සැප්තැම්බර් සිට අප්‍රේල් අතර කාලයේ මෙරට තුරු ගොමු අතර සැරි සරමින් චිචිවිච්... චිචිවිච් යනුවෙන් හඬ නගමින් කුඩා කෘමි සතුන් ගිල දමන කොළ පැහැයෙන් යුතු කොළ ගස්රැවියා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරි කුරුල්ලෙකි.
ඉංග්‍රීසි බසින් ග්‍රීනිෂ් වර්බ්ලර් Greenish Warbler යනුවෙන් හඳුන්වන මේ පක්ෂි විශේෂය සත්ත්ව විද්‍යාත්මකව පිලස්කෝපස් ට්‍රොචිලොයිඩස් phylloscopus trochiloides යනුවෙන් හැඳින්වෙයි. ලෝකයේ ගස්රැවියන් විශේෂ 45ක් පමණ සිටිති.
හිමාල කඳු වැටියේ සහ ඊශාන දිග ඉන්දියානු කඳුවල සිට ඔවුන් මෙරටට පැමිණෙති. අඳුරු කොළ පැහැති කුඩා සිරුරකට හිමිකම් කියන කොළ ගස්ෙරැවියාගේ දිගැති ලා කහවන් ඇස්බැමක් දක්නට ඇත. යටිකය අඳුරු කහ පැහැයට හුරු සුදු පාටය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා ලිපි පෙළක්. මුහුඳු ජීවීන් පිළිබඳව ලිවීමද ආරම්භ කිරීම ගැන ස්තුති කරමි. (නි)
උසස් ආකාරයේ ප්‍රවෘත්ති සපයන ලංකාදීපයට අපේ ප්‍රණාමය! ඡායාරූප හරිම පැහැදිලියි (නි)
ඉතාම වටිනවා...සුබ පැතුම් (ස)
මෙන්න මේව තමයි අපිට නම් නිවුස් කියන්නේ.ජය වේවා(දිල්)
කුරුළු ලෝකය මොනතරම් අලංකාරද (බ)
කුරුළු ලොව මනතරම් මනස්කන්තද(දිල්)