තමුන්නාන්සේලාගෙ වැසිකිලි පිරුණොත් දැන් කොහාටවත් කියන්නෙ නැතිව ළගම ඇති පොලිසියට කියන්නයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පේරාදෙණියෙදී කීවේය.
හිටපු ජනාධිපති වරයා මෙසේ පැවැසුයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රිවරු පිරිසක් සමග පේරාදෙණියේදි පැවැති සුහද හමුවකදීය.
‘පසුගියදා පිහිනුම් තටාකයේ වැලි ටික ගොඩ දාගන්න ඕනෑ වු නිසා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්ම රජයේ වියදමින් එහි වැලි ටික ගොඩ දැමු බවත් සෙරෙප්පුවක් හමුවුණත් ඒක මගේ කියා ඔහු පැවැසුවත් නෑ නෑ ඕක මහින්දගේ සෙරෙප්පුවක් කියා ගෙන ගියා. ඒ අකාරයටම තමුන්නානසේලාගේ වැසිකිලි පිරුනොත් මහින්ද ඇවිත් දෙපාරක් විතර ගියා කියල පොලිසියට කිවුවනම් පොලිසිය ඇවිත් එය නොමිලේම සුද්ද කරන බවත් හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා එහිදි පැවැසිය.
එහි සිටි පලාත් පාලන මන්ත්‍රිවරු එය ඇසු පමණින් පැමිණි සියලුම දෙනා ප්‍රිතිමත් ව අත්පොළසන් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපි මෙයා ගෙන හිතුවේ ගොඩක් සුබවාදී විදියට.දැන් නම් මෙයට වයර් මාරු වෙලා.(හේ)
වැඩක් නැති කතාවක් (කෞ)
මෙතුමා දැන් හොඳටම මානසිකව වැටිලා ඉන්නේ. දැන්වත් ඔය වටේ ඉන්න බංකොලොත්, එල්ලෙන්න තැනක් නැතුව කැරකි කැරකි ඉන්න පිරිස අතහැරලා දාලා, දේශපාලනයට සමු දීලා, ධර්මය කෙරෙහි සිත යොමුකළා නම් හොඳයි. (නි)
ඇමෙරිකානු ජනාදිපති ඔබාමාගේ නම් කිසිම සුදානමක් නැත .නැවත චන්දය ඉල්ලන්න.(කෞ)
මේ වගේ චරිත තේරුම් ගන්න මනෝ විද්‍යාවත් අලුත් කරන්න වෙයි හැබෑට (බ)
ඕනෑවට වඩා යන්තර මන්තර ගුරුකම් පස්සේ යනකොට ඔය වගේ දේවල් වෙනවා. ජීවිතයට කිසිම නිදහසක් නැහැ. මොනතරම් සල්ලි තිබුණත් දැන් වැඩක් නැහැ. හිත සන්සුන් නැහැ. මිත්‍යා විශ්වාස පස්සේ ගියාම වෙන දේවල්. (නි)
මොලේ කචල් (කෞ)
පොලිසිය බාල්දුකරන එක හොද මදි නේද ඔබ තුමා (බ)
මහත්තයෝ පොලිසිය ඔබතුමාට අා පාලන කලේ මොනතරම් ගරු සත්කර කරාද පොලිසියටම ඔබතුම ඔය විදියට කතා කරන එක සුදුසුද ?(හේ)
හොදට තිබුන පොලිසිය වැසිකිලියක් කලෙත් එයාම තමයි .(හේ)
මොනවද මහත්තයෝ මේ කතා? (නි)
දැන් මහින්ද නන්නත්තාර වෙලා නොන්ඩි වෙලා පව් කියල හිතෙනවා (කෞ)
වැසිකිළි පිරුනොත් අපි ඔබතුමාටම කියන්නම්. (නි)
ගඳ ගහන කතාවක්මනේ ඇදල ගන්නේ (කෞ)
වැටිච්ච අලියා පිට ගෙම්බොත් නඟිනවා කියන්නේ නිකන්ද? (නි)
අපි කවදාවත් හිතුවේ නෑ ඔබතුමා ඔය තැනට වැටෙයි කියලා.(හේ)
තියන ටිකත් නැති කරගන්න දඟලන දැඟලිල්ලක් රජා දැන් රාජා වෙලා වගේ (හේ)
වැසිකිලියෙනුත් ගසා කාපු යුගයක් තිබුන.අපිට ඒ යුගය අමතක වෙන්නේ නැහැ.(අ)
බලය නැති වුනාම ඔය වගේ දේවල් වෙනවා.(හේ)
දැන් මහින්ද වැසිකිලි ගැන බැලීමද කරන්නේ ?(හේ)
අනේ! (හේ)
තන්හාව නිසාම තම කාල සීමාව වත් ගෙවාගන්න බැරිවූ මෙතුමා මේ ගෙවන්නේ කල පව් පටිසන් දීමක්ද? නැත්නම් මෙහෙම අනර්ථවත් දේවල් රටවැසියාට ප්‍රකාශ කරයිද?(අ)
දැනුමෙන් අඩු අය කතා කරන්නේ ඕපා දූප. මධ්‍යස්ථ අය කතා කරන්නේ අගයන්. උගත් අය කතා කරන්නේ දැක්මවල් ගැන. ඒ අනුව අපේ දේශපාලකයෝ ඉන්නේ කොහෙද කියලා පේනවා. අප්පුඩි ගැහැවෙ ඇත්තටම මොන සතුටකටද? (නි)
මෙම කතාවෙන් බොහොම පැහැදිලියි වර්තමාන ආණ්ඩුව කොපමණ දුර්වල තත්වයකට පත්වෙලා තියෙනවද කියලා. මෙවැනි කතා ඇසීමෙන් මෙම ආණ්ඩුව ලැජ්ජාවට පත්විය යුතුයි. (නි)
දැන් එයා ඒකට වැටිලා හොඳට නාගන්නවා. සමහරවිට වැසිකිළි සුද්ද කරන්න පොලිසියට පුළුවන් වුණත් මෙයාව සුද්ද කරන්න පුළුවන් වෙන්නේ කාටද? මෙයා දිනෙන් දින පල්ලම් බහිනවා. උඩට එන දවසක් පෙනෙනතෙක් මානයේ නැහැ. (නි)
මිනිහට පිස්සු වගේ..!(හේ)
අපේ රජතුමා වැසිකිලි කතා නොකිය ඉන්නවනම් හොදා..(හේ)
ඔය කතාව දැක්කාම පොලිසිය හිතයි ඉස්සර වගේ කුමාරවරුන්ගේ වැඩ කරනවට වඩා වැසිකිලි හෝදන එක හොඳයි කියලා.(හේ)
අනේ අනේ මහින්ද මහත්තයෝ? (නි)
පේනවනේ ඉතින් මෙයාගේ කතා වල හැටි? (නි)
මම හිතන්නේ මැදමුලන වැසිකිලිය මුලින්ම ගොඩ දාන්න වේවි ....(හේ)
තව ටික කාලයක් යනකොට හොරකම් කරපුවත් කියවෙයිද මන්දා. ඔහොම යමු (නි)
සාරා,මනෝජ්, ඔබ දෙපළගේ අදහස් හොඳටම ගැළපෙනවා. (නි)
හරිම හිරිකිත කතාවක්. (හේ)
එකල සමහරුන්ට වැසිකිළි කියන්නෙත් හොඳ ආදායම් මාර්ග තමයි. (නි)
අපිට මතකයි දැයට කිරුළ වැසිකිළි සිද්ධිය එහෙමත් (නි)
මේ තත්වෙට වැටෙන්න හොඳ නැහැ (කෞ)
දැන්නම් වයර් ලුස් හොඳටෝම ,(කෞ)
අනේ අපිට කොහින්ද වැසිකිලි පුරවන්න තරමට ඩොලර් (හේ)
පොලිසිය බාල්දුකරන ඔබ කොහේ හිටියත් පරාජය එලෙසමයි. (නි)
මහින්ද ඇවිල්ල දෙපාරක් ගියානම් එක සුද්ද කරන එක ට පොලිසිය ට විතරක් බැරි වෙය් මුළු ත්‍රිවිධ හමුදාවම යොදන වෙයි (කෞ)
තමන්ගේ ගරුත්වය තමාම රැකගත යුතුය..කලක් ජනාධිපති නේද අද පිස්සෙක් වගේ උනේ බලය තණ්හාව නිසා .(බ)
අපේ දේශපාලකයන් දෙන උපදෙස් රට තුළ ගැටුම් ඇතිකිරීමට රුකුලකි. කරුණාකර තම තමන් පෞද්ගලිකව හැකිතාක් ගැටුම් වලින් ඈත්වෙන්න. ගැටුම් තුලින් ඇතිවන්නේ පරිහානිය පමණි.(හේ)
දැයට කිරුළේ වැසිකිලි සුද්ද කිරීමට කියල ගහපු ගැහිලි මතක් වෙලා ඇති.(අ)
දැයට කිරුළේ එක වැසිකිලියක් සුද්ද කරන්න රුපියල් 1,20,000 ක් .වැසිකිලි ගැහිල්ලම රුපියල් කෝටි ගානක්.තව කුමට කතාද? (අ)
අපේ හිටපු ජනාධිපති මේ තරම් පහත් තත්වයට පත්වෙලාද කියා දුක සිතෙනවා (නි)
දැන් මහින්ද මහත්තයා වේදිකාවල මොනවද කියන්නේ කියලා එයාවත් දන්නේ නැතුව ඇති.(හේ)
දැන්නම් මොළය හොඳටම පිස්සු වගේ (නි)
තමන්ගේ තත්වය තියාගෙන ඉන්නේ නැතුව ගොඩනඟාගත් ප්‍රතිරූපය විනාශ කරගන්නේ ඇයි? (නි)
බාලයාගෙන් කුසලට සහයක් නැත. එනිසා තනිව විසීම උතුම්ය. පිරිස් පාලනයේ උත්සහ නැතිව වනයේ වෙසෙන මාතාංග ඇතා මෙන් තනිව විසීමම උතුමිය. ---- බුදු වදනට අනුලත වෙන්න මැතිඳුනි.(කෞ)
මේ කතා කියන කෙනා ගැන නෙමෙයි, අත්පොළසන් දීපු අය ගැන දුකයි (නි)
පිස්සුවෙන් වගේ දොඩවන්නේ නැතුව මාස තුන හතරක් කල්පනාවෙන් භාවනායෝගීව ඉන්න. සිල්වත් ගුණවත් භික්ෂුවකගෙන් හරි , ජේසුතුමාගේ ධර්මය හරියට පිළිපදින කතෝලික පුජකතුමෙකුගෙන් හරි වදනක් ලබාගෙන කටයුතු කරන්න. එහෙමත් නැත්නම් පටන් ගන්න පොතක් ලියන්න කළ හොඳ වැඩත් නරක වැඩත් පිළිබඳව. (නි)
ආපසු ඡන්දෙ තියෙනකොට මෙයාලට නියම උත්තරේ ලැබෙයි (නි)
හිටපු ජනපති තුමනි ,මේ රටේ දෙවියෙකු මෙන් මිය යාමට සිටි ඔබතුම ඔය තත්වයට පත් වුයේ ඔබතුම වට සිටි, බලයෙන් උදම්වුවන් සහ අවස්ථාවාදී වන්දි බට්ට බඩගොස්තර කාරයන් නිසාය. නමුත් අද එහි පාඩුව ඔබතුමාටත් වඩා වැඩියෙන් විදින්නේ මේ රටේ සිංහලයන්ය.මතකනේ එදා සමහරුන්ව රජයේ වියදමින් මක්කම යවන්න පොරොන්දු වූ සැටි.(කෞ)
අපෝ මෙයාලා කාපු ජරාව දිහා බැලුවම ලංකාවෙම වැසිකිළි පුරවන්න පුළුවන්. (නි)
රුපියල් කෝටි ගණනින් ලැබෙනවා නම් වැසිකිළිය වුණහම මොකද? (නි)
මේවා නම් පුදුම කතා (නි)
ඒ වුණාට සමන්, සමහර පොලිස්කාරයන් ළඟ වැසිකිළි දුගඳ හමනවනේ. ඔයා දන්නවද අද සියයට අසූවක් හිරගෙදර ඉන්නේ අහිංසකයන් කියලා. (නි)
ඔය කට දැන්වත් වහගත්තොත් හොඳ නැත්ද? කියන්නේ මොනවද, නොකියන්නේ මොනවද කියල දන්නේ නැහැ. (බ)
මහින්ද මොනවා කියවනවද මන්ද ? (හේ)
කොහොමත් මෙයා ඒ කාලේ ඉඳලම මෙහෙම තමයි (නි)
ඇත්තටම ශ්‍රී ලංකාවේ හිටපු අති ගරු ජනාධිපති තුමෙක්ද මේ කතාකරන්නේ? අනේ මෙහෙමත් අවාසනාවක්! (හේ)
මොකද මෙයා නිකම්ම එයාගෙම තත්වය බාල්දු කරගන්න හදන්නේ? ඇයි මෙයා මෙහෙම කතාවක් කියන්න හේතුවුණේ? (නි)
පසුගිය රාජ්‍ය කාලයේ පුරවපු වැසිකිළි වළවල් වල දුගඳ අද අපි උහුලමින් සිටින්නෙමු. ඇත්තටම එය පිරිසිදු කර ගතයුත්තේ මෙතුමා කියන තැනින්මය. වර්තමාන පාලනයෙන්ද මේවා දුගඳ නොඑන ක්‍රමයන්ට පුරවමින් සිටි. ඒවාද දුගඳ හමන දිනයද වැඩි ඈතක නැත. සුපුරුදු දුගඳ ශ්‍රී ලාංකිකයන් අත්හරින්නේද නැත. එය රටට අවේණික වී ඇත. (නි)
වැසිකිළි පිරුනොත් වහාම කාල්ටන් දුරකතනයට දැනුම් දෙන්න වැසිකිලි සොදන්නගේ සංගමය ඔබ දැනුම්දෙනතුරු බලාසිටී (අ)