රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකරට බැණ තර්ජනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවෙන් ඔහුට රුපියල් 25000ක ඇප නියම විය.

මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ගුණවර්ධන මහතාට පැවසුවේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට භාර දෙන ලෙසයි. සාක්කිකරුවන්ට බලපෑම් නොකරණ ලෙස ද ඔහුට දැන්වීය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති තවත් නඩු දෙකකට රිමාන්ඩ් භාරයේ සිටී.