IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘වැසුුණු නිවන් දොර විවර කරගනිමු‘

චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා වන ධර්ම දේශනයක් වල්පොල විමලරතනාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

එල්ලාවල විජිතනන්ද හිමියන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සති කිහිපයක් පුරා විහාරස්ථානයේදී පැවැත්වූ ආගමික වැඩසටහන එදින අවසන් කැරිණි.

සැදැහැවතුන් විශාල පිරිසකගේ දායකත්වයෙන් වැඩසටහන පැවැති අතර දාන, ශීල, භාවනා පිංකම් රැසක්ද එහිදී සිදු කෙරිණි.

IMG_6860 IMG_6895 IMG_6896 IMG_6899 IMG_6901 IMG_6902 IMG_6903



අදහස් (19)

‘වැසුුණු නිවන් දොර විවර කරගනිමු‘

ගුණසිරි Tuesday, 02 February 2016 04:18 PM

සාදු සාදු සාදු ! (බ)

:       0       0

එරන්ද Thursday, 04 February 2016 01:59 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ගුණසිරි Tuesday, 02 February 2016 04:40 PM

පින්වත් හේෂාන්, හොඳටම වයසට ගිහිල්ලා, ඇස් කන් දුර්වල, ඉඳගත් තැනින් නැගිටින්න බැරි වයසක උදවියට වඩා පහසුවෙන් විදසුන් වඩන්න පුළුවන් ධෙර්යසම්පන්න තරුණයන්ටමයි. අධිකාරි, නිවන් දකින්න කාලයක් නැහැ. චාමර, වැරැද්ද ක්‍රමයේ. ඔබේ අනුමානය නිවැරදියි. සාදු සාදු සාදු ! (නි)

:       0       0

ගුණසිරි Tuesday, 02 February 2016 04:53 PM

ඩිලාන්ගේ පැතුමට වඩා උතුම් පැතුමක් මේ විශ්වයේ නොමැත. සියලු සත්වයෝ උතුම් වූ නිවනින්ම සැනසෙත්වා! (නි)

:       0       0

රුවන් Tuesday, 02 February 2016 08:20 PM

සැබෑ නිවන් මඟ සොයාගත් ඉතා සුළු පිරිසක් ලංකාවේ ඉන්නවා. ගොඩක් අය තරුණ අය. මම මෙය අහම්බෙන් දැනගත්තා. මගේ උගත් යහළුවකුට කිව්වා, එයා තවත් උගත් ( ඉංජිනේරු) යහළුවකුට කියා තිබුනා. එම යහළුවා මුලිනුත්, ඉන්පසු මගේ යහළුවත් ඉතා උත්සාහයෙන් නමුත් කෙටි කලකින් හොඳ ප්‍රතිඵල ලැබුවා. මමත් උනන්දුවෙන් භාවනාව කරගෙන යනවා. අර දෙදෙනාම ඉතා සිල්වත්. නමුත් සිත දියුණුව මිස පන්සල් දියුණු කිරීම, පොත් කියවීම ඉතා අඩුවෙන් කළ අය. මම ටිකක් ඒ පැත්තට වැඩියි. සියලු දෙනාම මෙම මාර්ගය සොයාගත යුතුයි. (නි)

:       0       0

මදුර Tuesday, 02 February 2016 08:53 PM

ගුණසිරි, බොහොම පින් පොතේ නම කිවුවට. මේ ලින්ක් එකෙන් පොත බලන්න පුළුවන්. http://download.ifbcnet.org/2015/02/16/විදර්ශනා-භාවනා-ක්‍රමය-පූ/ (නි)

:       0       0

හේෂාන් Tuesday, 02 February 2016 12:07 PM

යෞවනයට වැසුණු නිවන් දොර විවර නොවේද (බ)

:       0       0

අධිකාරී Tuesday, 02 February 2016 12:27 PM

නිවන් දොර හැරීම අමාරුයි...(බ)

:       0       0

චාමර Tuesday, 02 February 2016 12:31 PM

දැන් ඉන්න අයට නිවන් දකින්න බැරිද? අනුගමනය කරන ක්‍රමේ ප්‍රශ්නයක්ද?(බ)

:       0       0

ගුණසිරි Tuesday, 02 February 2016 01:08 PM

පින්වතුනි, අපට ඇසෙන දකින දේවලින් එ්ක පැහැදිලි නිගමනයකට එළඹිය හැකියි , බුදු දහමින් වැඩගන්න සැදැහැවතුන් පෙළගැසුනත්, අපට මගපල නිවන සාක්ෂාත් කළ හරි මග දන්නා ගුරුවරුන් ඇත්තෙම නැහැ ,මේ කියන දේවල් ඇසුනම හිස මොළ රත්වෙනවා , අනුබුදු කෙනෙක් වැනි මහා උත්තමයෙක් විදර්ශනා භාවනා ක්‍රමය නම්වූ පොතක් සමාජ ගත කළා , වැසුුණු නිවන් දොර විවර කරගන්න වෙර දරන වුන් එය සපයා ගන්න (බ)

:       0       0

ඩිලාන් Tuesday, 02 February 2016 01:11 PM

සියලු සත්වයෝ උතුම් වූ නිවනින්ම සැනසෙත්වා (බ)

:       0       0

නිල්හාන් Wednesday, 03 February 2016 01:47 AM

මදුරට ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

ගුණසිරි Friday, 05 February 2016 04:31 PM

පින්වත් සමන්ති, orgatharana.org හි පොත් පෙළක් තිබෙනවා. ඒවා කියවුවොත් සිංහල බෞද්ධයෝ පිරිසිදු බුදු දහම කුමක්දැයි හොඳින් දැනගන්නවා (නි)

:       0       0

සුනිල් Wednesday, 03 February 2016 02:31 AM

මේ ස්වාමිපාදයන් වහන්සේ වගේ බණ හොඳින් දන්නා හාමුදුරුවෝ කීයද අද ලංකාවේ පන්සල් වල වැඩ සිටින්නේ? (නි)

:       0       0

ජනක Wednesday, 03 February 2016 03:03 AM

තරුණ ළමයි තව තවත් ධර්මයට නැඹුරු වියයුතුය. ලංකාවේ වැඩිපුරම අපරාධ සිද්ධකරන්නේ තරුණ අය. මේ වාගේ වයසට ගිය අය කරනවා අඩුයි. මම මහමෙවුනාවේ පමණයි තරුණ පිරිස ධර්මයට නැඹුරු වෙලා තියෙනවා දැක්කේ. කවුරු මොනවා කිවුවත් ඒ ළමයි අතරේ හොඳ හික්මීමක් තිබෙනවා. (නි)

:       0       0

අසේල Wednesday, 03 February 2016 03:39 AM

මදුර සහ ගුණසිරි දෙදෙනාටම බොහොම පින්. (හේ)

:       0       0

හෙක්ටර් Wednesday, 03 February 2016 12:17 PM

හරවත් ප්‍රවෘත්තියක් (නි)

:       0       0

සමන්ති Wednesday, 03 February 2016 09:47 PM

දැන් ගොඩක් හාමුදුරුවරු අබ තෙල්, ගිතෙල්, අධිෂ්ඨාන, සතර වරම් යනාදී වශයෙන් අලුත් අලුත් පුජාවන් පවත්වනවා, බුදුන් වහන්සේ කියාතිබෙන මඟෙන් පසු මගේ ශරීර කොටස් වලින් ප්‍රාතිහාර්ය පාන්නේ නැහැ කියලා. (නි)

:       0       0

The. Mariyadas Thursday, 04 January 2018 03:13 PM

පූජාවලිය ගැන විස්තර දැනගන්න අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site