ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි පක්ෂීන් හෙවත් සංචාරක කුරුල්ලන් අතර රත්පිය කොණ්ඩකොහා ඉතා අලංකාර කුරුල්ලෙකි. ලෝකයේ කොණ්ඩ කොහා විශේෂ හතරක් වාර්තා වෙයි. ඉන්දියාවේ උතුරු ඉන්දියාව ගිනිකොණදිග ඉන්දියාව සිය නිජබිම කරගත් රත්පිය කොණ්ඩකොහා සත්ත්ව විද්‍යාත්මකව ක්ලැමටර් කොරොමනැඩස් Clamator coromandus ලෙස හඳුන්වයි. ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ බිත්තර දමන්නේ ගරුලැක්ස් ඝනයට අයත් දෙමලිච්චන්ගේ කැදැල්ලේය.
ශීත කාලයේ දී ශ්‍රී ලංකාවට පියඹා එන රත්පිය කොණ්ඩකොහා දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ද ශීත කාලය ගත කරයි. මොවුන් ඉන්දුනීසියාව, තායිලන්තය හා පිලිපීන දූපත්වලින් ද වාර්තා වී ඇත.
පිටමත තද පැහැති දිලිසෙන පිහාටු දරයි. කළු පැහැති හිස මත ඔටුන්නක් සේ දිගට උස්ව වැඩුණු පිහාට දරයි. පියාපත් දුඹුරු පැහැතිය. දිලිසෙන කළු පැහැති දිගැති වලිගයකි. ගෙලෙහි යටි පතැත්තේ දුඹුරු පැහැයට හුරුය. ගෙලෙහි උඩු පැත්තේ සුදු පැහැති මාලයක් මෙන් වූ පිහාටු පිහාටා ඇත. සෙන්ටිමීටර 47ක් පමණ දිගැති කුරුල්ලෙකි.
වීසා නැති සංචාරකයෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/267260
වීසා නැති සංචාරකයෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/267404
වීසා නැති සංචාරකයෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/267670
වීසා නැති සංචාරකයෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/269230
වීසා නැති සංචාරකයෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271278
වීසා නැති සංචාරකයෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/271788
වීසා නැති සංචාරකයෝ - 07
http://www.lankadeepa.lk/index.php/articles/276725
වීසා නැති සංචාරකයෝ - 08
http://www.lankadeepa.lk/index.php/articles/277005




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මටත් විසා නැති කුරුල්ලෙක් වෙන්න ඇත්නම්. එහෙනම් ඉතින් තමිල්නාඩුවට ගිහින් අර නිළි අක්කගේ ඔලුවට කොටලා එන්න (නදී)