදිරියේදී පොඩි මිනිසාටත් තැනක් ලැබෙයි කියලා හිතනවා.

:       2       9

RAVINDRA Thursday, 13 March 2025 01:01 PM

බොරු තමයි...

:       2       6

බද්රානි Thursday, 13 March 2025 04:51 PM

අතේ පැළවෙන කෙබර කියන්නේ මේවාට තමයි... දැන් ඉතින් අපේ යක්ඛ පුතු රැල මේකෙන් උද්දාමයට පත්වෙයි.. මොනවා වුණත්, කුඩු බිස්නස් එකක් කරලා, තක්කඩි කමින් බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරගෙන, රෑට ටෙලි ඩ්රාමා ටිකකුත් නරඹලා ජොලියෙන් ඉන්න පුළුවන් රට, මේ සිරි ලංකාවම තමයි.. ආයේ ලොවෙත් නැහැ ඉතින්...!

:       1       9

අමල් Thursday, 13 March 2025 04:58 PM

අද අප්‍රේල් 01 වෙනිදා ද ?

:       3       6

Shantha Thursday, 13 March 2025 10:02 PM

අපේ රට තරම් උතුම් රටක් ලෝකේ කොහෙවත් නෑ .බොරුනම් විදේශ රටවල් කීපයක ගිහින් බලන්න

:       1       1

prasanna Friday, 14 March 2025 06:01 PM

මොන්ගල් තමයි...

:       0       1

Nandana Friday, 28 March 2025 10:32 AM

ඔනම රටක මුදල් අපේ රටේ රුපියල් වලට මාරු කරාම, රුපියල් ගොඩක් ලැබෙනවා. රුපියල මස්ත බාල්දුයි. ඒක නිසා පිටරටවල් වල හිඟන්නන්ටත් මෙහෙ ආතල් තමයි. මේව තේරුම් ගන්නලා ගොන් හැත්ත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site