
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා මෙතෙක් කලක් වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් ඉවත්ව වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් කලක් විදේශිකයන්ට වීසා නිකුත් කළ ක්‍රමවේදය නිසා එහි සම්පූර්ණ ආදායම මෙතෙක් කලක් ඍජුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග මෙම කාර්යය බාහිර පාර්ශව අතට පත් කිරීමෙන් විශාල ආදායමක් අහිමිවීමේ අවදානමක් ඇතැයිද පෙන්වා දෙයි.
මහා පරිචයක් නොමැති, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විසින් දේශපාලන අවශ්‍යතා මත ගත් තීන්දුවක් මත වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි සඳහන් කරන එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග රටේ අවශ්‍යතාව සහ දේශපාලන අවශ්‍යතා යනු දෙකක් බවද අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට ඔක්කොම පුද්ගලික අංශයට දෙනවා නම් ආණ්ඩුවක් මොකටද ඡන්දෙට කළින් ඔක්කොම ඉවර කරයි වගේ...!
පාර්ලිමේන්තුවේ හරක් රැළ එළවලා ඒකත් කාටහරි, කීයකට හරි විකුණලා දැම්මොත් නරකද?
ඔක්කොම විකුණන් කන එකේ බැරිද දියවන්නාවත් විකුණලම දාන්න 225ත් එක්කම ???
රටේ අවශ්‍යතාව සහ දේශපාලන අවශ්‍යතා යනු දෙකක් බවද අවධාරණය කරයි. නිදහසින් පසු මේ දෙක එකුවුණා නම්? අද මේ රට සුරපුරයක්... අඩුම ගානේ අනාගතයදීවත්...?
රටේ අවාසනාවක තරම. රටට ආදරේ කරන ජාතික නායකයෙක් කවදා බිහිවෙනවාද?
ආගමන විගමන එකේ අය හරියට වැඩකරනවා වගේ කතාව...
ආගමන විගමනේ අයත් මෙලෝම රහක් නැති වැඩ තමයි කරන්නේ. විදේශිකයින්ට ලංකාව එපාවෙන වැඩ තමා මේ ගොල්ලන් කරන තරමක් කරන්නේ. 2023 ජනවාරි ලංකාවට එද්දී දින 180 ක් දක්වා සංචාරක වීසා ලබාගන්න අවස්ථාව තිබුණා. එමඟින් අමතර කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වුණු සංචාරකයින්ට කොළඹ රස්තියාදු නොවී වැඩි කාලයක් රට තුළ රැඳී සිටින්න හැකියාවක් ලැබුණා. නමුත් 2024 දී වෙබ් අඩවියේ තියෙන දේට හාත්පසින්ම වෙනස් විදියට දින 30 ක් පමණක් වීසා ලබාදී ගාස්තුව ඩොලර් 35යි. එම දින 30 අවසානයේ තවත් දින 30 කට වීසා ගාස්තුව කොළඹ රස්තියාදුවත් සමඟ රු.31000 ක් හෝ ඩොලර් 100 ක් පලවෙනි වීසා ගාස්තුව මෙන් 3න් ගුණයක් කරලා. මේ ඔලමොට්ටල තීරණයේ පලවිපාක දැනෙන්නේ දැන් නොවෙයි. මේ අස්ථාවට මුහුන දී සිය රට බලාගිය සංචාරකයින් දෙන අදහස් උදහස් අනුව ඉදිරි වර්ෂවලටයි. මෙම අවස්ථාවට මුහුණ දුන් සංචාරකයින් වැඩිදෙනෙක් සඳහන් කලේ නැවත ලංකාවට එන්නේ දින 30 කට පමණක්ම බවයි. ඔවුන් ලංකාවට පැමිණිමට සිටින අයටත් මෙම පණිවිඩය ලබාදෙනු නිසැකයි. මේ මොට්ටයින්ට තේරෙන්නේ නැද්ද සංවාරකයෙක් ලංකාවට එන්නේ කාර්යාලවල පෝලිම් ගානේ රස්තියාදු වෙන්න නෙවෙයි ලංකාවේ සංචාරය කරන්න කියලා.
ඔය කියන විදියේ මනා පරිචයක් තියෙනවා නම් සංචාරකයින්ව රස්තියාදු කරන එක නවත්තලා දින 30, 60, 90, 120, 150 සහ 180 යන විදියට බෙදලා ඒ කාල සීමා වලට අදාළව ගාස්තු නියම කර ඔන්ලයින් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හදන්න. පළවෙනි දින 30ට ඩොලර් 35 කුත් ඉළඟ දින 30 ට ගහෙන් ගෙඩි එන්නා වගේ ඩොලර් 100 කුත් අය කරන ඔලමොට්ටල තීරණ ගන්නේ නැතුව...
යන්න කළින් අවුරුදු ගාණකට ගිවිසුම් ගහලා කොමිස් එක කළින්ම මාරුවෙන්න යන්නේ? පිට රටකට නම් එන්න එපා...
ජාතික ජනබලවේගය රජයක් පත්වුණු වහාම ඔය කට්ටියට අකුලාගෙන යන්න වෙනවා. "වීසා නිකුත් කරන්නේ ආණ්ඩුවෙන් පමණයි - ව්‍යාජ කොම්පැනිවලට නොරැවටෙන්න " කියලා සියලුම තානාපති කාර්යාලවලට දන්වන එක පමණයි තියෙන්නේ...
ඉමිග්රේෂන් සර්විස් සෙන්ටර් කියලා මලදානෙකුත් දැන් තියෙනවා. ඔයකාගේ හරි ඇමැතියෙකුගේ බොක්කක් වෙන්න ඇති. කාලයකට ඉහතදී දවස් 30, දවස් 60 වගේ විසා වෙනස් වෙනස් අයකිරීම් අනුව දුන්නා. ඒ ක්‍රමය කාටත් පහසුයි, රස්තියාදුවක් නැහැ. මොවුන් ඔක්කොටම පිස්සු !!!
ආගමන, විගමන දෙපාර්තමේන්තුව වීසා ලෙහෙසියට සහ පහසුවට දෙන්නේ රොටි කන ඉන්දියන් කාරයින්ට, රුසියන්කාරයින්ට තායිලන්තයේ, වියට්නාමයේ වැනි එදාවේල හොයාගෙන කන්න බැරි බහුතරයක් ඉන්නා රටවල මිනිස්සුන්ට ලංකාවට ඇවිත් හොඳට සල්ලි වියදම් කරන යුරෝපේ රටවල මිනිස්සුන්ට අර විදිහට වීසා දෙන්න මෙගොල්ලන්ට කිසිම වුවමනාවක් නෑ, මේ ගොල්ලන් බලන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරේ විනාශ කරන්න. කොහොම හරි පගාව ගහන්න බලන හොර හැත්තක් මෙහෙ ඉන්නේ..!
ප්‍රශ්න නිසා ලංකාවට සංචාරකයන් දෙවනි වතාවට එන්නෙම නෑ ,ඔවුන් යන්නේ තායිලන්තයට
කම්පැනිය කාටද අයිති ?