හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නෑයන් හා මිතුරන්ගෙන් මොහොමඩ් සියාම් ඝාතනයේ සාක්කිකරුවනට බලපෑම් එල්ලවෙතියි රහස් පොලිස් සහකාර අධිකාරි ශානි අබේසේකර මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතාට අද පැමිණිලි කළේය.
නියෝජ්‍ය පොලිස්පති වෙනුනේ පෙනී සිටී ජනාධිපතී නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගුණවර්ධන මහතා රිමාන්ඩ් භාරයේ තැබීමට එක්තරා පාර්ශවයක් කුමන්ත්‍රණය කරන බවයි.ඔහුගේ ඇප අයදුම මහාධිකරණයේ ලබන 20 වැනිදා විභාග වීමට නියමිත බවත් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ෆව්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරලගේ රජයේ සාක්කිකරුවන් වීම පුදුම සහගත බවත් ඔහු කීවේය.
නීතීඥ අජිත් පතිරණ මහතාද වර්ණකුලසුරිය මහතාගේ අදහස් අනුමත කළේය.හය වැනි සැකකරු ප්‍රියන්ත සංජීව වෙනුවෙන් පෙනී සිටි අනුර රණසිංහ මහතා පැවසුයේ රජයේ සාක්කිකරුවකු වන ලෙස කළ ඉල්ලීම සංජීව විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා පවසුයේ මුල්‍ය වාසියක් තකා සැකකරුවන්ට එරෙහිව චෝදනා නොනගන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි විශාල කුමන්ත්‍රණයක් ඇති බව මට සිතේ (නි)
, මට දැන් පෙනෙන විදිහට මේක ඩී.අයි.ජී මහතය අමාරුවේ දමන්න අටවපු උගුලක් (අ)
වාස් මහතා කළ සේවය රටේ ජනතාවත් අමතක කරලද? (නි)
මේක තවත් මුදල් කොන්තත්රුවක් වෙන්න පුළුවන්.(අ)
කාලය සියල්ල විසදාවී. (නි)
රහස් පොලීසියේ ක්‍රියාවලියේ වරදක් නැති බවයි පෙනෙන්නේ.නමුත් වාස් මහත්තයාත් පව් (නි)
මම හිතන්නේ ඩ් අයි ජි මහතාට වෙනත් රටේ මැරකම් හොරකම් නැතුව ඇති මේක පස්සෙන්ම යන්නේ.එකෙත් වාසියක් තියෙනවද දන්නේ නැහැ. (අ)
මෙතුමා කෙසේ වෙතත් නෑයන්ට නම් අපිත් කැමති නැහැ (නි)
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා ලොව ඔබ හිස මත කඩා වටේ.... පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි අද ඔබට එරෙහි වී නැගිටින්නේ.... (නි)
නිල ඇඳුම පාවිච්චිකරලා හැම අපරාධයක්ම යට ගහන්න පුළුවන් කියල මෙයා සහ මෙයාගේ පව්ලේ අය හිතාගෙන හිටියේ මේ පුද්ගලයා නිදහස් වුනොත් ජාතික අපරාධයක් (අ)
කුමන්ත්‍රණ, යටි උගුල්, කරදර, මේ කවුද? මොනවද කරන්නේ? අපට නම් පේනවා. එත් කියන්න කෙනෙක් නැහැ. දෙවියන් බලා ගනීවි.(අ)
කවුරු කොයි විදියට මේක කතාව හැදුවත් . සියලුම දෙනා දන්නවා වාස් ගුනවරදන වාෂ්ප කරපු ජිවිත ගෙන . පුතා කරපු නාටක තාත්තාගේ බලය අතට අරන් . වාස්ගේ පුතාට සාමාන්‍ය පොලිස් නිලදාරීන් අචාර කර ඔහුට ආරක්ෂාව සපයා තියෙනවා . ගින්නක් නොමැතිව දුමක් නගින්නේ නැහැ . වාස් ගේ සුද පෙනුනේ කළුත් තිබ්බ නිසා (අ)
අනේ ද සිල්වා මහත්තයෝ, මේ රට විනාශ වෙලා තියෙන්නේ මිනීමරුවනට, මහත්තය, මහත්තය කියන ඔබ වගේ අය හින්දයි (අ)
අපි අහලා තියෙන්නේ නම් ශානි අබේසේකර මහත්තයාගේ කීර්ති නාමය ගැනයි. (නි)
මිනීමැරීම මෙහෙයවූ අය නඩුවෙන් ගැලවී ගොස් ඇත..මෙම නිදහස්වූ ව්‍යාපරිකයා මුදල් හොඳ හැටි වියදම් කර ඇති බව පෙනේ. (අ)
මේක දැන් දුරදිග යනවා වැඩියි කියලයි මට නම් හිතෙන්නේ (නි)