මොරටුව තැපැල් කාර්යාලය පිටුපස වැසිකිළි වළක තිබී සොයාගත් බෙදා නොහැරි ලිපි 75000 කට අධික ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල්පති බී ඒ පී රෝහණ අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
‘සොයාගත් ලිපි ගණන දහදාහකට ආසන්නයි. සොයාගත් ලිපි ගණනය කිරිම සහ කටඋත්තර ලබාගැනීම වැනි කටයුතු සිදු කරමින් පවතිනවා. ලිපි මලු සොයාගත් පමණින් නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න බෑ. මෙය රාජ්‍ය ආයතනයක් මෙහි පරික්ෂණ සිදු කෙරෙන ආකාරයක් තිබෙනවා. ඒ අනුව විනිවිදභාවයෙන් යුතුව අදාල කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. සොයාගත් ලිපි අතර අපේක්ෂකයින්ගේ ලිපි 95%ක් තිබු බවටත් සාමාන්‍ය ලිපිත් විදේශිය ලිපිත් දෙක තුනක් තිබු බවටත් අනාවරණය වුණා. මේ සඳහා කඩිනම් පරික්ෂණයක් සිදුකෙරෙමින් පවතිනවා.‘
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසිකිළි වළේ දැමූ ලිපි ගැන පරීක්ෂණ
විපුල Sunday, 06 September 2015 04:56 PM
නැවත මෙවැනි දේවල් සිදුනොවෙන්නට කටයුතු කළයුතුයි (නි)
ප්‍රියන්ත Sunday, 06 September 2015 05:39 PM
මට නම් කිසිම විශ්වාසයක් නැහැ ශ්‍රී ලංකා තැපැල් සේවය ගැන. (නි)
විකුම් Monday, 07 September 2015 01:28 AM
මීට සම්බන්ධ සියල්ලන්ගේම වැඩ තහනම් කරන්න (නි)
නවරත්න Monday, 07 September 2015 01:31 AM
ප්‍රථමයෙන්ම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න (නි)
සිරි Monday, 07 September 2015 02:56 AM
නව තැපැල් ඇමතිතුමනි, ක්‍රියාත්මක වන්න. (නි)
සිරිපාල Monday, 07 September 2015 03:30 AM
බොහෝ තැපැල් ස්ථානවල අක්‍රමිකතා සිද්ද වෙනවා. අම්පාර තැපැල් කාර්යාලයේත් මෙවැනි දුෂණ වංචා සිද්ධ වෙනවා. එත් ඒ ගැන කවුරුවත් සොයා බලන්නේ නැ.(ම)
දුමින්ද Monday, 07 September 2015 04:08 AM
රාජ්‍ය සේවයේ කඩාවැටීම (ම)
ධම්මි Sunday, 06 September 2015 01:02 PM
මේ පැත්තේ තැපැල් කාර්යාලයට අන්යුක්තවත් ඉන්නවා තැපැල්කරුවෙක්. මේ ළඟදි ආවෙ. මිනිහත් ඔය වගේ. එයාට කම්මැලි හිතුනම හරි වැස්ස තිබුණොත් හරි "ලිපිනය සොයාගැනීමට නැත, ගේට්ටුව වසා තිබිණි" වගේ ඒවා ලියලා අරගෙන යනවා. තරුණ ගැහැණු ළමයි ඉන්න ගෙවල් වලට නම් වත්ත ඇතුළටම ගිහින් ලියුම් දෙනවා. තව ටික දවසක් බලලා අපිත් පැමිණිළි කරනවා. (නි)
වැකෝ Monday, 07 September 2015 04:52 AM
රාජකාරිය දේවකාරිය ලෙස ඉටු කළ යුතුයි. ලංකාවේ එසේ නොවන්නේ දේශපාලුවෝ නිසා (බ)
ලොකුලියන Monday, 07 September 2015 04:54 AM
මොරටුව තැපැල් කන්තෝරුව ගොඩක් වෙලාවට ලියුම් බෙදන්නේ වැරදි එඩ්රස් වලට.මේක මේගොල්ලෝ කිසිම වගකීමක් නැහැ.මේ ආයතනවල පරිපාලනය පිරිහිලා.මේ ගැන වහාම සොයල බලන්න.නැත්නම් මේ අයව අලුත් පුහුණුවක් කරන්න.අපේ ලියුම් ගොඩක් නැතිවුණා. (බ)
ඇසළ Sunday, 06 September 2015 01:49 PM
තැපැල් සේවාව වැසිකිළි සේවාවක් වෙලා. ඉදිරියේදී අනිත් සේවාවන් වලටත් ඔය ටික වෙයිද දන්නෙ නැහැ. (නි)
විකුම් Monday, 07 September 2015 06:02 AM
මැදපෙරදිග දුක්මහන්සිවෙලා හම්බකරලා ලියුම් වල දාලා එවන මුදල් පවා මෙහෙම හොරෙන් ගන්නවා ඇති (නි)
පුෂ්ප Sunday, 06 September 2015 02:07 PM
පෞද්ගලික ආයතන වලට තරඟකාරී ලෙස ලියුම් බෙදීමට දෙන්න. වෙන රටවල තැපැල් කාර්යාල කියන්නේ වීසා කන්තෝරු වගේ. සමාජයේ ඉතා වගකීමක් දරන ආයතන. මෝඩ දේශපාලකයෝ මේ රට ඉවර කළා. දැන් කොහොම අවිශ්වාසයෙන්ද වැදගත් ලියුමක් පෙට්ටියකට දාන්න වෙන්නේ. (නි)
මොරමුදලි Monday, 07 September 2015 06:10 AM
මේ විසිකරලා තියෙන්නේ චන්ද අපේක්සක දැන්වීම් පත්‍රිකා , ලියුම්. ඒවා බෙදුවත් මිනිස්සු කරන්නේ විසි කරන එක. (ම)
ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 04:11 AM
තැපැල් ගාස්තු ගෙවූ ලිපි ලිපි හිමියන්ට නොබෙදා වැසිකිලිවලට බෙදු තැපැල් සේවකයින්ට තදින්ම නිතිය ක්‍රියාත්මක කර තැපැල් සේවය බේරා ගන්න.(ම)