නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය බාරයට ගෙන ඇතැයි චෙන්නායිහි නියෝජ්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
තමිල්නාඩු රාමනාදන්පුරම් ප්‍ර දේශයේ සිදුකරන ලද සෝදියකදී මොවුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.
කම්කරු වීසා සහිතව ඉන්දියාවට ගොස් ඇති මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා, වලංගු වීසා කාලය ඉක්මවා එරට රැඳී සිට ඇත. පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු ඉන්දීය බලධාරින් විසින් මෙම ලාංකිකයින් දෙදෙනා මෙරටට පිටුවහල් කරනු ඇත.
තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමග මොවුන් රැඳී සිට ඇති අතර එම ඉන්දීය ජාතිකයින් ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි සඳහන් කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්න දහස් ගණනක් වීසා නැති අය දිහා පොලිසිය වැරදිලාවත් බලන්නේ නැහැ. වීසා නැතුව අහුවුණොත් නඩුකාර උන්නාන්සේ ඉල්ලීමක් කරනවා ඔබට මේ රටේ ඉන්න නෛතික අයිතියක් නැති නිසා රටින් පිටවන්න කියා. ඊටපස්සේ ඔහු නිදහස්. අපේ කොල්ලෝ මේ නඩු තීන්දු කඩදාසියම පාවිච්චි කරනවා තමන්ගේ ස්ථීර පදිංචි සහතිකය හදාගන්න (නි)
ලලිත්, ශාන්, ඔබ දෙදෙනාගේ අදහස් මමද අනුමත කරමි. (නි)
අපොයි ඒ දේ කරන්න එපා! කොහොමත් තමිල්නාඩුවේ ඉන්නේ අපේ සමහරුන්ගේ හිතවතුන්නේ (නි)
දැන් අර පාලම ගැහුවහම මේ වගේ අය මිලියනයක් විතර හොයාගන්න පුළුවන් වෙයි (නි)
මේ වැඩේ වැරැද්ද නිවැරැද්ද කෙසේ වෙතත් මේකෙන් පාඩමක් ඉගෙනගෙන ලංකාවේ සැඟවී විසා බලපත් රහිතව වැඩකරන සහ ව්‍යාපාර කටයුතු කරන සියලුදෙනා වහාම ඇල්ලිය යුතුයි. නැතිනම් මොන සංවර්ධනය කලත් අපේ රටත් තවත් මැදපෙරදිග රටක් වීම වලක්වන්නට බැහැ.(කෞ)
එක ඇත්ත නැතිනම් ඉස්සරහට අපේ රටේ රේල්පරවල් යන්න වෙන්නේ අසුචි ගඳ ගහ ගහ තමයි. (කෞ)
ශාන් දැන් එතකොට ලංකාවෙන් ගිහිල්ලා යුරෝපයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ වීසා නැතිව වැඩකරන ලාංකිකයෝ ගැන මොකද කියන්නේ? (බ)