IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘වාස්ගේ නෑයින්ගෙන් කරදරයි'

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ  නෑයන් හා මිතුරන්ගෙන්  මොහොමඩ් සියාම් ඝාතනයේ සාක්කිකරුවනට බලපෑම් එල්ලවෙතියි රහස් පොලිස් සහකාර අධිකාරි ශානි අබේසේකර මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතාට අද පැමිණිලි කළේය.

නියෝජ්‍ය පොලිස්පති වෙනුනේ පෙනී සිටී ජනාධිපතී නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ  ගුණවර්ධන මහතා රිමාන්ඩ් භාරයේ තැබීමට එක්තරා පාර්ශවයක් කුමන්ත්‍රණය කරන බවයි.ඔහුගේ ඇප අයදුම මහාධිකරණයේ ලබන 20 වැනිදා විභාග වීමට නියමිත බවත්  සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ෆව්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරලගේ රජයේ සාක්කිකරුවන් වීම  පුදුම සහගත බවත් ඔහු කීවේය.

නීතීඥ අජිත් පතිරණ මහතාද වර්ණකුලසුරිය මහතාගේ අදහස් අනුමත කළේය.හය වැනි සැකකරු ප්‍රියන්ත සංජීව වෙනුවෙන් පෙනී සිටි අනුර රණසිංහ මහතා පැවසුයේ රජයේ සාක්කිකරුවකු වන ලෙස කළ ඉල්ලීම සංජීව විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා පවසුයේ මුල්‍ය වාසියක් තකා සැකකරුවන්ට එරෙහිව චෝදනා නොනගන බවයි.

 

 

 



අදහස් (0)

‘වාස්ගේ නෑයින්ගෙන් කරදරයි'

බී. Wednesday, 09 October 2013 08:52 AM

මෙහි විශාල කුමන්ත්‍රණයක් ඇති බව මට සිතේ (නි)

:       0       0

ද සිල්වා Tuesday, 08 October 2013 08:33 PM

, මට දැන් පෙනෙන විදිහට මේක ඩී.අයි.ජී මහතය අමාරුවේ දමන්න අටවපු උගුලක් (අ)

:       0       0

මංජු Wednesday, 09 October 2013 09:58 AM

වාස් මහතා කළ සේවය රටේ ජනතාවත් අමතක කරලද? (නි)

:       0       0

ආරියසේන Tuesday, 08 October 2013 08:58 PM

මේක තවත් මුදල් කොන්තත්රුවක් වෙන්න පුළුවන්.(අ)

:       0       0

පද්මිණි Wednesday, 09 October 2013 10:09 AM

කාලය සියල්ල විසදාවී. (නි)

:       0       0

ජී.එස්.කුමාර Wednesday, 09 October 2013 10:11 AM

රහස් පොලීසියේ ක්‍රියාවලියේ වරදක් නැති බවයි පෙනෙන්නේ.නමුත් වාස් මහත්තයාත් පව් (නි)

:       0       0

ආරියසේන Tuesday, 08 October 2013 09:21 PM

මම හිතන්නේ ඩ් අයි ජි මහතාට වෙනත් රටේ මැරකම් හොරකම් නැතුව ඇති මේක පස්සෙන්ම යන්නේ.එකෙත් වාසියක් තියෙනවද දන්නේ නැහැ. (අ)

:       0       0

සුනෙත් Wednesday, 09 October 2013 10:48 AM

මෙතුමා කෙසේ වෙතත් නෑයන්ට නම් අපිත් කැමති නැහැ (නි)

:       0       0

මොහාන් Wednesday, 09 October 2013 10:54 AM

ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා ලොව ඔබ හිස මත කඩා වටේ.... පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි අද ඔබට එරෙහි වී නැගිටින්නේ.... (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 08 October 2013 10:11 PM

නිල ඇඳුම පාවිච්චිකරලා හැම අපරාධයක්ම යට ගහන්න පුළුවන් කියල මෙයා සහ මෙයාගේ පව්ලේ අය හිතාගෙන හිටියේ මේ පුද්ගලයා නිදහස් වුනොත් ජාතික අපරාධයක් (අ)

:       0       0

ගජමන් Tuesday, 08 October 2013 10:15 PM

කුමන්ත්‍රණ, යටි උගුල්, කරදර, මේ කවුද? මොනවද කරන්නේ? අපට නම් පේනවා. එත් කියන්න කෙනෙක් නැහැ. දෙවියන් බලා ගනීවි.(අ)

:       0       0

මංගල Tuesday, 08 October 2013 10:29 PM

කවුරු කොයි විදියට මේක කතාව හැදුවත් . සියලුම දෙනා දන්නවා වාස් ගුනවරදන වාෂ්ප කරපු ජිවිත ගෙන . පුතා කරපු නාටක තාත්තාගේ බලය අතට අරන් . වාස්ගේ පුතාට සාමාන්‍ය පොලිස් නිලදාරීන් අචාර කර ඔහුට ආරක්ෂාව සපයා තියෙනවා . ගින්නක් නොමැතිව දුමක් නගින්නේ නැහැ . වාස් ගේ සුද පෙනුනේ කළුත් තිබ්බ නිසා (අ)

:       0       0

ගමරාල Tuesday, 08 October 2013 11:55 PM

අනේ ද සිල්වා මහත්තයෝ, මේ රට විනාශ වෙලා තියෙන්නේ මිනීමරුවනට, මහත්තය, මහත්තය කියන ඔබ වගේ අය හින්දයි (අ)

:       0       0

උපාලි Wednesday, 09 October 2013 12:05 AM

අපි අහලා තියෙන්නේ නම් ශානි අබේසේකර මහත්තයාගේ කීර්ති නාමය ගැනයි. (නි)

:       0       0

මාමා අස්ස්මි Wednesday, 09 October 2013 06:09 AM

මිනීමැරීම මෙහෙයවූ අය නඩුවෙන් ගැලවී ගොස් ඇත..මෙම නිදහස්වූ ව්‍යාපරිකයා මුදල් හොඳ හැටි වියදම් කර ඇති බව පෙනේ. (අ)

:       0       0

ශාන් Wednesday, 09 October 2013 08:21 AM

මේක දැන් දුරදිග යනවා වැඩියි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site