චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා වන ධර්ම දේශනයක් වල්පොල විමලරතනාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
එල්ලාවල විජිතනන්ද හිමියන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සති කිහිපයක් පුරා විහාරස්ථානයේදී පැවැත්වූ ආගමික වැඩසටහන එදින අවසන් කැරිණි.
සැදැහැවතුන් විශාල පිරිසකගේ දායකත්වයෙන් වැඩසටහන පැවැති අතර දාන, ශීල, භාවනා පිංකම් රැසක්ද එහිදී සිදු කෙරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු ! (බ)
හොඳ ලිපියක් (නි)
පින්වත් හේෂාන්, හොඳටම වයසට ගිහිල්ලා, ඇස් කන් දුර්වල, ඉඳගත් තැනින් නැගිටින්න බැරි වයසක උදවියට වඩා පහසුවෙන් විදසුන් වඩන්න පුළුවන් ධෙර්යසම්පන්න තරුණයන්ටමයි. අධිකාරි, නිවන් දකින්න කාලයක් නැහැ. චාමර, වැරැද්ද ක්‍රමයේ. ඔබේ අනුමානය නිවැරදියි. සාදු සාදු සාදු ! (නි)
ඩිලාන්ගේ පැතුමට වඩා උතුම් පැතුමක් මේ විශ්වයේ නොමැත. සියලු සත්වයෝ උතුම් වූ නිවනින්ම සැනසෙත්වා! (නි)
සැබෑ නිවන් මඟ සොයාගත් ඉතා සුළු පිරිසක් ලංකාවේ ඉන්නවා. ගොඩක් අය තරුණ අය. මම මෙය අහම්බෙන් දැනගත්තා. මගේ උගත් යහළුවකුට කිව්වා, එයා තවත් උගත් ( ඉංජිනේරු) යහළුවකුට කියා තිබුනා. එම යහළුවා මුලිනුත්, ඉන්පසු මගේ යහළුවත් ඉතා උත්සාහයෙන් නමුත් කෙටි කලකින් හොඳ ප්‍රතිඵල ලැබුවා. මමත් උනන්දුවෙන් භාවනාව කරගෙන යනවා. අර දෙදෙනාම ඉතා සිල්වත්. නමුත් සිත දියුණුව මිස පන්සල් දියුණු කිරීම, පොත් කියවීම ඉතා අඩුවෙන් කළ අය. මම ටිකක් ඒ පැත්තට වැඩියි. සියලු දෙනාම මෙම මාර්ගය සොයාගත යුතුයි. (නි)
ගුණසිරි, බොහොම පින් පොතේ නම කිවුවට. මේ ලින්ක් එකෙන් පොත බලන්න පුළුවන්. http://download.ifbcnet.org/2015/02/16/විදර්ශනා-භාවනා-ක්‍රමය-පූ/ (නි)
යෞවනයට වැසුණු නිවන් දොර විවර නොවේද (බ)
නිවන් දොර හැරීම අමාරුයි...(බ)
දැන් ඉන්න අයට නිවන් දකින්න බැරිද? අනුගමනය කරන ක්‍රමේ ප්‍රශ්නයක්ද?(බ)
පින්වතුනි, අපට ඇසෙන දකින දේවලින් එ්ක පැහැදිලි නිගමනයකට එළඹිය හැකියි , බුදු දහමින් වැඩගන්න සැදැහැවතුන් පෙළගැසුනත්, අපට මගපල නිවන සාක්ෂාත් කළ හරි මග දන්නා ගුරුවරුන් ඇත්තෙම නැහැ ,මේ කියන දේවල් ඇසුනම හිස මොළ රත්වෙනවා , අනුබුදු කෙනෙක් වැනි මහා උත්තමයෙක් විදර්ශනා භාවනා ක්‍රමය නම්වූ පොතක් සමාජ ගත කළා , වැසුුණු නිවන් දොර විවර කරගන්න වෙර දරන වුන් එය සපයා ගන්න (බ)
සියලු සත්වයෝ උතුම් වූ නිවනින්ම සැනසෙත්වා (බ)
මදුරට ගොඩක් ස්තූතියි! (නි)
පින්වත් සමන්ති, orgatharana.org හි පොත් පෙළක් තිබෙනවා. ඒවා කියවුවොත් සිංහල බෞද්ධයෝ පිරිසිදු බුදු දහම කුමක්දැයි හොඳින් දැනගන්නවා (නි)
මේ ස්වාමිපාදයන් වහන්සේ වගේ බණ හොඳින් දන්නා හාමුදුරුවෝ කීයද අද ලංකාවේ පන්සල් වල වැඩ සිටින්නේ? (නි)
තරුණ ළමයි තව තවත් ධර්මයට නැඹුරු වියයුතුය. ලංකාවේ වැඩිපුරම අපරාධ සිද්ධකරන්නේ තරුණ අය. මේ වාගේ වයසට ගිය අය කරනවා අඩුයි. මම මහමෙවුනාවේ පමණයි තරුණ පිරිස ධර්මයට නැඹුරු වෙලා තියෙනවා දැක්කේ. කවුරු මොනවා කිවුවත් ඒ ළමයි අතරේ හොඳ හික්මීමක් තිබෙනවා. (නි)
මදුර සහ ගුණසිරි දෙදෙනාටම බොහොම පින්. (හේ)
හරවත් ප්‍රවෘත්තියක් (නි)
දැන් ගොඩක් හාමුදුරුවරු අබ තෙල්, ගිතෙල්, අධිෂ්ඨාන, සතර වරම් යනාදී වශයෙන් අලුත් අලුත් පුජාවන් පවත්වනවා, බුදුන් වහන්සේ කියාතිබෙන මඟෙන් පසු මගේ ශරීර කොටස් වලින් ප්‍රාතිහාර්ය පාන්නේ නැහැ කියලා. (නි)
පූජාවලිය ගැන විස්තර දැනගන්න අවශ්‍යයි