දින හයක් තිස්සේ ගම් රැසක විසි දහසක ජනතාවට බීමට ජලය නැතැයි පවසමින් තංගල්ල අවට ගම් රැසක් ජනතාව අද (05) පෙරවරුවේ සිට තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගොඩැල්ලවෙල මංසන්ධිය හරස් කරමින් විරෝධතාවක් පවත්වමින් සිටිති.
තමන්ට පසු ගිය ඉරිදා දින සිට පානීය නල ජලය නොලැබී ඇති බවත් ගොඩැල්ලවෙල, කදුරුපොකුණ,උණාකූරුව ආදී ගම් රැසක පවුල් හාරදහසකට පමණ දින හයක් තිස්සේ බීමට ජලය නැතිව දුක් විදින බව විරෝධතා කරුවෝ පවසති.
තංගල්ල, නලගම ජල පවිත්‍රාගාරයේ නිළධාරීන් පවසන්නේ පලපොත සිට එලා ඇති ප්‍රධාන ජල නළ මාර්ගය අබලන් වී ඇති බවත් එම ප්‍රධාන ජල නළ මාර්ගය පිපිරීම් වලට ලක් වෙන බවයි. නව ජල මාර්ගයක් එලීමෙන් තොරව ඇති වී ඇති ගැටළුවට පිළිතුරක් නොමැති බව ද නලගම ජල පවිත්‍රාගාරයේ නිළධාරීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ මිනිස්සු විඳින දුකක්! (නි)
බොන්න වතුර නැති වුනාම මිනිස්සු කලබල කරන එක පුදුමයක් නොවේ. තව ටික කලකින් කන්නත් නැති වුණාම තවත් කලබල ඇති වේවි.(කෞ)
මෙම ජාල යෝජනා ක්‍රමය බාරව සිටි බලදාරීන් දැන්ද ඇහැරෙන්නේ. හරස් කළ යුත්තේ මහා මාර්ගය නොවේ. .(හේ)