සුදු, කළු, අළු සහ දුඹුරු පැහැ මිශ්‍රිත සිරුරක් ඇතිව වලිගය වන වනා යන ඉතා සුලබ සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරියකු කුරුල්ලෙකි ‘‘වන හැලපෙන්දා“. ඉංග්‍රීසි බසින් ෆොරස්ට් වැග්ටේල් නමින් හඳුන්වන වන හැලපෙන්දා සත්ත්ව විද්‍යාත්මකව Dendronanthus indicus හඳුන්වයි. වනගත පක්ෂියකු ලෙස හැඳින්වුව ද ඇතැම් අවස්ථාවල දී ගෙවතු ආශ්‍රිතව ද දක්නට ලැබෙයි. වන හැලපෙන්දා ඉතා කඩිසර කුරුල්ලෙකි. ගේ කුරුල්ලකු තරම් සිරුරකට හිමිකම් කියන වන හැලපෙන්දාගේ උඩුකය තද කළුවන් දුඹුරුය. පැහැදිලි සිහින් ඇහි බැමකි. සිරුරේ යටිපැත්ත තරමක් කිලිටි පැහැති දුඹුරුවන්ය.
සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල දී ශ්‍රී ලංකාවට පැමිණෙන වන හැලපෙන්දාගේ නිජබිම වි ඇත්තේ කොරියාවේ ප්‍රදේශ කිහිපයක්, චීනයේ ප්‍රදේශ කිහිපයක් හා සයිබීරියාවයි. එම රටවලට ශීත සෘතුව උදාවීමත් සමග මොවුන් සැතපුම් දහස් ගණන් දුර ගෙවා ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශයට, ශ්‍රී ලංකාව හා අන්දමන් දූපත් වෙත ගමන් කරයි.
මාස කිහිපයක් ගත කරන මේ කුරුල්ලෝ යළි මාර්තු මාසයේ සිය ගම්බිම් වෙත පියඹා යති. එක් නිමේෂයක් හෝ නිසොල්මන්ව සිටිය නොහැකි හැලපෙන්දා සිය වලිගය වනමින් කොළ රොඩු අතර සැඟව සිටිනා කුඩා කෘමීන් ආහාරයට ගනී.
මෙවැනි පක්ෂියකු දුටු වහාම කුරුළු විද්‍යා අධ්‍යයන කවයට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස එහි පර්යේෂකයෝ ඉල්ලා සිටිති.
විද්‍යුත් තැපෑල හරහා [email protected] හෝ කුරුළු විද්‍යා අධ්‍යයන කවයේ Facebook හරහා https://www.facebook.com/groups/fogsl/ හෝ සාමාන්ය තැපෑල ඔස්සේ කුරුළු විද්‍යා අධ්‍යයන කවය, සත්ත්ව විද්‍යා අංශය, විශ්වවිද්‍යාලයය, කොළඹ 3. වැඩි විස්තර දුරකථන මගින් 0718440144. / 0777356931 ඔස්සේ ද ලබාගත හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් දැකලා තියෙනවා (නි)
සංචාරක සත්ත්වයන ගැන ඔබ පල කරන මෙම ලිපිමාලාව ඉතා වටිනවා. කරුණාකර ශ්‍රී ලංකාවට පැමිණෙන සාගර සත්වයන් ගැනත් අපිට කියා දෙන්න. මත්ස්‍ය වර්ග පමණක් නොව ශ්‍රි ලංකාව දුර්ලභ ගනයේ සුන්දර කස්බැවන් ගැනද ඉතා ප්‍රසිද්ධයි.(හේ)
වීසා නැතුව ආවත් කමක් නැහැ. ඕනෑ කෑමක ,බීමක රසවින්ඳත් කමක් නැහැ.හැබැයි පුතේ, කුරුළු උණ බෝකරලා යන්න නම් එපා ! (නි)
මෙ කුරුල්ලා හැම වසරකම වගේ මගේ ගෙවත්තට එනවා. මට කවදාවත්ම පින්තූරයක් ගන්න ලැබිලා නැහැ. ඒ මෙයාගෙ තියෙන කඩිසරකම නිසා.හැබැයි එක්කෙනයි එන්නේ. (නි)
මෙම කුරුල්ලා මගේ ගෙවත්තටත් එනවා. ගාමිණී,ඔබ හරි. එක්කෙනයි එන්නේ (නි)
ඔව් ගාමිණී, කුරුල්ලා ඉන්න වෙලාවට කැමරාව නැහැ, කැමරාව සූදානම් වෙලාවට කුරුල්ලා නැහැ. ඒ දෙකම සූදානම් වෙලාවට අපි සූදානම් නැහැ (නි)
කිරිල්ලිව එක්කරගෙන එන්නේ නැත්තේ කිරිල්ලියන්ට ලංකාවට ආවම වෙන දේ දැනගෙන වෙන්න ඇති. ඒකයි මගේ හිතේ මෙයා තනිවම එන්නේ. (නි)
ඉන්දු මෙල්බර්න්ගේ අදහස නම් හරිම කාලෝචිතයි. සංචාරක කිරිල්ලියන්ට ලංකාවේදී බොහොම අපලයි. (නි)
මේ ගොල්ලෝ එන්න ඇත්තේ චීනෙන් වෙන්න ඇති. ඒකයි වීසා නැතුව එන්න ඇත්තේ (නි)
රටින් පිට ඉන්න ඉන්දුලටත් තේරෙනවා එහෙනම් මේ රටේ තත්ත්වය. වැඩේ තියෙන්නේ අපේ පාලකයන්ට ඔය ටික තේරෙන්නේ නැති එක. ඒ ගැන ඒගොල්ලෝ කියන්නේ කාන්තාවන්ට හා පොඩි ළමයින්ට හොඳම ආරක්ෂාව තියෙන්නේ අපේ රටේලු.ඉතින් ඉන්දු, ඔයා ඒකට මොකද කියන්නේ? (නි)
අපේ ගෙදරටත් ආවා. මම දවසක් දැක්කා. හැබැයි අවුරුදු දහයකටත් කලින්. මෙයාගේ කකුල් ඉතාම සිහින් නේද? දැක්කහම පුදුම හිතෙනවා. ඊට අමතරව මුගේ තියෙන දැඟලිල්ල නිසා මම පුදුමයට පත්වුණා. ඒ නිසා එක්වරම මතක හිටියා (නි)