IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වීසා නැතිව සිටි ලාංකිකයන් ඉන්දීය අත්අඩංගුවේ

නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය බාරයට ගෙන ඇතැයි චෙන්නායිහි නියෝජ්‍ය  ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

තමිල්නාඩු රාමනාදන්පුරම් ප්‍ර දේශයේ සිදුකරන ලද  සෝදියකදී මොවුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.

කම්කරු වීසා සහිතව ඉන්දියාවට ගොස් ඇති මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා, වලංගු වීසා කාලය ඉක්මවා එරට රැඳී සිට ඇත. පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු ඉන්දීය බලධාරින් විසින් මෙම ලාංකිකයින් දෙදෙනා මෙරටට පිටුවහල් කරනු ඇත.

තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමග  මොවුන් රැඳී සිට ඇති අතර එම ඉන්දීය ජාතිකයින් ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි සඳහන් කර සිටී.



අදහස් (0)

වීසා නැතිව සිටි ලාංකිකයන් ඉන්දීය අත්අඩංගුවේ

පිටිගල මිලානෝ Sunday, 31 January 2016 07:13 PM

ඉතාලියේ ඉන්න දහස් ගණනක් වීසා නැති අය දිහා පොලිසිය වැරදිලාවත් බලන්නේ නැහැ. වීසා නැතුව අහුවුණොත් නඩුකාර උන්නාන්සේ ඉල්ලීමක් කරනවා ඔබට මේ රටේ ඉන්න නෛතික අයිතියක් නැති නිසා රටින් පිටවන්න කියා. ඊටපස්සේ ඔහු නිදහස්. අපේ කොල්ලෝ මේ නඩු තීන්දු කඩදාසියම පාවිච්චි කරනවා තමන්ගේ ස්ථීර පදිංචි සහතිකය හදාගන්න (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 31 January 2016 08:10 PM

ලලිත්, ශාන්, ඔබ දෙදෙනාගේ අදහස් මමද අනුමත කරමි. (නි)

:       0       0

ශිවා Sunday, 31 January 2016 10:06 PM

අපොයි ඒ දේ කරන්න එපා! කොහොමත් තමිල්නාඩුවේ ඉන්නේ අපේ සමහරුන්ගේ හිතවතුන්නේ (නි)

:       0       0

සාගර Sunday, 31 January 2016 10:08 PM

දැන් අර පාලම ගැහුවහම මේ වගේ අය මිලියනයක් විතර හොයාගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ලලිත් Sunday, 31 January 2016 04:05 PM

මේ වැඩේ වැරැද්ද නිවැරැද්ද කෙසේ වෙතත් මේකෙන් පාඩමක් ඉගෙනගෙන ලංකාවේ සැඟවී විසා බලපත් රහිතව වැඩකරන සහ ව්‍යාපාර කටයුතු කරන සියලුදෙනා වහාම ඇල්ලිය යුතුයි. නැතිනම් මොන සංවර්ධනය කලත් අපේ රටත් තවත් මැදපෙරදිග රටක් වීම වලක්වන්නට බැහැ.(කෞ)

:       0       0

ශාන් Sunday, 31 January 2016 04:14 PM

එක ඇත්ත නැතිනම් ඉස්සරහට අපේ රටේ රේල්පරවල් යන්න වෙන්නේ අසුචි ගඳ ගහ ගහ තමයි. (කෞ)

:       0       0

සුදාර Sunday, 31 January 2016 04:32 PM

ශාන් දැන් එතකොට ලංකාවෙන් ගිහිල්ලා යුරෝපයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ වීසා නැතිව වැඩකරන ලාංකිකයෝ ගැන මොකද කියන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site