දකුණු පළාත් නව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද උදේ වැඩ භාර ගත්තේය.
ඔහු මුලින්ම කළේ හිටපු ආණ්ඩුකාවරිය වූ කුමාරි බාලසුරිය මහත්මිය විසින් වසා දැමුණු ඉහළ ඩික්සන් පාරේ කොටසක් යළි විවෘත කරන ලෙස ගාලු නගර සභාවට නියෝග කිරීමයි.
බාලසුරිය මහත්මිය එම පාර වසා දමා ඇත්තේ එම පාර ආණ්ඩුකාර කාර්යාල භූමියට අයත් ප්‍රදේශයක් ඔස්සේ වැටී ඇති නිසා යැයි කියා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල්, ගීයක් කියාගෙන ඔයා ඉන්න. මහජනතාවට සහනයක් වෙනදෙයක් ජනතාව දැනගත්තම මොකද? (හේ)
දැන් මේ රටේ පාරවල් වහගෙන ඉදලා මොනවා කරන්නද?(හේ)
පෙනෙනවා නේද මේ අය බලය පාවිච්චි කරලා තියන හැටි. තමන්ට ඕන ඕන හැටියට පාරවල් වහන්න අරින්න .අඩුම තරමින් ආණ්ඩුකාරවරයා කියන්නේ මහජන ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයෙක්වත් නොවී ජනතාවට බලපාන කරුණු කෙරෙහි තමන්ට හිතුණු හිතුණු ආකාරයට කටයුතු කිරීම කොතරම් හිතුවක්කාර අන්තොමතික කටයුත්තක් දැයි මොවුන්ට නොතේරීමට හේතුව වන්නේ තමන්ට ලැබුණු බලයෙන් ඔවුන් උඩගු වී ඇති නිසා විය යුතුයි. (දිල්)
ඔව් ප්‍රශ්නයක් නැහැ.දැන් දෙගොල්ලොම එකනේ. ආරක්ෂාව අවශ්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණයි.(දිල්)
ඔව්. එක ඇත්ත. කරපු හොරකම් වලට ගොඩක් ආරක්ෂා වෙන්න ඕන නම් තමයි.(දිල්)
පාරවල් නිකරුනේ වහලා තිබ්බේ .(හේ)
කළ යුතු වැඩ පසේක දමා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමයි මෙතන සිදුවන්නේ. හිටපු අයට මඩ ගැසීම සදහා කළ යුතු දේ හරි ඉක්මනට කරනවා. මහජන සාමය ඇමති වහපු පාරවල් විවෘත කලේ මහා ලොකු වැඩක් කරනවා වගේ. මෙහි අරමුණ ඇත්තටම පාර විවෘත කිරීම නොව පසුගිය ආණ්ඩුව බොරුවට පාරවල් වහගෙන හිටියා යන්න පෙන්වීමයි. ජනතාව අපේක්ෂා කළේ මේ වගේ මාධ්‍ය සංදර්ශන නොවේ.(හේ)