මාලබේ තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායක ශිෂ්‍යයාට පහරදුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
ඔහු රිමාන්ඩ් භාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුවකු වන ඔහුගේ පුත් රවිඳු හෝ සෙසු සැකකරුවෝ උසාවියට ඉදිරිපත් කරනු නොලැබූහ.
රවිඳු ඉදිරිපත් කරන ලෙස දන්වා තිබියදීත් ඉදිරිපත් නොකළේ ඇයිදැයි කරුණු කීමට ලබන 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත් බන්ධනාගාර අධිකාරීට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ආචාර්යතුමාටත් දවසක මේ දේම වෙනවා(දිල්)
මල්ලි මේ, තිත්යාගේ වාරේ (දී)
වාස් මහතාට එරෙහිව අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවද කියා මට සිතේ. මන්ද මොහු පාතාල ලොක්කන් ,ලොකුම කුඩ්ඩන් විනාස කරපු නිසා .සල්ලි වලට නොහැක්කක් නොමැත (අ)
දැන් වෙන්න ඇති එයා ඔය වැඩේට සම්බන්ධයි කියලා දැනගන්න ඇත්තේ. අනේ අපි වගේ මෝඩයෝ ....? (නි)
බලය අතිකාලේ වගේ නොවේ දැන්
වාස්ට එරෙහිව ක්‍රියාත්මක වන අදිසි හස්තය කුමක්ද...? (නි)
මෙහි අවසානය කොතැනද? (නි)
මෙතුමා බලයේ සිටියදී මෙම වැරදි ඉදිරිපත් කරන්න කිසිවෙකුට නොහැකි වුණා. දැන් එක දිගටම වැරදි පෙළක්...? (නි)
තරාතිරම නොබලා දඩුවම් දෙන්න (අ)
වාස් මහත්ටයව කට්ටියට මෙච්චරම් එපා උනාද (ත)
මේ නිකම්ම නිකන් වාස් නෙමෙයි...හිටපු ඩී අයි ජී කෙනෙක්. කුඩු කාරයෝ අද බඩ පිනුම් ගහනවා. ජනාධිපති තුමනි.ජාතියේ පියාණනි, කේ.පි ල , කරුණා අම්මාන්ල විතරක් නෙමේ.. මේ රටේ වටින මිනිස්සු ලක්ෂ ගණනක් මරපු අය අද නිදැල්ලේ නේද . නමුත් වාස් ඒ තරම්ම වරදක් කරලාද? මේ සිදු වෙන සිදු වීම දෙස අපි බල සිටිමු . (ත)
සරත්,නුඹ ගැන මම හොදින් දන්නවා (නි)