මහ වැස්සත් සමග පානදුර දුම්රිය සංඥා පද්ධති ක්‍රියා විරහිතවීම නිසා පානදුර නගරයේ හා අවට අතුරු මාර්ගවල දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි නගර වැසියෝ කියති.
භූගත දුම්රිය උපකරණ වැසිවතුරින් යටවීම ඊට හේතුව විය හැකි බව දුම්රිය සේවකයෝ කියති.
මහ වැස්සත් සමග පානදුර දුම්රිය සංඥා පද්ධති ක්‍රියා විරහිතවීම නිසා පානදුර නගරයේ හා අවට අතුරු මාර්ගවල දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි නගර වැසියෝ කියති.
භූගත දුම්රිය උපකරණ වැසිවතුරින් යටවීම ඊට හේතුව විය හැකි බව දුම්රිය සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දුම්රිය සංඥා පද්ධති ක්‍රියා විරහිතවීම නිසා අතුරු මාර්ගවල කොහොමද වාහන තදබදයක් ඇති වුණෙ? (අ)
දැන්වත් ලංකාවට අලුතින් දුම්රිය ගෙන්වන්න කලින් මේ තියන දුම්රිය සංඥා පද්ධති ඉවත්කරලා අලුතෙන් ඒවා දාන්න.එතකොට පරණ දුම්රිය වුණත් වෙලාවට වැඩ කරයි. (නි)
සුද්දා හදපු පද්ධති තාම දුවන එකත් ලොකු දෙයක්. ඕවා ඔහොමම කැඩිලා හරි අලුතින් හදනවා නම් ඊටත් වඩා ලොකු දෙයක්. (නි)
මෙහෙම ගියොත් දුම්රියත් කාන්තාර වලට පමණක් යොදවන්න වෙයි (නි)
අර පරණ කේබල් ක්‍රමය මීටවඩා විශ්වාසයි (නි)
රොෂාන් ඔය ටිකිරි මොලෙන් පොඩ්ඩක් හිතල බලනවකෝ, දුම්රිය හදිසියේ නවත්වන්න වුනාම හරස් පාරක් එක්ක තියෙන තැනක වුණත් නවත්වන්න වෙනවනේ . එතකොට ඉතින් ඒ පාර වැහුවා හා සමානයි දුම්රිය එතනින් යනතුරුම . එහෙම එක පාරක් වුණත් වැහුනොත් ඉතින් අහල පහල තියෙන අතුරුපාරවල් විකල්ප මාර්ග හැටියට යොදා ගන්න වෙනවනේ., අන්න එතකොට තමයි ලොකු වාහන තදබදයක් ඇතිවෙන්නේ . (අ)
වහින්න ගත්තහමත් මදි නොකියන්න වහිනවා. ආමර් විදියේ මේ දවස්වල බෝට්ටු පදින්නත් පුළුවන් ඇති. (නි)
රොෂාන්,මෝඩ කතා කියන්නේ නැතුව වැදගත් දෙයක් කියන්න (නි)
වැස්සත් නැතත් පානදුර දුම්රිය ස්ථානය ළඟ හරස් පාරවල් දෙකේම බොහෝ වෙලාවට විශාල තදබදයක් තියෙනවා. ඒකට හේතුවෙන්නෙ අනවශ්‍ය විදියට රේල් ගේට්ටුව වහල තියෙන එකයි. කොළඹ පැත්තෙන් ආවත්, කළුතර පැත්තෙන් ආවත්, කෝච්චියක් දුම්රිය ස්ථානයට එන්න විනාඩි 4 කට කලින් රේල් ගේට්ටුව වැහෙනවා.ඒක සෑහෙන වැඩි කාලයක්. හිතන්න කොළඹ පැත්තෙන් එන දුම්රියක් ස්ටේෂන් එකට එන්න කලින් විනාඩි 4 කුයි, නවත්තල ආයේ අද්දන්න විනාඩි 2ක් විතරයි ගියාම ඔක්කොම විනාඩි 6 ක් විතර වාහන යන්න බෑ. උදේටයි හවසටයි එක පෙලට කෝච්චි එනකොට සමහර වෙලාවට එකදිගට විනාඩි 15-20 විතර හරස්පාර වහන වෙලාවල් තියෙනවා. ඒක නිසා කොම්පඤ්ඤවීදියෙ වගේ වාහන ධාවනයට අඩුම බාධාවක් වෙන විදියට පානදුරෙත් රේල් ගේට්ටුවල වැහෙන කාලය සකස් කරනවනම් බොහොම හොඳයි. (බ)
වැස්සට මරදාන කොටුව තාම යට වුනේ නැද්ද? (හේ)
දැනට මෙහෙම නම් විදුලි දුම්රිය දැම්මොත් කොහොමට හිටිවිද? (නි)