නිෂ්පාදිත ආහාර පානවල අඩංගු කළ හැකි සීනි ප‍්‍රමාණය පිළිබ`ද නිශ්චිත ප‍්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කඩිනමින් හඳුන්වාදීමට සහ ආහාර නිෂ්පාදන සඳහා යොදාගන්නා අහිතකර රසායන ද්‍රව්‍ය අවම කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ.
අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන ක‍්‍රියාවලියේ නිරත වන ලෙස ද ජනාධිපති කෘෂිකර්මයට සම්බන්ධ පෞද්ගලික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශරීරයට අහිතකර ආහාර රසකාරක මෙරටට ආනයනය කරන ව්‍යාපාරිකයින් සමග වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති ප‍්‍රකාශ කළේය.
දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරුවන සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනත් ගෙනාවට වැඩක් නැ. පනතින් "තේ බොන පුද්ගලයාගේ කැමැත්ත මත සීනි දමා ගැනීමේ" හැකියාව සම්මත වුණාට පාර්ලිමේන්තු තේ එකටත් තාම සීනි දාලමයි දෙන්නේ. (බ)
"අහිතකර රසායන ගෙන්වන වියාපාරිකයන් සමග සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා" කවදාද? 2020දිද ? බොරු බයිලා.වැඩක් කරලා ඉවරවෙලා ඒක ගැන කතා කරන්න ජනපති. අපිට සුරංගනා කතාවල් ඕන නැහැ .(කෞ)