අතීතයේ මොණරා අවලස්සන සතෙක්ලු. ඉතා අලංකාර පක්ෂයකු වූ අවිච්චියාගේ ඇඳුමට ආසා කළ මොණරා උත්සවයකට යාමට යැයි කියා මොණරාගේ ඇඳුම ඉල්ලාගත්තේලු. ඒ ඇඳුම යළි නොලැබුණු බැවින් මේ අවනඩුව විසඳීමට මෛත්‍රී බුදුන් ලොව පහළවනතුරු සිටින අවිච්චියා සෑම දිනකම ‘‘ආයිත් කියාන්“ හෙවත් ඇවිත් කියන්නම් යනුවෙන් හඬ නගන්නේ යැයි මෙරට ප්‍රකට ජනකතාවකි.
මොණරාගේ පිල අලංකාරය. ඒ පිලට සමාන කළ හැකි අලංකාර සිරුරක් අවිච්චියාට හිමිවී තිබීම මෙන්ම අවිච්චියාට අනෙක් කුරුල්ලන්ට මෙන් දිග වලිගයක් නොතිබීමත් මේ ජනකතාවට මූලාශ්‍රය වූවා විය යුතුය.
අතිතයේ දි අවිච්චියා අයිත්තා යනුවෙන් ද හඳුන්වා ඇත. අවිච්චියා යනු නිහැරි කුරුල්ලෙකි. උතුරු අර්ධගෝලයට ශීත සෘතුව උදාවීමත් සමග අවිච්චියෝ ඉතා වෙහෙසකර ගමනකින් ශ්‍රී ලංකාවට එති. අවිච්චියන් වැඩිපුර හඩලන්නේ හිරු උදාවන මොහොතේදීත් හිරු බැසයන මොහොත්දීත් බැවින් මේ කුරුල්ලාට ‘‘හයට හඬලන කුරුල්ලා“ යන තේරුමින් ද්‍රවිඪ බසින් ‘අරුවානි කුරුව්‘ යනුවෙන් පවසයි. ඉංග්‍රීසි බසින් ඉන්දියන් පිට්ටා ලෙස හඳුන්වන අවිච්චියා සත්ත්ව විද්‍යාත්මකව පිට්ටා බ්‍රච්යුරා Pitta brachyura ලෙස නම්කැර ඇත.
අවිච්චියා ඉන්දියාව නිජබිම කැරගත් පක්ෂියෙකි. හිමාලය කඳු පාමුලත් මධ්‍යම ඉන්දියාවේත් සිටිනි අවිච්චියෝ සීත කාලයේ දී මෙරටට පැමිණෙති. විශාල දුරක් ගෙවා පැමිණෙන අවිච්චියන් අනතුරට පත්වන අවස්ථා බහුලව වාර්තාවේ.
කොළ, නිල්, කළු, සුදු, කහ, දුඹුරු රතු, පැහැයෙන් යුතු පිහාටු සහිත අවිච්චියා සාමාන්‍යෙයන් මයිනකු හා සමාන සිරුරකට හිමිකම් කියයි.
මෙරට වැසියන් අතර ඉතා ජනප්‍රිය පක්ෂියෙකි. අවිච්චියාගේ අලංකාරයත් විටින් විට නගන ශබ්දයත් හේතුවෙන් වඩාත් ජනප්‍රිය වී තිබේ. මේ කුරුල්ලෝ විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ කුඩා වන ලැහැබ හා ගෙවතු ආශ්‍රිතව රොඩු බොඩු අතර ගොදුරු සොයා ඇවිදියි. සාමාන්‍යයෙන් දිවා කාලයේ වඩාත් නිහඩව සිටින අවිච්චියා තමන්ට ආවේණික හඩ නිකුත්කළ විට ඕනෑම අයකුට අවිච්චියා පහසුවෙන් සොයා ගැනීමට හැකියාව තිබේ.
අප්‍රේල් මැයි මාසවල දී යළි සිය මවුරටට යන අවිච්චියන් ජූලි සිට අගෝස්තු දක්වා කාලයේ දී වියළි කොල උපයෝගීකරගෙන පඳුරක් මත සිය කැදැල්ල තනා බිජු ලති. දැනටමත් අවිච්චියන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. ඉදිරි සති දෙකේ දී තවත් අවිච්චියන් විශාල පිරිසක් මෙරටට පියඹා එනු ඇතැයි පරිසරවේදීහු කියති.
පීඩාවට පත්ව සිටින අවිච්චියකු දුටුවිට ඒ බව කොළඹ විශ්වවිද්‍යාලයේ පක්ෂි අධ්‍යයන කේන්ද්‍රයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි. 0112501332 හෝ 0718440144

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලෙකින් රට කරගෙන යන්න අවිච්චියගෙනුත් රටට ඇතුල් වෙනවට බදු ගහයිද දන්නේ නෑ.. ඇයි ඉතින් මේ පාර අයවැය යෝජානවලින් ලොකු වියදමක් තියෙනවනේ රජයට (අ)..
අවිච්චියා වගේම අපිත් අසරණ වෙලා ඉන්නේ අවිච්චියෝ. අපිත් මේ බලාගෙන ඉන්නේ මෙතේ බුදුන් පහල වෙනතුරු නේන්නම්. අපිට වෙලා තියෙන මේ අවනඩුව කියන්න. අවිච්චියෝ උඹ වගේම අපිත් අසරණයි බන් (නදී)
මේ ලියලා විදිහට කවුද අරගෙන තියෙන්නේ. (නදී)
සංචාරකයින්ටත් යන්න තැන් නැතුවද මේ අපිටත් ඉන්න විදියක් නැතිව ඉද්දි හොරෙනුත් මෙහෙටම එන්නෙ. (අ)
ඇත්තටම අපිත් අසරණ වෙලා තමා,අවිච්චියෝ (අ)
හිතන්න දෙයක් තියෙනවා අපි හැමෝම වගේ. සත්තු උනත් ඒ අය තමන්ගේ ජාතිය ගැන හිතනවා (නදී)
අවිච්චියටත් මොණරාගේ ලස්සන බලාගෙන ඉන්න ඒ වගේම දරාගෙන ඉන්න බැරි නිසා ඒකාලේ ඉඳන්ම මොණරට මඩ ගහල තියෙනවා හරියට දැන් කාලෙ ඉන්න බැරිබැරියාවෙන් පෙලෙන අය වගේ. මට හිතෙන්නේ ඒ අයටත් අවිච්චියගේ ඉරණමම තමා (අ)
ඔය ලස්සනට ඉන්න සමහරු ලස්සන වෙලා තිබෙන්නේ අනික් අයගෙන් සොරා ගත්තු දේපල වලින් (නදී)
මම ආරාධනා කරනවා දිගටම ලංකාවේ ඉන්න කියලා. පුරවැසිභාවය දෙන්න පුළුවන්. (නදී)
මේ කුරුල්ලා කාලෙකට සැරයක් එනවා. මීට අවුරුදු ගානකට පෙර අපේ ගමේ මහ ගෙදර පිටිපස්සේ ලන්දෙදි දැක්කා. මෙයා පියඹනවා දැකල නැහැ. බිම දිගේ ටිකක් වේගෙන් යනවා ඔය කියන මොනර ඇඳුම නැති උනා කියල කැත නැහැ. හැබැයි පෙඳය නම් දිග නැහැ.(නදී)
මම පොඩි කාලේ අපේ පුසා අවිච්චියෙක් ඇල්ලුවා. මම බේරාගත්තා. මම හිතුවේ මැරෙයි කියල ටිකක් වෙලා හිටිය වැටිලා. ටිකකින් හොඳට පියාඹාගෙන ගියා.(නදී)
මම පුංචි කාලේ මේ අවිච්චියෙක් අල්ලලා ආපහු කැලේට මුදා හැරියා ටික වෙලාවක් ලස්සන බලන් ඉඳලා. දැන් මට හොඳටම පැහැදිලියි "මලක වුනත්- කොයි දේ වුනත් එහි ලස්සන තියෙන්නේ එය අත්පත් කරගන්නකන් විතරයි. ඊට පස්සේ එය එපා වීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට "හැම සතුටකම පිටුපස සැඟවිලා තියන දුක වගේ" දෙයක්. කොහොම නමුත් මේ කුරුල්ලා ගැන මම මුලින්ම දැනගත්තේ ඊ.ඩබ්ලිව් අදිකාරම් මහත්තයාගේ පොතකින්. ඔහුට ස්තුති වේවා! (නදී)
මිනිස්සුත් මේ සත්තු වගේ සුන්දර උනා නම් රටත් තව කොච්චර නම් සුන්දර වේවිද නේද? (නදී)
අවිච්චියාගේ ඇඳුමට ආසා කළ මොණරා උත්සවයකට යාමට යැයි කියා මොණරාගේ ඇඳුම ඉල්ලා ගත්තේලු. අනේ මන්දා (නදී)
අපේ ගෙදරත් අැවිල්ලා මගේ අතේ ගොඩක් වෙලා එයා ඉඳලා ගියා...