‘මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක් මිනී මරන්න යවනවද. රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා ගෙන ඔවුන්ට බොරු නඩු ගොතනවා. මෙය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොතපු නඩුවක්.‘ යැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද (27) කොළඹ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරිපිට දී හඬමින් කීවේය.
සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු එලෙස කීවේය.
වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන - ‘අපි මේ අපරාධය කළේ නෑ. මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා.‘
තමන් මේ අපරාධය නොකළ බව සෙසු විත්තිකරුවෝ ද කීහ.
නඩුව අවසන් වී විනිසුරුවරුන් පිටව ගිය පසු සියාම්ගේ මව සහ ඥාතියකු වාස් ගුණවර්ධන මහතා සමඟ කතා කර අතට අත දී පිටව යනු දක්නට ලැබිණි.
වාස් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශයක් කළේය. නඩු විභාගය අතරතුරදී එම ප්‍රකාශය නොකළ නිසා එය පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවේදී හෙළිවූ කරුණු අනුව වාස් ගුණවර්ධන තමන්ගේ රාජ්‍යයක් තනාගෙන සිටි පුද්ගලයෙක් යයි ත්‍රි පුද්ගල විනිශ්චය මඩුල්ලේ තීන්දුව ප්‍රකාශ කළ විනිශ්චයකාරවරයා ප්‍රකාශ කළා. ඔහු තම පදවිය අවභාවිත කළ බවට සේවය කළ හැම පළාතකින්ම උදාහරණ ඇත.ඔහු හැසිරී ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙක් ලෙස නොව කුලියට මිනී මරන්නෙක් ලෙසයි. (බ)
මේවාට ඉතින් අපි මොනවා කියන්නද? බලාඉන්න අපිට තේරෙන සරල දේ සමහර කට්ටියට කොහොමවත් නොතේරෙන එකයි අරුමය. (නි)
මට නම් මේ තීන්දුව විශ්වාස කරන්ට බැහැ. නීතිපතිලා පවා විශ්වාස නැති කාලයක් (බ)
වාස් අපේ කාලයේ වීරයෙක්. (නි)
ඇත්තෙන්ම මේ වරද මේ දෙන්න නොකලානම් , වරද කල අයට ඇස් දෙක පියාන නිදා ගන්න පුලුවන්ද? මැරි මැරි ඉපදෙන්න වෙයි නේද (රේ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ අපේ උත්තමාචාරය වාස් ගුණවර්ධන මහත්තයට(රේ)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
අපි ඇත්ත දන්නේ නැහැ. නමුත් රාජකාරිය හරියට කළ හොඳ පොලිස් නිලධාරියෙක්. කොතැනක හෝ වැරදීමක් සිදු වී ඇත. ඔහුට මෙසේ සිදු විය යුතු නැත. (නි)
මෙය අදහගන්න බෑ (බ)