අඩුපීඩන කලාපය දිවයිනට ගිනිකොණ දෙසින් තවමත් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි බලපෑම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.
අද රාත්‍රී, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඉතා තද ( මි.මී.150 ට වැඩි) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක.
මුහුදු ප්‍රදේශ:
පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.
අද උදැසන 08.30 සිට සවස 05.30 දක්වා පැය 09 තුල ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තාවූ සැලකිය යුතු වර්ෂාපතනයන් : හම්බන්තොට - මිමි 56.7
දිවයින වටා වැසි සහ සුළං
දිවයිනට ගිනිකොන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.
දිවයිනේ බොහෝ පළාත් වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතී. ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි ( මි.මී.150 ට වැඩි) ඇතිවිය හැකිය.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය :26/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
26 |
21 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
25 |
21 |
95 |
90 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
26 |
21 |
95 |
75 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
ගාල්ල |
26 |
21 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
26 |
23 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
23 |
18 |
95 |
85 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
නුවරඑළිය |
17 |
11 |
95 |
85 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
රත්නපුරය |
26 |
21 |
95 |
85 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
ත්‍රීකුණාමළය |
26 |
21 |
95 |
90 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
27 |
22 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැසි සහ තද සුළං තවදුරටත් වර්ධනය වෙයි
සමන්ති Thursday, 25 December 2014 05:12 PM
මේ කාලගුණ සාපය දුරුවෙන්න ලොකු තොවිලයක් කරමු? පිටකොටුවේ පදික වේදිකාවේ පිට නැති කමිස වික්ක අනුරපුරේ හාදයෙක් තමයි කිව්වේ. (නදී)
චන්ද්‍රසිරි Thursday, 25 December 2014 07:25 PM
දවසින් දවස මොන මොන කතා කිවුවත් පීඩාවට පත්වෙන්නේ මහජනතාව (නි)