ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියක්කාරයන් ලෝකයේ විශේෂ හයක් දැකිය හැකිවෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ද ලෝකයේ ෆ්ලෙමිංගෝ විශේෂ හතක් ජීවත්වී ඇතැයි සැළකේ. ඔවුන් වර්තමානයේ දක්නට ඇති ෆ්ලෙමිංගෝ විශේෂවලින් වෙනස් වූ ලක්ෂණ දැරූ බව ද පවසන විද්‍යාඥයන් එම විශේෂ හතට වෙනත් විද්‍යාත්මක නම් දී ඇත.
දැනට ලොව වාර්තාවන ෆ්ලෙමිංගෝ විශේෂ හයෙන් විශේෂ දෙකක් ශීත සෘතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට ද පියඹා එති. ඉන් එක් විශේෂයක් වන්නේ Greater Flamingo යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන රජ සියක්කාරයාය. සත්ත්ව විද්‍යාත්මකව ෆීනිකොප්ටෙරස් රොසේයුස් (Phoenicopterus roseus) ලෙස හැඳින්වේ.
ලොව පුළුල්ව පැතිරී සිටින පක්ෂි විශේෂයක් ලෙස පිළිගැණේ.
අප්‍රිකා මහද්වීපයේ කොටසක් නිජබිම් කැරගත් මේ පක්ෂියා දකුණු ආසියාවේ පකිස්ථානයේ හා ඉන්දියාවේ ද වාසය කරයි. ස්පාඤ්ඤය, ඇල්බේනියාව, තුර්කිය, ග්‍රීසිය, සයිප්‍රස්, පෘතුගාලය, ඉතාලිය හා ප්‍රංශයේ ද ජීවත් වෙති.
විශාල රංචු වශයෙන් සියක්කාරයෝ වාසය කරති. එක් රංචුවකට 500ක් 1000ක් පමණ කුරුල්ලන් පිරිසක් අයත් වෙති. සුදු රෝස හා රතු මිශ්‍රිත සිරුරකට හිමිකම් කියන සියක්කාරය ඉතා අලංකාර පක්ෂියෙකි. සෙන්ටිමීටර 110ත් 150ත් අතර උසකට වැඩෙන සියක්කාරයකු අත්තටු විහිදූ විට දෙකෙලවර පරතරය මීටරයක් පමණ වේ.
රතු පැහැයට හුරු දිගු කකුල් හේතුවෙන් කළපුවල, මඩගොහොරුවල සහ නොගැඹුරු ජලයේ ඇවිදිමින් ආහාර සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.
උතුරු අර්ධගෝලයට ශීත සෘතුව එළඹීමත් සමග කිලෝ මීටර් දහස් ගණන් දුර ගෙවා උණුසුම් රටවලට පැමිණෙයි. සියක්කාරයා වරකට බිත්තර 3 - 4 දමයි.
ෆ්ලෙමිංගෝ සතුන් සිය වාසස්ථාන කරගන්නා වගුරු බිම් හා කලපු විනාශය මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත. මේ කුරුල්ලන් පියඹායන මාර්ගයේ තනන විදුලි කම්බි ද ඔවුන්ට මාරකයක් වී ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මේ ගොල්ලන්ව අත් අඩංගුවට ගන්ට එපා (නදී)
සොබා දහම විසින් විසින් නිමවූ අග්‍රගන්‍ය රට මගේ රටයි. (අ)
ලස්සන පින්තුර. (අ)
ලස්සන පින්තූර ටිකක්.ස්තුතියි. (අ)
පිටබැද්දර ජයා, තරමක් පරණ දෙවියෝ සාක්කි කියෙව්වොත් ඉන්න රට විතරක් නෙමෙයි මාවත් හොයාගන්න පුළුවන් (නි)
සුනාමියෙන් පස්සේ අපේ රටට සිද්ද වෙච්ච තවත් ඛේදවාචකයක් තමයි සංචාරක කුරුල්ලන් අඩුවීම. ඒ අසරණයන්ට කන්න සොයා ගන්න වත් සාගරය ආශ්‍රිත මිරිදිය වැව් පොකුණු නැතිවීම. වසර ගණනාවක්ම මේ මිරිදිය වැව් වල තිබුන පෙඳ පාසි ලවන දියෙන් විනාස වෙලා , මිරිදිය ජලයේ සිටි ජලජ කෘමීන් වඳ වෙලා තිබුන නිසා. මේ ප්ලේමින්ගෝ වර්ගය ලංකාවට ජාත්‍යන්තර ප්‍රසිද්දියක් ගෙන දුන්න සංචාරකයන් වැඩි කල ස්වභාව දහමේ දායාදයක්. අහන්ඩත් , දකින්ඩත් වාසනාවක්. ලංකාදීපයට තුති. පිට රට ඉන්න අපේ මිතුරන්ටත් හොඳ අවස්තාවක් විදේශිකයන්ට පෙන්වන්නට. දර්ශනීය ඡායාරුප ශිල්පියාට මල් මිටක්. (නදී)
දැන් එතකොට මේගොල්ලන්ට බලපාන්නේ නැද්ද තමිල්නාඩු දිවරයන්ට බලපවත්වන නිතිය ? මොකද මෙයාලත් කරන්නේ අපේ මාළු ටික හොරෙන් අල්ලන එකනේ. රූපවතියේ කැමති නැද්ද ඉන්න රට කියන්න ? (නදී)
අගනා ෆොටෝ ටිකක් (නදී)
පුදුමාකාර ලස්සනක්! (නි)
මේ විශේෂාංගය ගොඩක් වටිනවා. ලංකාදීපයට තුති. (නදී)
මේවා ලංකාවේ දී ගත්ත ෆොටෝ ද? ලංකාවේ මෙයාල දකින්න ලැබෙන්නේ මොන පළාත් වලද? (නදී)
මම ඉන්න රටෙත් සෑම සීත සෘතුවකම මේ ප්ලේමින්ගෝ කුරුල්ලන් දහස් ගණනක් අසල ඇති "සෝල්ට් ලේක් " නම් ලුණු වතුරින් පිරිණු විශාල වැවකට පැමිණෙනවා. හරිම ලස්සනයි. මොවුන් බැලීමටම විශාල පිරිසක් මෙන්ම කැමරා කරුවන් මාද්‍ය වේදීන් වැළ නොකැඩී පැමිණෙනවා. හරිම ලස්සනයි (නදී)
මොවුන් වැඩියෙන්ම ඉන්නෙ කෝකිලායි කලපුවේ.බලන්න යන්න වටිනවා (නි)
අනේ හරිම ලස්සනයි (නදී)
මේ වගේ තොරතුරු ලබා දෙන ලංකාදීප වෙබ් එකට මගේ ප්‍රණාමය (නදී)