IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වාසුයි පුතයි හඬති : නඩුව සීඅයිඩිය ගෙතූ බව කියති

‘මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක්  මිනී මරන්න යවනවද. රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා ගෙන ඔවුන්ට බොරු නඩු ගොතනවා. මෙය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර  ගොතපු නඩුවක්.‘ යැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද (27) කොළඹ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරිපිට දී හඬමින් කීවේය.

සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු එලෙස කීවේය.

වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන - ‘අපි මේ අපරාධය කළේ නෑ. මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා.‘

තමන් මේ අපරාධය නොකළ බව සෙසු විත්තිකරුවෝ ද කීහ.

නඩුව අවසන් වී විනිසුරුවරුන් පිටව ගිය පසු සියාම්ගේ මව සහ ඥාතියකු වාස් ගුණවර්ධන මහතා සමඟ කතා කර   අතට අත දී  පිටව යනු දක්නට ලැබිණි.

වාස් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශයක් කළේය. නඩු විභාගය අතරතුරදී එම ප්‍රකාශය නොකළ නිසා එය පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.

DSC_5159 DSC_5172 DSC_5173  DSC_5526



අදහස් (0)

වාසුයි පුතයි හඬති : නඩුව සීඅයිඩිය ගෙතූ බව කියති

ආරියපාල Sunday, 29 November 2015 07:54 AM

නඩුවේදී හෙළිවූ කරුණු අනුව වාස් ගුණවර්ධන තමන්ගේ රාජ්‍යයක් තනාගෙන සිටි පුද්ගලයෙක් යයි ත්‍රි පුද්ගල විනිශ්චය මඩුල්ලේ තීන්දුව ප්‍රකාශ කළ විනිශ්චයකාරවරයා ප්‍රකාශ කළා. ඔහු තම පදවිය අවභාවිත කළ බවට සේවය කළ හැම පළාතකින්ම උදාහරණ ඇත.ඔහු හැසිරී ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙක් ලෙස නොව කුලියට මිනී මරන්නෙක් ලෙසයි. (බ)

:       0       0

සනුකි Saturday, 28 November 2015 12:30 AM

මේවාට ඉතින් අපි මොනවා කියන්නද? බලාඉන්න අපිට තේරෙන සරල දේ සමහර කට්ටියට කොහොමවත් නොතේරෙන එකයි අරුමය. (නි)

:       0       0

පද්මිණී Friday, 27 November 2015 12:24 PM

මට නම් මේ තීන්දුව විශ්වාස කරන්ට බැහැ. නීතිපතිලා පවා විශ්වාස නැති කාලයක් (බ)

:       0       0

පිටිගල Saturday, 28 November 2015 06:25 AM

වාස් අපේ කාලයේ වීරයෙක්. (නි)

:       0       0

හෙසා Friday, 27 November 2015 01:25 PM

ඇත්තෙන්ම මේ වරද මේ දෙන්න නොකලානම් , වරද කල අයට ඇස් දෙක පියාන නිදා ගන්න පුලුවන්ද? මැරි මැරි ඉපදෙන්න වෙයි නේද (රේ)

:       0       0

ප්‍රසන්න Friday, 27 November 2015 01:37 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ අපේ උත්තමාචාරය වාස් ගුණවර්ධන මහත්තයට(රේ)

:       0       0

ආනන්ද Saturday, 28 November 2015 08:08 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

අනුර ධර්මවංශ Saturday, 28 November 2015 08:50 AM

අපි ඇත්ත දන්නේ නැහැ. නමුත් රාජකාරිය හරියට කළ හොඳ පොලිස් නිලධාරියෙක්. කොතැනක හෝ වැරදීමක් සිදු වී ඇත. ඔහුට මෙසේ සිදු විය යුතු නැත. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 27 November 2015 03:53 PM

මෙය අදහගන්න බෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site