ත්‍රී රෝද දෙකක ගමන් කළ පිරිසක් අවිස්සාවේල්ල කොස්ගම වාසනා හන්දියේ දී ඇතිකැරගත් ගැටුමකින් වීඩියෝ ඡායාරූප ශිල්පියකු මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි ද තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.
එකිනෙකා නොහදුනන දෙපිරිස මගුල් ගෙදරකට බඩු ගැනීම සඳහා කොළඹ ගොස් ආපසු යද්දී දෙපිරිස අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් යානා නඩත්තු කාර්මිකයකු, වා සැකසුම් කාර්මිකයකු හා විදේශ ගතව සිට පැමිණි අයකු අත් අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි (නි)
වාසනා හන්දියක් කොස්ගම කොහෙද තියෙන්නේ? (නදී)