පාකිස්තානයේ රාවල්පිණ්ඩි සිට විසිතුරු භාණ්ඩ රැගෙන එන මුවාවෙන් හෙරොයින් මත්කුඩු කිලෝ පහක් ගෙනා බව කියන කුඩු ජාවාරම්කරුවකු රොයිඩඩ් ඛාන් සතියක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව මහේස්ත්‍රාත් පොලිසියට අවසර දුන්නේය.
දෝහා කටාර් සිට පැමිණි ඔහුගේ ගමන් මලු දෙකේ බොරු පතුලක මෙම කුඩු සඟවා තිබූ බවත් පාකිස්තානය, කටාර් හා ශ්‍රී ලංකාව අතර කුඩු බෙදාහරින්නකු ලෙස ඔහු හඳුනාගෙන ඇති බවත් කියති.
පසුගිය අප්‍රේල් මාසයේදී මාලදිවයින් ජාතිකයකු ගෙන ආ කුඩු කිලෝ එක හමාරේ සැපයුම්කරු මොහු බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු වලට පැය 24 තුල මරනීය දණ්ඩනය දිය යුතුයි ... සින්ගපූර් වල මෙවැනි දඬුවම් තියන නිසා කිසි කෙනෙක් එවැනි රටවල වලට කුඩු ගෙන යාමට උත්සහ කරන්නේ නැහැ .(බ)
වැරදිලාවත් මේ මල්ල ගුවන්තොටුපොලෙන් එලියට ඇවිල්ල බඩු ටික බෙදා හැරියානම්, ගහන අයට විසිතුරු දේවල්ම තමා පෙන්නේ (බ)