ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල කිඹුලාවල අක්කර 80ක වගා කළ දේශීය වී වර්ග 21ක අස්වනු නෙළීමේ මංගල්‍යය ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුභ නැකතින් අරැඹීණි.
ගෝඨාභය රාජපක්ෂ කතානායක චමල් රාජපක්ෂ මහත්වරුන් දෑකති ගෙන කුඹුරට බැස මහාසංඝරත්යේ සෙත්පිරිත් සජ්ජායනය මැද මංගල කරල් කැපූහ. තුරු වී, රත්කඳ, තිරිනාරන්, ඇල් වී, මඩනවාළු, ගෝනබරු, සුදු හීනටි, ගොබ හීනැටි, හිනෑටි, සුවදැල්, බාස්මතී, රත්ඇල්, කුරුළුතුඩ, පච්චපෙරුමාල්, මඩනවාලු, කළු හීනටි, වෙදහීනැටි, රන්කහවනු, බාලසුරිය, ඇතුළු දේශීය වී වර්ග 21ක් මෙහි වගාකර තිබුණි. එක බීජ ඇටයෙන් විශාල පඳුරු ප්‍රමාණයක් ලැබෙන දේශීය වී ප්‍රභේදවර්ග රැසක් මෙහි වගා කර ඇත. රසායනික පොහොරවලින් තොරටව දේශීය කාබනික පොහොර යොදා පරිසර හිතකාමි ආකාරයෙන් වගා කර ඇති මෙම කුඹුරුවල අස්වනු නෙලීමෙන් පසු කපාගත් ගස් වී කරල් පාගා, පොළා, හුළංකර, කාටුව හැර මාගලක අතුරා වේලෙන්නට දැමීය.
මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යය සාලින්ද දිසානායක මහතා පැමිණ සිටි අතර ඒ මහතාගේ උපදෙස් මත මෙම කුඹුරු අස්වැද්දූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක්
රෑට හොරන් පොර ගහනවද? (දී)
දකුණු ආසියාවටම සහල් දුන්න අපේ රට වැවු 3000ක් ඇති රටක් අපේ රාජ්‍ය අනුග්‍රහය කෘෂිකර්ම කටුතු වලටම තැන දුන්නොත් අපි ගොඩ. (දී)
වැඩේ නම් නියමයි (දී)
ඇත්ටටම ආඩම්බරයි (දී)
හොද වැඩක්.අපේ දේවල් කාලෙකට පෙර හොරකම් කරපු සුද්දා අද වැජඹෙනවා. මේවා මතු පරපුරට දායාද කරන්න (නි)
ලුම්බිනී කවදත් කිව්වොත් ඔහොම එකක්ම තමයි. දැන් අපි දන්නනවා අදහස් දාන්න කලින්ම මොනවා කියයිද කියලත්.(නදී)
වැඩේ නම් ලස්සනයි. ඒත් කව්ද අප්පේ සෙරෙප්පු දාගෙන කුඹුරට බහින්නේ. අපේ අප්පච්චිලගේ කාලේ නම් සෙරෙප්පු දාගත්ත කෙනෙක් හතර මායිමෙන් යන්නේවත් නැහැ. (නි)
වැඩේ නම් හොදයි.ඒත් අපේ අර රජරට ආසනික් ප්‍රශ්නයට අපි මොකද කරන්නේ? (නි)
දියුණු කරන්න තවත් ඉදිරියටම (දී)
ඉතා අගය කළ යුතු වැඩක්, මෙය අනිත් ප්‍රදේශ වලත් ප්‍රචලිත කරන්න. කෘතීම පොහොර වලට සහනාදාර නොදී කොම්පොස්ට් වලට සහනාදාරයක් දෙන්න. මෙය සෑම වගාවකටම අදාලව කළ හැක. (නි)
අපේ මී මුතුන් මිත්තන් මෙන් අනාගත පරපුරත් නිදුක්,නිරෝගී ,සක්තිමත් පරපුරක් වේවා, ජයවේවා!....... (දී)
වැඩ නම් නියමයි.රටේ හැමතැනම ක්‍රියාත්මක කළා නම් ගොඩක් හොදයි (නි)
සීමා ගමකම ආදර්ශ ගොවිපොළක් දාන්න.මේ වැඩ පිලිවලට පාසල්,විශ්ව විද්‍යාල පන්සල්, පල්ලි, කෝවිල් රෝහල් ආදියත් සම්බන්ද කරගන්න. ගම්වල බොහොම ගෙවතු වල්වැවෙදිලා. පරණ අයට ගොවිතෙන ගෙන දෙනුම තිබුනත් දැන් බොහොමයක් දෙනකුට ඒ දැනුම නැහැ .ගොවි කටයුතුවලට යොමුවන පවුල් ඉන්න ගම්වල පාසල්වල කෘෂිකර්මයට ගුරුවරු නැහැ .පාසල් බිම් නිකන්ම නිකන් මුඩු බිම් වියලුව ආසනේ මෙය ඉතාම හොඳින් දෙක ගත හැකියි. ගෝවි නියාමක වරුන් කාර්යාලවල හිර නොකොට ක්ෂේත්‍රයට යවන්න. (දී)
ඉතාමත් අගේ ඇති වැඩක්. ගෝඨාභය මහත්තයා යුද්ධෙ ඉවරකලා වගේම නගර අලංකරණයත් අපූරුවට කරනවා. දැන් අතගහල තියෙන "දේශීය සහල්" ව්‍යාපෘතියත් "යුද්ධයක්" තමයි. මෙහෙම වස විස නැතුව රසායනික පොහොර නැතුව පිරිසිඳු ගුණදායක සහල් නිපදවද්දි ඒකෙන් පහර වදින්නෙ වස, විස සහ රසායනික පොහොර විකුණන බහුජාතික සමාගම් වලටයි. ඒ සමාගම් වලින් ඕනෑම දෙයක් කරයි මේ ව්‍යායාමය කඩාකප්පල් කරන්ඩ. ඒ නිසා ඉතා පරීක්ෂාකාරීව කලයුතු වැඩක්. අපේ රටේ මිනිසුනට වස, විස නැතුව කන්ඩ දෙන්ඩ වෙහෙසෙන මිනිසුන් නීරෝගී වේවා. දීර්ඝායුෂ ලැබේවා.(අ)
මේක ඉතා හොද වැඩක් නමුත් මේකේ වැඩි මහන්සිය සාලින්ද මහත්තයාගේ .ඔය කරල් කපන අය ජන මාධ්‍ය ඔලුව දාන කට්ටිය. ඒගොල්ල හැමතැනදිම කලේ ජනතාව වපුරපු බීජවල කරල් කපාගත්ත එක තමා (දී)
විකාර.(අ)
මිනිස්සු චන්ද කලේ රවට්ටන්න තමා දන්නේ. වී ඇතුළු සියලුම ධාන්‍ය වර්ග රටෙන් තම ගෙන්නනේ . (දී)
දැන්ද තේරෙන්නේ රසායනික පොහොර නොදම්මම ලැබෙන සහල් වල විස නැහැය කියල. එහාකොට තවමත් කැඩ්මියම් ,අසනික් තියෙන පොහොර ගොවි මහතුන්ට විකුනනවා.එක සාදරණද. රජරට ගොවියා වකුගඩු රෝගයෙන් හෙමින් සැරේ මියයනවා. අගනුවර ලොක්කන්ට එක ගානක්වත් නැහැ.කොච්චර අසාදරණද?. අපි ඔක්කොම මිනිස්සු. (අ)
මෙය තවත් ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබේවා (අ)
අපේ ජනාධිපතිතුමා මුළු රටේම කුබුරුටික වගා කරලා තමයි පස්ස බලන්නේ (දී)
මේ දේ තමයි වෙන්න ඕනි රටට. මුළු රටේම කුබුරු වගාකරන්න ඕනි එක විදියට රටේ ජනතාව එකතුකරගෙන සහයෝගෙන් අලුත් පියවරක් ගන්න ඕනි තරුණ පරපුර නිකරුනේ කාලය කා දමනවා හැමකෙනේක්කෙගේම වග කීමක් තියන රටේ කෘෂි කර්මාන්තය නගසිටිව්න්න ජාතික පනතක් ගෙනල්ල ඒ තුලින් ජනතාව දැනුවත් කරලා ප්‍රයෝගිකව වැඩ කරන්න ඕනි රාජ්‍ය අනග්‍රහය ජනතාවට දීල වගාකළ වැකි බිම් වගාකිරීමට නැවත පනදෙමු !(අ)
මම දැක්ක ලිපියක් කෘෂි අමාත්‍යාන්සෙන් වෛද්‍ය සංගමයේ පාදෙණිය මහත්තයට ලියපු. එකේ තිබුන වස නැති සහල් මුළු දොස්තර පරම්පරාවටම අලෙවි කරනවයි කියල. එතකොට අපිත් මිනිස්සු නොවේද?.අපිට වහ සහල් ,ආණ්ඩුවේ අයට වස නැති සහල්. කොහොමද් වැඩේ. රසායනික ආනයනය නවත්වල දේශීය පොහොර නිෂ්පාදනය කරන්න. අපිට තියෙනවා ප්‍රමිතියෙන් ඉහල ෆොස්ෆය්ට් නිදියක් එප්පාවල. ඒවා බැරිද භාවිතා කරන්න. ප්‍රශ්නේ වෙන්න අතර මැදියට කෙලවෙනවා (අ).
මහින්ද චින්තනයට ජය වේවා !! මුළු රටේම කුබුරු වගා කරන්න මේ විදියට හරිම ලස්සනයි. (දී)
වස විස නැති අනාගතයක් අපෙ දරුවන්ට හිමි වේවී. සුභ මංගලම්. (අ)
මොන වැඩේ කලත් අපේ ගොඩක් පාටකයන් අසුබ වාදීව හිතන්නේ මොකද.මටනම් හිතෙන විධිහට මෙය ඉතා හොඳ වැඩක්. (අ)
හොද වැඩක් (දී)
ඉතා හොඳ වැඩක්. මෙවැනි දේශීය වගාවන් සඳහා අපේ ගොවිජනතාව යොමු කිරීම වැදගත්. ඒවගේම යම්යම් සහනත් ලබදුන්නනම් තම හොඳ. එවිට ගොවියත් දිරිමත් වෙනවා. (අ)
වැඩේ නම් ගොඩක්ම හොදි.ආදර්ශමත්.එත් මේ චමල් මහත්තය ගොයම් කෙටිය අල්ලන විදියෙන් පෙන්නේ වැඩේට නුපුරුදු බැවි නේද? (අ)
වපුරන්නේ කන්. පල ගන්නේ කෙනක් (දී)
කරල් පැහිල තියෙන්නේ යස අගේට ! ජයවේවා (අ)
වස විස නැති මෙමෙ කර්තව්‍ය අලුත් අරබුමක් ඉතාම වටිනා රටට අලුත් පියවරක් මෙය තවත් ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබේවා (අ)
රූපා, සුම මංගලම් ඒ අයට ,අපිට නොවේ. බහුතරයක් ජනතාව වන අපිට අවමන්ගලම්!. තරහ වෙන්න එපා. මම කිව්වේ හිතේ වේදනාවට. ඔය අස්වැන්න ඔබටත් මටත් ලැබේවිද?. ඕකට කරන්න තයෙන්නේ මුළු ලංකාවටම ඔය විදිහේ වී වගාකරන්න ඕනේ.එතකොට මනම කියන්නම් හැමටම සුබ මංගලම් කියල. (අ)
මේ පින්තුරු දැක්කම මට මතක් වෙන්නේ ඩඩ්ලි හාමුව.(දී)
මේ වැඩේට හරියටම රජය අනුග්‍රහය දැකුවවොත් මුළු රටටම සහල් නිපද වන්න පුළුවන් (දී)
ලංකවේ කොච්චර කුබුරු තියනවද පුරන් වෙලා කළුතර ගම්පහ කුරුණෑගල නැගෙනහිර මාතර මේක තමයි රටේ සල්ලි කිසිම රජයක් මේදේට හරියට අනුග්‍රාහය දැක්කුවේ නැහැ පිට රටින් සහල් ගෙන්න උත්සහ කෙරුවේ ලංකාවේ ඉන්න ගොවියාවරැකල, කිරිගොවිය රැකල දෙසිය ආර්ථිකය නගා සිටවන්න පලුවන් මේ දේවල් වලට අවශ වනේ හරි නායකත්වය මුලිකත්වය මග පෙන්වීම දැනුවත් කිරීම්. චීනයේ විතරක් මිලියන 296 කෘෂි කර්මාන්තයේ යෙදෙනවා රජයෙන් සහයෝගය ලබාදෙනවා ඉන්දියාවේත් එහෙමයි කාලය නාස්ති නොකර රටට වැඩක් කිරීම තරුණ පරපුරේ වගකීමක් (අ)
අනේ මේ කොළබට කිට්ටු පැත්තක් නේද? අක්කර 80 වක් ? කොචචරනම් වටින ඉඩමක්ද? (දී)
රෝහණ,මම හිතන්නේ නැහැ මේ කාර්යයට කිසි කෙනෙක් විරුද්ධයි කියලා.අපි ඉහළින් අගය කළ යුතු දෙයක්. මේක හොද ආදර්ශයක්. මේකේ නියම පලදාව ගන්න ඕනෑ නම් දේශීය පොහොර භාවිතා කරන්න අපේ ගොවි මතතුන්ට දිරිය දෙන්න ඕනෑ.සහමුලින්ම ආසනික් අඩංගු පලිබෝධනාශක සහ අනිකුත් විස රසායනික පොහොර ආනයනය නවත්වන්න ඕනෑ. එහාකොට අපි හැමෝටම හොද හාලක් වගේම වකුගඩු රෝගෙනුත් බේරගන්න පුළුවන්. (නි)
ඇත්තෙන්ම හොද දෙයක්.මේක ලංකාව පුරාම ව්‍යාප්ත කරලා හෙට දවස වස විසෙන් තොර බතක් කන්නට අප සැමට ලැබේවා!(නදී)
ඉතාමත් රසවත් සහල් වර්ග වීම සහ රසායනික පොහොර නොමැති නිසා ගුණවත් බත් වේලක් කෑමට පෙර සිටි අපේ මුතුන් මිත්තන්ට මෙන්ම අපටද වාසනාව උදා වේගෙන එන හැඩයි. පවතින රජයට ජය වේවා ! (දී)
අපේ ශ්‍රී ලංකාව වැවු 3000ක් ඇති රටක්. අමතක කරන්නෙපා ලොකේ කොයි රටක්ද මෙහෙම ලස්සන සශ්‍රීක. අපේ රටේ අගය දන්නේ නැති අමන අය නොදන්නා කමට කියන ඒවාට අනුකම්ප කෙරන්න ඕනේ. (අ)
අනේ බලන්නොකෝ අර මොඩ් කොල්ලෝ සිනිදු පා වලින් ගොයම් පාගන හැටි.(අ)
අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර පැති වල වැඩ කරන මිනිස්සුන්ට මේවා විහිළු (නි)
කෝ ටිකිරි මැණිකේ ඇඹුල අරන් ඇවිල්ලා නැද්ද? (ස)
කට සෙලවීමට හැකි අත සෙලවූවොතින් තමයි ! (අ)
නියමයි. අපිට ඕනෑම දේවල්... ජයවේවා! (නි)
නියමයි, කෝ මගේ ප්‍රියතම සම්බා? (දී)
කවුරු කොහොම මොනවා කිවුවත් වැඩේ හොදයි,ආදර්ශමත්. ඔය පටන් ගැන්මයි. ඉදිරියටම යමු (නි)
මීට වඩා කරන්න දේ තිබෙනවා. (නි)
පොහොර ගත්තේ සහනදාරේ පොලිමේ ඉදලද (අ)
අපේ සහෝදර පරපුරට දෙයියනේ කියලා වසවිස නැති බත් ටිකක් කන්න පුළුවනි (නි)
ආදර්ශවත් වැඩක් කරල තියෙන්නේ.උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා (අ)
මේ ක්‍රමය මුළු ලංකාවටම ව්‍යාප්ත කරන්න හැමෝටම වස විස නැති සහල් ලැබෙන විදියට.(අ)
ගොවියා රජ කළහැක්කේ ඒ විදිහට තැන දීමෙන් පමණි. ගොවියාට අයිති දේ ගොවියාට දිය යුතුයි. (නි)
මේ කුඹුරේ හරියට සර්පයෝ ඉන්නවලු (නි)
රන්වන් වී කරලින්.. පැසිලා., නැමිලා.,බර විලා !!!! පැල වැවිලා ..,රමණි සෝබා..,කෙත් වතු පිරිලා සාරා !!!! හෝ කෙත් වතු පිරිලා සාරා !!!!! අපේ දෙයක් ., අපේ කමක් හිතට දැනෙනවා!! මැතිදුනි!..,ඔබට යෝද බල.., යෝද ශක්තිය .., ''ලැබේවා'' (අ)
පාවහන් ගලවලා කුබුරට බැස්සනම් තමා ගොඩක් හොද (අ)
හුගක් රටවල් තහනම් කරපු කෘමිනාශක අපේ රටේ තහනම් නොකිරීම නිසා මුළු රජරටම වකුගඩු රෝගයට ගොදුරුවෙලා. දැන් වයඹටත් පැතිරිලා. මුලින්ම ඒවා තහනම් කරන්න ඕනෑ.ඒක කරන්න බැරිකමක් නැහැ.අත්හදා බල බලා ඉන්න කාලයක් අපිට ඉතුරුවෙලා නැහැ (නි)
මෙහෙම තමයි වී වැව්වේ පොර සමාගම් රටට ඇවිත් බලපෑම් කරන්න ඉස්සර , ආපහු යන්න පුළුවන් නිලධාරීන් හරියට වැඩ කරනවා නම්. ( අනිත් බීජත් ලංකාවේ හදන්න ඕනේ GM නැතුව. සොයා, අල, ළූණු එළවලු වගේ ඒවා පිරිසිදුව වවන්න ඕනේ ජාතිය බේරා ගන්න ඕනේ නම්. ඉස්කෝල වල විශ්වවිද්‍යාල වල මේ විෂය උගන්නන්න ඕනේ ශාස්තය ආරක්ෂා වෙන්න නම්. (අ)
ලෝකෙට පරකාසේ නැතිව අපේ ගොවියන්ට ඔයදෙවල් පුරුදු පුහුණු කරන්න. (අ)
කොළඹ ලස්සන කරලා 'ඕලන්ද රෝහලේ', 'රේස් කෝස්' එකේ දාලතියෙන ආපන ශාලා වලින් සාමාන්‍ය ජනතාවට ඇති පමණ ලාබෙට කන්න පුළුවන්. (අ)
ප්‍රීතිමත් ආරංචියක් ,මෙවැනි හාල් පිටිවලින් නොයෙක් පෝෂ්‍යදායක ආහාර සාදාගෙන එවාප්‍රචලිත කර ගොවියාත් මහා ජනයාත් රැක ගමු. (අ)
ලංකාවේ හැම කුබුරක්ම මේ විදියට වග කරමු !!! වසර දෙකක් ඇතුලත මේ වැඩේ කරන්න පුලුවන්නම් හරිම හොදයි ලංකාවේ හැමෝම සහයෝග ලබා දෙනවා පිටරට ඉන්න ලාංකිකයෝ මුදල් වලින් රටට ආදර කරන්න අඩුම රපියල් 100 කින් රට ගොඩනගන්න ගිණුමක් අරබල මේ දේ පටන්ගමු ඉක්මනට රටේ ඉන්න බහල මහලු ජනතාව එකතුකරගෙන වැඩේට බහිමු එක ශ්‍රී ලාංකීය රජයක් යටතේ එකා වගේ වැඩකරමු කාලය නාස්ති නොකර මේදේට රජයේ සේවකයන් විශ්වවිද්‍යාල සිසුන් පාසල් සිසුන් යුද හමුදාව පොලිසිය සියලුම ජනකොටස් එකතුකරගන්න පලුවන් පිටරට ඉන්න අපේ සහෝදර වරු මුදලින් ආදර කරන්න කෘෂිකරම අමත්‍යසය තාක්ෂණික සහය ලබාදෙන්න සැලසුම් කරලා වැඩකර රට ගොඩ නගමු (අ)
චමල් රාජපක්ස මහත්තය ඉතින් කොහොමත් අපේ ගොවියක් අඩුපාඩුවක් තියනවා ඇබුල නැහැ මතකද ඩුයින්ගම් කතාව එකත් ටික්කක් මතක් වනවා .මොකද කලිසම් ඇදපු කට්ටියක් ඉන්නවා . (අ)
කවුරු මොනවා කිවුවත් රාජපක්ෂලා රටට ලොකු වාසනාවක්, මේ මිනිස්සු නැත්නම් අපිට අද රටක් නැහැ (නි)
අම්බරුවෝ නම් ඔය ඕනෑ තරම් ඉන්නේ... වැඩේ නම් හොඳයි සද්භාවයෙන් කළා නම්. (නි)
ඔන්න වැඩ. හැමෝටම සුබ අනාගතයක් (අ)
හොඳ දේ කවුරු කලත් හොද මැ.මේවා නේ රටේ විය යුත්තේ නිකන් වැලිවේරිය වගේ තකතීරු වැඩ නොකර.මගේ රටට ත්‍රිවිද රත්නයේ පිහිටයි (අ)
මිනිස්සුන්ගේ ප්‍රතිචාර දැක්කම හිතෙන්නේ ශ්‍රී ලාංකිකයන් 36% විතර නොමිනිස්සු කියලා. හොද වැඩක් අගය කරන්න දන්නේ නැහැ. (නි)
මේවා තමා චින්ටනේ කිව්වේ.නුමුත් කලේ නෑ.කලානම් රට ගොඩ.දැන් මේ තදියම මොකද එකපාරටම?තව ටික දවසකින් පොහොර තියා පාන් කින්නවත් සල්ලි නැහැ.හොඳ වැඩ හොඳි.නමුත් සෙරෙප්පු,සපත්තු දාගෙන වේලට බහින එක නම් හොඳ මදි .දීසපලුවෝ නඩත්තුව ඉස්සර වගේ නිලධාරීන්ට වැඩකටයුතු කරගෙන යන්න සහය විතරක් දෙන්න.බල්ලාගේ වැදී බූරුවා කරන්න ගියාම හිටිතැනම ලොප් වෙනවා.අපිට මතකයි සපත්තු දාගෙන කුඹුරට බැහැපු කට්ටිය ඉස්සරත්. (අ)
අතිගරු සාලින්ද දිසානායක ඇමතිතුමාගේ කිට්ටු හිතවතෙන් හැටියට මම එතුමාගේ වස විෂ නැති වී වගාව ගැන දැනගත්තේ මීට වසර කීපයකට පෙර.එතුමා ආසියාවේ වී වගාව පිළිබඳ වැඩිම අස්වැන්නක් ලැබූ වී වගාවක් කළ කෙනෙකුට ලැබෙන ජාත්‍යන්තර සම්මානයකුත් ලැබුන කෙනෙක්.අවංක අරමුණක් ඇතිව වී වගාව පිළිබඳව විශාල කැපවීමක් කළ සහ කරන ලංකාවේ සිටින එකම දේශපාලකයා ලෙස මට වගකීමකින් කිව හැක. මා ඊයේ සෙනසුරාදා කුරුණෑගල එතුමාගේ ගෙදර ගිය අවස්ථාවේ එම මැතිනිය මා හට කියා සිටියේ දහසක් වැඩ තියෙද්දී මෙම කර්තව්‍යයට කොළඹ ගිය වගය.මට ඇති එකම කනගාටුව ඇයි මෙවැනි අවංක , විෂය දන්නා, රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ඇති වටිනා පුද්ගලයෙක්ගෙන් ශ්‍රි ලංකාව ප්‍රයෝජන නොගන්නේ.මෙම ලිපිය මා වගකීමකින් ලිවුවේ. දේශපාලන වශයෙන් නොවේ,මන්දයත් මා විදේශිකයෙක් වන බැවිනි. (නි)
සාලින්ද දිසානායක ඇමතිතුමා මෙම කර්තව්‍යය කර තම කැපවීම පෙන්නුවා. ප්‍රශංශනීයයි. (නි)
ලොක්කා වැඩෙනමි කදිමයි නමුත් අපි පාවහන් දාගෙන කුඹුරට බහින්නේ නෑ බත්පතට ගරැකරන අපි ගොවියෝ (අ)
මොන දේ කළත් නරකට දකින කට්ටිය දැන් ලංකාවේ වැඩි වෙලා (නි)
අර ඉස්සරහින් යන කෙනා නම් සරම කැහැපොට ගහගෙන නියර දිගේ යන්න දන්නවා. (නි)
ෆ්‍රෑන්ක්, ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියන තැන නොවේ. එය යන දේශපාලන පීල්ල. (නි)
සීල, ඔතන තිබුනේ අවුරුදු ගණනාවක් අස්වෙද්දුවේ නැති ගොහොරු මද වගුරක්. අවට අලංකාර කරලා කුඹුර අස්වැද්දුවේ ගෝඨාභය මහත්තයා . මමත් ඉන්නේ ඒ හරියේ තමා. කුහක කමට කතා කරන්න එපා. කොළඹ නගර සභාව පසුගිය අවුරුදු 30 තුල මොනවා කලාද. රජයක් මේදේට හරියට අනුග්‍රාහය දැක්කුවේ නැහැ මෙහෙම හොඳ වැඩ කරන ඒ අයට ත් සුබ මංගලම් වේවා. එක අහන්න දෙයක්නැහැ. ඔබ දන්නේ නැද්ද දැන් අපේ රට සහලින් ස්වාම්පෝෂණය වෙලා කියල.ඒ ගෞරවය රජයට සහ රාජපක්ෂ පරපුරට තමා. ඔබත් සතුටු වෙන්න නියම ශ්‍රී ලාංකිකයෙක් විදියට. පාට කන්නාඩි ගලවල නියම ඇස දෙකින් ගිහිල්ලාම බලන්න. (අ)
අනේද කියන්නේ! අපි ඉතින් බලා ඉන්නවා මෙතේ බුදුන් වඩින තුරා (නි)
ලංකාව නගසිටවන්නනම් මේ පටන් ගත්ත වැඩේ මුළු ලංකාවේම කරගෙන යන්න කෘෂි කර්මාන්තය දියුණු කරන එක පවතින රජයේ වගකීම තරුණ ශ්‍රමය ප්‍රයෝජනයට අරගෙන රට හරි මගට ගන්න ලංකාවේ තිබෙන සම්පත් කිසිම රජයක් හරියට ප්‍රයෝජනයට ගත්තේ නැහැ වගා කළහැකි හැම බිම් අගලක්ම වගාකරන්න පාසැල තුලින් මේ දේ කරගෙනෙන්න ඕනි හැම වසරකම සමන්‍ය පෙළ,උසස් පෙළ කරලා ළමයි මාස ගනම් නිකන් ගෙදරරට වෙලා ඉන්නවා ඒ දේ රටේ යහපතට යොදා ගන්න ඕනි ශ්‍රමය කලානාකර්ණය කරනවනම් ඕක තමයි මුලිකම දේ ජාතික දනය ඉතිරිකරගෙන රටට යහපතක් කරමු සැමට ජය !!! (අ)
රට ගොඩ ගොඩ ගන්න හැම දෙනාම මේ විදියට වැඩකරමු මුළු ලංකාවේම කුඹුරු අස්වද්දමු එකම විදියට පිටරට සහල් අපිට ඕනි නැහැ (අ)
බොහොම හොද පියවරක්. ජය වේවා! (අ)
සම්පුර්ණ ශ්‍රී ලංකාවේම මේ වැඩේ කරගෙනයන්න රජයට සක්තිය ලැබේව !!! වගා කල හැකි හැම බිම් අගලක්ම වගකර්මු එය පිට කල හැකයි (අ)
රනිල් හිටියනම් ඇඹුල වෙනුවට චුයින්ගම් දෙන්නවත් මෙහෙම කරයිද ලබන සැරෙ කොළඹ නගර සභාවත් අලි එලවනවා. සොරිම තමා.බලන්න ඔය හරියේ අර සතෝස කාපු අයවත් ඉන්නවාද කියල. (අ)
යුද හමුදාවන් සම්පුර්ණ සහයෝග ඇතිව මුළු ලංකාවේම මේ විදියට වගා කරමු හැම කුඹුරක්ම ගාල්ල මාතර කළුතර කොළම ගම්පහ උතුර දකුණ නැගෙනහිර කරුණෑගල නුවර මෙතනින් පටන් ගත්ත වැඩේ නවතන්න එපා වසර දෙකක් අතුලතා රටේම වවමු (අ)
රූපා, ඕවා ගණන් ගන්න එපා. සමහර අයට ඊර්ෂ්‍යයි. දුකයි (නි)
එයාලා මේවා කයි, අපි???? (නි)
ඔබතුමාගේ මේ වැඩේ නම් 100% අනුමත කරනවා මම (දී)
සමහර අය මේ කරන හොඳ නොවෛ දකින්නේ. සපත්තු දෙකක වැරද්දක්. අනේ මන්ද මේ මිනිස්සු කවද නිවැරිදිව දකියිද කියල. පක්ෂ පාට නැතිව හොඳ දෙයට හොඳ කියන්න. කොළඹ නගර සභාවේ එජාප මන්තරී ව රු ගෝඨාභය මහත්තයා අගය කරලා සම්මානයක් පවා දුන්න. (අ)
මේ සියල්ල දේශපාලන ප්‍රචාරක වැඩ පමණි. (දී)
මේක අපට දැනෙන පුවතක් වුනේ අපේකම වෙනුවට පරදෙෂක්කරයන්ගේ සියලු දේවල් අපි පසුගිය දශක තුන තුල වැළඳගත් නිසා.අපේ දේශීය කෘෂි ආර්ථිකය යලි මේ විදියට ගොඩනැගුවොත් එක තමා ආසියාවේ ආශ්චර්ය. (අ)
හෙළ ජාතික අබිමානේ (දී)
යමක් දෙස බලා එහි කියවෙන පණිවිඩය ඇති වැදගත් කම වෙනුවට කොහේදෝ නැති, නොගැලපෙන බහු භූත සමහර අදහස් අප නෙත් සිත් අදුරු කරයි. (අ)
රජයට ජයවේවා
මේ වැඩේ හොද වැඩක් නමුත් චන්දෙ කාලේ එනකල්ම හිටියාද මේවා කරන්න (දී)
ඔබතුමාගේ වැඩේ නම් බොහොම හොද වැඩක් ඇත්තමයි (දී)
හොද වැඩක් උනාම ඒ වැඩේ හොදයි කියලා කට ඇරලා කියන්න බැරිද (දී)
බාස්මති දේශීය ද? දන්නේ නැති නිසයි අහන්නේ. ජය වේවා! (නි)
රටේ හැම සම්පතකින්ම ප්‍රයෝජනයක් ගනිමු (දී)
ප්‍රසන්සනීයයි ! (දී)