
උපාලි ආනන්ද
සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සිය තනතුරට අවැසි බලය ඉක්මවා කටයුතු කර ඇති බවට කැකිරාව මහේස්ත්‍රාත් ඩී. පී. එස්. එම්. කරුණාරත්න මහත්මිය තීන්දු කළාය.
ඒ අනුව නිති විරෝධීව මුද්‍රා තබා වසා දැමූ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාව මුද්‍රා කඩා වහාම යළි විවෘත කරන ලෙසට ද කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එස්.එම් කරුණාරත්න මහත්මිය කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතාට තවදුරටත් නියෝග කර ඇත.
මෙසේ මුද්‍රා කඩා යළි විවෘත කරන ලෙසට නියෝග කෙරුණේ නුවර පාර මරදන්කඩවල උලංකුලම ඩේරිස් පෞද්ගලික සමාගමට අයත් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි.
එම ආයතනයට සහ එහි අයිතිකරු වන ඉසුරු ජීවන්ත චන්ද්‍රසේකර මහතාට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතා අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසිත තනිප්පුලිආරච්චි මහතා ප්‍රකාශ කළේ සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් කිරි ආශ්‍රිත නිෂ්පාදනය විත්තිකරුට අයත් මෙම ආහාර පරිහරණ ආයතනය තුළ සිදුකරමින් පවතින බවට පැමිණිලි ලැබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩේරීස් ආයතනයේ පරීක්ෂණ කටයුතු කරන්න ඉන්ස්පෙක්ටර් මහත්තෙයා එනකොට මල්ලිට කියලා තේ මේසයක් පිළියෙල කලානම් ඕවා වෙන්නෙ නැහැ මුදළාලි . ඉන්ස්පෙක්ටර් උන්නාන්සේ තේ බොන වෙලාවෙ අහවලාගෙ මල්ලිත් මේසයේ හිටියනම් පරීක්ෂණ කටයුතු ඉතාමත් සාර්ථකව අවසන් වෙනවා.මම දැකපු දෙයක් කියන්නෙ ඉඹුලානට ආසන්න ගමේ කැඩුම් බිදුම් වෙදෙක් ඉන්නවා ඒ බෙහෙත් ශාලාව ඉදිරිපිට අලංකාරව තියෙනවා පිටිපස්සෙ වතුර භාජන පිරිලා වතුර වලවලුත් එහෙමයි ඒවායේ මදුරුවො යන්නෙ ඇමරිකාවෙ ගුවන් තොටුපලක ✈️ යනවා වගේමයි ඒත් ඉස්සරහ දොරේ ඩෙංගු මර්ධනය කල ආදර්ශමත් පරිශ්‍රයක් කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තෙයා දැන්වීමක් අලවා තිබුනා