ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන 16 ක් අවභාවිතා කරන ලදැයි රිමාන්ඩ් භාරයට පත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලෙන් ඉවත් කොට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට වහාම මාරු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය නියම කළාය.
සජින් වාස් මහතා බරපතල චර්ම රෝගයකින් පෙළෙන බව ඔහු අධිකරණයට ප්‍රකාශ කළත් වෛද්‍ය පරික්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුව ඔහුට එවැනි රෝගයක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සැලකිල්ලට ගත් විනිසුරුවරිය එලෙස නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට තියෙන්නේ හමේ ලෙඩෙක් නොවේ. නිකන් චාටර් වෙනවා (ම)
ඕක හිතේ ලෙඩක්.නැත්නම් ඔලුවේ ලෙඩක්. (නි)
කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ (ම)
උසාවිය නොමග යැවීමට දඩුවම් නැද්ද (බ)
රටක් වටිනා ජන නායකයෙක් විනාශ කළ පිළිකාවක් මෙයා. (බ)
එයාට එහෙනම් ලෙඩක් නැද්ද? (නි)
මෙයාගේ පන්දම් පාලියෙන් අර සේවයේ තනතුරු වලට හොරෙන් පැන ගත්ත අයටත් දැන් කසන ලෙඩක් හැදිලා තියෙන්නේ ඒත් බෙහෙත් දෙන්න කවුරුත් නැහැ (බ)
මෙයාලා පුදුම අසනීපකාරයොනේ බලනකොට (නි)
මෙයාලට ඇත්තටම කිසිම ලෙඩක් නැහැ. අපිට තමයි රටේ නැති හැම ලෙඩේම තියෙන්නේ (නි)
මෙයාට ඉස්සරත් ඔය කුෂ්ට ලෙඩේ තිබුනා. නිදිකුම්බා තම්බපු වතුරෙනුත් හේදුවා. වැඩක් නැහැ. ලෙඩේ යට යනවා විතරයි. (නදී)
ඔක්කොම බරපතළ රෝග හැදෙන්නේ බන්ධනාගාර ගතකළහමනේ! (නි)
ප්‍රියන්ත ඔබ හරියටම හරි ටික දෙනෙක් බල ඉන්නවා අගෝස්තු දහඅට වෙනකම් (බ)
එයාට තියෙන ලෙඩ වලට බෙහෙත් නැතුව ඇති (නි)
එයා හිරේට යන්න කලින් හමේ රෝග විශේෂඥයෙකුගෙන් බෙහෙත් අරගෙන නැද්ද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් ලෙඩ්ඩු? (නි)
මෙවැනි පුද්ගලයන්ට හමේ රෝග නොහැදී තිබෙන එක ගැන පුදුමත් හිතෙනවා. (නි)
පුදුමයි දොස්තරලා ඇත්ත කියලා තියෙනවා අගය කරනවා (ම)
එයාලට දැන් තියෙන්නේ මානසික ආතතිය. (නි)
වංචා දුෂණ නඩු වලට අසුවන දේශපාලකයන්ට , නොයෙක් වර්ගයේ රෝග සැදෙන්නේ රිමාන්ඩ් කරාම , පුදුම ලෙඩ හැසෙන්නේ , එලියට ආපු ගමන් කිසි රෝගයක් නැහැ (ම)
පේනවනේ බොරුවෙන්ම තමයි ගේම දෙන්න හදන්නේ ! (ම)