මොරටුව තැපැල් කාර්යාලය පිටුපස වැසිකිළි වළක තිබී සොයාගත් බෙදා නොහැරි ලිපි 75000 කට අධික ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල්පති බී ඒ පී රෝහණ අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
‘සොයාගත් ලිපි ගණන දහදාහකට ආසන්නයි. සොයාගත් ලිපි ගණනය කිරිම සහ කටඋත්තර ලබාගැනීම වැනි කටයුතු සිදු කරමින් පවතිනවා. ලිපි මලු සොයාගත් පමණින් නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න බෑ. මෙය රාජ්‍ය ආයතනයක් මෙහි පරික්ෂණ සිදු කෙරෙන ආකාරයක් තිබෙනවා. ඒ අනුව විනිවිදභාවයෙන් යුතුව අදාල කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. සොයාගත් ලිපි අතර අපේක්ෂකයින්ගේ ලිපි 95%ක් තිබු බවටත් සාමාන්‍ය ලිපිත් විදේශිය ලිපිත් දෙක තුනක් තිබු බවටත් අනාවරණය වුණා. මේ සඳහා කඩිනම් පරික්ෂණයක් සිදුකෙරෙමින් පවතිනවා.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත මෙවැනි දේවල් සිදුනොවෙන්නට කටයුතු කළයුතුයි (නි)
මට නම් කිසිම විශ්වාසයක් නැහැ ශ්‍රී ලංකා තැපැල් සේවය ගැන. (නි)
මීට සම්බන්ධ සියල්ලන්ගේම වැඩ තහනම් කරන්න (නි)
ප්‍රථමයෙන්ම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න (නි)
නව තැපැල් ඇමතිතුමනි, ක්‍රියාත්මක වන්න. (නි)
බොහෝ තැපැල් ස්ථානවල අක්‍රමිකතා සිද්ද වෙනවා. අම්පාර තැපැල් කාර්යාලයේත් මෙවැනි දුෂණ වංචා සිද්ධ වෙනවා. එත් ඒ ගැන කවුරුවත් සොයා බලන්නේ නැ.(ම)
රාජ්‍ය සේවයේ කඩාවැටීම (ම)
මේ පැත්තේ තැපැල් කාර්යාලයට අන්යුක්තවත් ඉන්නවා තැපැල්කරුවෙක්. මේ ළඟදි ආවෙ. මිනිහත් ඔය වගේ. එයාට කම්මැලි හිතුනම හරි වැස්ස තිබුණොත් හරි "ලිපිනය සොයාගැනීමට නැත, ගේට්ටුව වසා තිබිණි" වගේ ඒවා ලියලා අරගෙන යනවා. තරුණ ගැහැණු ළමයි ඉන්න ගෙවල් වලට නම් වත්ත ඇතුළටම ගිහින් ලියුම් දෙනවා. තව ටික දවසක් බලලා අපිත් පැමිණිළි කරනවා. (නි)
රාජකාරිය දේවකාරිය ලෙස ඉටු කළ යුතුයි. ලංකාවේ එසේ නොවන්නේ දේශපාලුවෝ නිසා (බ)
මොරටුව තැපැල් කන්තෝරුව ගොඩක් වෙලාවට ලියුම් බෙදන්නේ වැරදි එඩ්රස් වලට.මේක මේගොල්ලෝ කිසිම වගකීමක් නැහැ.මේ ආයතනවල පරිපාලනය පිරිහිලා.මේ ගැන වහාම සොයල බලන්න.නැත්නම් මේ අයව අලුත් පුහුණුවක් කරන්න.අපේ ලියුම් ගොඩක් නැතිවුණා. (බ)
තැපැල් සේවාව වැසිකිළි සේවාවක් වෙලා. ඉදිරියේදී අනිත් සේවාවන් වලටත් ඔය ටික වෙයිද දන්නෙ නැහැ. (නි)
මැදපෙරදිග දුක්මහන්සිවෙලා හම්බකරලා ලියුම් වල දාලා එවන මුදල් පවා මෙහෙම හොරෙන් ගන්නවා ඇති (නි)
පෞද්ගලික ආයතන වලට තරඟකාරී ලෙස ලියුම් බෙදීමට දෙන්න. වෙන රටවල තැපැල් කාර්යාල කියන්නේ වීසා කන්තෝරු වගේ. සමාජයේ ඉතා වගකීමක් දරන ආයතන. මෝඩ දේශපාලකයෝ මේ රට ඉවර කළා. දැන් කොහොම අවිශ්වාසයෙන්ද වැදගත් ලියුමක් පෙට්ටියකට දාන්න වෙන්නේ. (නි)
මේ විසිකරලා තියෙන්නේ චන්ද අපේක්සක දැන්වීම් පත්‍රිකා , ලියුම්. ඒවා බෙදුවත් මිනිස්සු කරන්නේ විසි කරන එක. (ම)
තැපැල් ගාස්තු ගෙවූ ලිපි ලිපි හිමියන්ට නොබෙදා වැසිකිලිවලට බෙදු තැපැල් සේවකයින්ට තදින්ම නිතිය ක්‍රියාත්මක කර තැපැල් සේවය බේරා ගන්න.(ම)