ඩී.සී.ඩී හෙවත් ඩයිසයනඩයමයිඩ් කෘෂි රසායනයට විරුද්ධව අරගල කළේ රටේ දරුවන් හා මව්වරුන් වෙනුවෙන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (3) මව්කිරි දීමේ සතිය නිමිත්තෙන් මහරගම තරුණසේවා සභාවේ පැවති උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කළේය.
(ඩයිසයනඩයමයිඩ් වතුරේ දියවන සුලු ඝන ද්‍රව්‍යයක් වන ඩයිසයනඩයමයිඩ් බෙහෙත් නිෂ්පාදනයේදී ප්‍රයෝජනයට ගන්නා රසායනයකි. මෙය නවසීලන්තයේ කෘෂිකාර්මික රසායනයකි. තණකොළ වැඩීමට යොදා ගනී. පසෙහි ඇති නයිට්‍රේට් ගංඟා හා ජල මාර්ගවලට මුසුවීම අවම කිරීමට මෙම රසායනය යොදා ගැනේ. එම රසායනය යොදා වගා කළ තණකොළ කන ගවයන්ගෙන් කිරිවලට මෙම රසායනය මිශ්‍රවන බවත් එමගින් එම කිරි බොන දරුවන්ට විවිධ ගැටළු ඇතිවේ)
‘මේ ලෝකයේ තිබෙන ලොකුම වේදනාව තමයි දරුවෙක් ලැබෙන අවස්ථාවේ කාන්තාවන් විඳින විලිරුදා වේදනාව. එය විඳගෙන මවක් දරුවෙක් මේ ලෝකයට බිහි කරනවා. මවක් එය ප්‍රතික්ෂේප කළානම් මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයේ පැවැත්මක් නැහැ. අපි සියලුදෙනාම ඒ මහා වේදනාවකින් කැපවීමකින් උපන් අය තමයි. ඒ මව්වරුන්ගේ මහා වේදනාව දරණ සුළු මව පවුල් සෞඛ්‍ය සේවිකාවයි. දරුවන් හදාගැනීමට ගිලාන උපස්ථානයට කිරි අවශ්‍යව තිබෙනවා. එය ස්වභාවික සම්පතක්. අද එම ක්ෂේත්‍රය දරුණු වානිජකරණයකට ලක්වෙලා. නොයෙක් සමාගම් නිසි පෝෂණය තම කිරිවල තිබෙන බව පෙන්වීමට කටයුතු කරනවා ‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මම ගරුකරන චරිතයක් (නි)
ඔබට ජයවේවා! (නි)
මෙතුමා උගත් දක්ෂයෙක් (නි)
ඔබතුමා උගත්. නමුත් මගේ හිතේ පැහැදීමක් නැහැ (නි)
උගත් විතරක් වෙලා මදි ප්‍රතිපත්තියක් තියෙන්නත් ඕනේ. ඒ වගේම අවංක වෙන්නත් ඕනේ. මෙයාගෙන් මම දකින්නේ උගත්කම විතරයි. (නදී)
මොන පක්ෂයෙන් ඉල්ලුවත් උගතුන් පාර්ලිමේන්තුවට එනවට අපි කැමතියි (නදී)
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙතුමාගෙන් විදුලිබලය ගලවා දුන්නේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය. මෙතුමා ඒ අමාත්‍යාංශය අරගෙනයි මේ ක්‍රියාවලිය සිදු කළේ.(නදී)
ඔබතුමාගේ එහෙට මෙහෙට පනිනකොට කියන ලොකු කතා අහලා අපිට ඇතිවෙලා තියෙන්නේ. එම නිසා පොළවේ පය ගහගෙන කරන්න පුළුවන් දේ විතරක් කතා කරන්න. කෝ කියපු ආර්ථිකය? හොරකම් ගැන කියපු සියයට 90 ක්ම බොරුනේ. අදටත් තොරතුරු සොයනවා විතරනේ (නි)
මෙයා ගැන ගොඩ දෙනෙක් කියල තියනවා. අපි නොදන්නා මොනරතැන්න (නදී)
ඔබතුමා කියන්නේ ඇත්ත (නි)
කරුණාකරලා අපේ රටට " ශ්‍රී ලාංකීය ජාතික ප්‍රතිපත්තියක්" හදන්න දායක වෙන්න. ඔබතුමාගේ දක්ෂතාවයත්, අනිත් පක්ෂවල සිටින උගතුන් , බුද්ධිමතුන්ගේ දක්ෂතාවයත් ප්‍රයෝජනයට ගන්න.(නදී)
ඔබ වැනි පුද්ගලයින්ගේ දායකත්වය රටේ සංවර්ධනයට බෙහෙවින්ම අත්‍යවශ්‍යයි. (ම)
දැන් කාගෙ කාගෙත් කතා අපි හොඳට දන්නවා (නි)