මෙවර යල කන්නයේදී කුඹුරු අක්කර එක්ලක්‍ෂ පනස්දහසක් වස විසෙන් තොරව වගා කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති උපදේශක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
පුලතිසිපුර සේරුනුවර සිට දීඝවාපිය දක්වා කුඹුරු අක්කර ලක්‍ෂයක් සහ අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර සිට මඩකලපුව දක්වා කුඹුරු අක්කර 50,000ක් මෙලෙස වගා කරන බව ද කීහ.
පාරම්පරික සහ වැඩිදියුණු කළ වී වර්ගද වගා කරන බව රතන හිමියෝ කියා සිටියහ.
වස විසෙන් තොරව වගා කිරීමට කැමති ගොවීන්ට මෙම වැඩපිළිවෙල යටතේ ලියාපදිංචි විය හැකි බව කී උන්වහන්සේ මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු sema.gov.lk වෙබ් අඩවියෙන් සහ 011 2426100 දුරකථන අංකයෙන් ලබාගත හැකි බව ද පැවසූහ.
උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා පැවසුවේ විසෙන් තොරව වී වගා කිරීමට කැමති ගොවීන්ට බිත්තර වී මෙන්ම අනෙකුත් පහසුකම දීමටත් එසේ වගා කරන වී රුපියල් 60ක සහතික මිලකට මිලදී ගැනීමටත් රජය සැලසුම් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමුණු, තමන්ගේ නොදෙනුවත්කම ගැන කණගාටුයි. මෙවැනි හාල් 1kg දැන් කඩවල් වල විකුනන්නේ රු 200 - 300 ට. පුලූවන් අය වස විෂ නැතිව කෑම කනවා ගණන කීය වුනත් . රතන හාමුදුරුවන්ට ගොඩක් පින් , මේ වගේ දෙයක් අපේ රටේ කරගෙන යනවට.. ලෝකයේ දියුණු රටවල මේ දේවල් පටන් ගත්තේ මීට ගොඩක් කලින්... (ර)
අමාරුවෙන් හරි මේ වැඩේ කරගන්න පුලුවන්නම් හොදය . මුලින් විරෝධතා තිබ්බත් පස්සට හරියයි. (ර)
හාමුදුරුවනේ වසර 50කට පෙර ආරම්භ කළ යුතුව තිබුන වැඩක් මේක. මේ ව්‍යාපාරය දෙස අප බලා සිටිනවා. (ර)
මෙය සාර්ථක වේවා.(බ)
හොද වැඩක්. අපි සහය දෙමු. (ර)
රට ගැන හිතලා හැමෝම මේක සාර්ථක කර ගන්න උදව් කලොත් ගොඩක් හොඳ ප්‍රතිපලයක් ලැබේවි. (ර)
හොඳ වැඩක්, මේ විදියට වගාකරන සහල් වලට ලෝක වෙළඳපොලේ ඉතා හොඳ මිලක් ලැබෙනවා. (ර)
මේ කරන වැඩේට ඔබ වහන්සේට පින්. මේ ආණ්ඩුව කාලය ඉවර වෙන්න කලින් මේකට නීතිත් ගෙන්නල්ල සම්මත කරගන්න. (ර)
වී ටික රුපියල් 42 ට ගන්න බැරුව දගලන ආණ්ඩුව කොහොමද වී කිලෝව රුපියල් 60 ට ගන්නේ ? මේක ගොවියට දෙන තවත් ලනුවක්ද පොහොර දෙන්න බැරි නිසා ? (ර)
වස විසෙන් තොර වී වගා කිරීමට ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය. (ර)
මේ වැඩේ සාර්ථක වේවා.! (ර)
වැඩේ සාර්ථක වේවායි හදවතින්ම පතනවා (බ)
පරණ වී වර්ග වගා කලොත් අස්වැන්න අඩුවෙනවා. අක්කරයකට බුසල් 60ක් උපරිම ගනී. ඒ වගේම එතකොට දැන් ගන්න අක්කරයක අස්වැන්නෙන් භාගයයි ගන්න පුළුවන්.. මුළු ලංකාවේම මේක කලොත් හාල් වලට ලොකු ඉල්ලුමක් එනවා. හාල්වල මිල නගිනවා. අනිත් අතට හැමෝම මේ හාල්කන්න කැමති නැහැ. ලොකු අක්කර ගානක වවල විකුනගන්ඩ බැරිවුණාම ඒ වගේම ප්‍රශ්නයක් එනවා. අපේ හාල් පිටරටවල විකුනන්ඩ අමාරුයි .සෝඩා බෝතලේ කැඩුව වගේ වැඩ නොකර මේවත් කල්පනා කරලා වැඩ කලොත් හොඳයි. (ර)
කල යුතුව තිබුණු වැඩක්, ඔබ වහන්සේට ජාතියේ ප්‍රනාමය. (ර)
හොඳ වැඩකට අපේ සහය. (ර)
සෙනරත්ගේ දැනුම, වස විස නැති හාල් කිලෝවක දැන් ගාණ දන්නවද ? ඉල්ලුම ගැන දන්නවද? වී කිලෝව 60 නොවේ 90 වට අරගෙන උනත් දෙගුනෙක ලාබෙට විකුනන්න පුළුවන්. (ර)
අපේ රතන බික්ෂුවගේ පස් වැනි ව්යාපෘතියත් සාර්ථක වී ගොවීන්ගේ අත මිට යහමින් පිරී යස ඉසුරෙන් සරු සාර වේවා! (ර)