(අංජුල මහික වීරරත්න)
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් අද (6) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොල්ලා නොහිටින්න ඩොලර් මිලියන ගාණක් අහවල් කෙනාගේ සාක්කුවේ. දැන්වත් වකුටු කොන්ද දිග හැර නැගිටපල්ලා...
වීසා ගාස්තු වෙනසක් නැති වුණාට වෙනදා ඩොලර් 50න් කරන්න යන වැඩේට දැන් 100ට වඩා යන බව පේන්නේ නැත්ද? ලංකාවට වැඩිපුර එන්නේ සංචාරකයින් තරු 5 හෝටල්වල නවතින අය නෙවෙයි. එයාලාට වැඩිපුර යන ඩොලර් 50ත් දැනෙනවා...
මාධ්‍ය සාකච්ඡාවක් දීලා ඇදබාපු ලොකු ටෝක්ස් කලිසමේ පහවෙන කොට හවසට අකුල් පන්නනවා. එයාර් පෝට් කොල්ලෝ ඔයාට ගොඩාක් පිං මේ හොරු රැලගේ රෙදි ගැලෙව්වාට.
VFS ආයතනය දැන් නැද්ද ? නැත්නම් ඒ ගොල්ලන්ට දැන් ගෙවන්නේ කොහොමද? VFS වියදම ආණ්ඩුව අරගෙනද දන්නේ නෑ. එහෙව් අප්පලා..
මේ දවස් ටිකට වුණත් හොඳ ගාණක් එකතු වෙන්න ඇති නේ? රට ගිහින් එච්ව නිසි පරිදි කළමනාකරණය කරලානේ ආවේ, දැන් ඉතින් අඩු කළත් මොකද නේද?
ටිරාන් අලස් ඇමැති තුමාට අනුව කලින් සිංගල් එන්ට්‍රී සහා දින 30ට වලංගු විසා එක තමා ඩොලර් 50. දැන් ඩබල් එන්ට්‍රි සහ දින 60ක් වලංගු වීසා එක තමා ඩොලර් 100. මට ප්‍රශ්ණ දෙකක් තියෙනවා. 1. සිංගල් එන්ට්‍රි දින, 30විසා එක ඩොලර් 50ට විකුණපු ආගමන විගමන නිළධාරීන්ට ඩබල් එන්ට්‍රි,දින 60 ක වීසා එක ඩොලර් 100ට විකුණන්න බැරි වෙන්න හේතුව මොකද්ද? 2. ඩබල් එන්ට්‍රි,දින 60 ක වීසා එක ඩොලර් 100ට විකුණුවාට ඒ ඩොලර් 100ම ආණ්ඩුවට එන්නේ නෑ. ඩොලර් 20ක් විතර ඔය කියන වී.එෆ්.එස්. කියන ආයතනයට යනවා. මේක ආණ්ඩුවට ආදායම් අහිමි කිරීමක් නේද? හරියට සීනි බදු වංචාව සහා සුඳු ළුණු වංචාව වගේම.
ඒ කියන්නෙ ඔය ඇල්බීසිය ලෑලි වලින් හදපු කැබිනට් එක ගාස්තු වැඩි කරලා, අර තරුණය කලබල කරල ජනතාව අවධි කරාට පසු ඒක නැවත අඩුකරල නේද? මෙතන ආණ්ඩුව සුද්ධ කරන පෝස්ට් දාන අම්ම අප්ප ගෑනි විකුණුවත් කමක් නැහැ කියන සෙට් එක කෝ?
වීසා ගාස්තු වෙනසක් නැති වුණාට ලැබෙන වීසා ගාස්තු ලංකා රජයට ලැබෙන්නේ නැතිනම් වැඩක් නෑ!! වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට තියෙනවා කියන කතාව මහජනයාගේ අවධානය නොමඟට හැරවීමට කරන ලද කූට ප්‍රකාශයක්!!
වීසා ගාස්තුව අඩු කරාට යාලු සමාගමට ගෙවන ගාන එහෙමම දෙනවා ඇති , එතකොට ලංකාවට තමයි මේකෙන් ඩබල් පාඩු
එතකොට VFS එකේ ගාස්තුව ආණ්ඩුවෙන් ගෙවනවද?
අනිවාර්යයෙන්ම ගුවන්තොටුපලේදී අසාධාරණය වෙනුවෙන් නැගී සිටි එම මහත්මයට මගේ ප්‍රණාමය පුද කරනවා , ඔහු එක නොකලානම් සංචාරක කර්මාන්තයට සහ ලංකාවට ඩොලර් මිලියන සිය ගණනක අලාභයක් සිදුවෙනවා , සුළුපරිමාණ homstay විශාල ප්‍රමාණයක් වැසි ගොස් , පවුල් දහස් ගණනක ජිවන උපාය මාර්ග වැසි යන්න පුළුවන් , දැන්වත් සංචාරක සංගම් එකමුතුවෙලා දිපවියාප්ත රාජ්‍ය නොවන සංචාරක සමිතියක් පිහිටුවා ගන්න ඕනේ , එහෙම දෙයක් තිබෙනවා නම් ලනක්වේ සංචාරක වියාපාරය ප්‍රවර්ධනය ඔවුන් අතට ගන්න පුළුවන් , මේ වගේ වැදගත් ප්‍රශ්නවලදී මැදිහත් වෙන්න පුළුවන් , සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයෙන් සිදුවන්නේ සංචාරක වියපරිකයන්ට විවිධ නීති රීති දමමින් , කොමිස් , පග ගසමින් වියාපාරය අඩාල කිරීම පමණි
යල්පැනපු රනිල්ගේ ආණ්ඩුවට ඩොලර් හොයාගන්න වෙන කිසිම දැනුමක් ,අදහසක් නැහැ ඉතින් පිටරට ශ්‍රමිකයෝයි ,ලංකවට එන විදෙශිකයෝන්ගේය්නුයි පුළුවන් තරම් ඩොලර් හුරගෙන කන්න තමයි බලන්නේ , මේ වගේ වැඩ නිසා ලංකාවේ සංචරක කර්මාන්තය අපහු 2014 ට කලින් තිබුණු තත්වෙට වැටෙයි
පවුලක් එනකොට සාමාන්‍යයෙන් ලමයි දෙන්නෙක් එක්ක හතර දෙනෙක්. එතකොට වීසා වලට යන මුදල හතරෙන් වැඩි කරන්න ඕන. වීසා එකකට ඩොලර් 75 ක් උනොත් වීසා වලට විතරක් ඩොලර් 300ක්. මේක අනිත් රටවලට සාපේක්ෂව ලොකු මුදලක්.
එදා ගුවන්තොටුපලේදී මේ වෙනුවෙන් හඬ නගපු එම තරුණ වීරයාට සියලු ගෞරවය හිමිවියයුතුයි. මහා ලොකුවට මව් බිම, මාතෘ භූමිය කියමින් පම්බෝරි ගහන කාර්ඩ් බෝර්ඩ් දේශප්‍රේමිලා වන කාර්ඩ් බෝර්ඩ් වංශ සහ කාර්ඩ් බෝර්ඩ් ගම්මන්පිල මේ වෙනුවෙන් මොකද්ද කලේ? ඔහුට නඩුවෙන් බේරුනා පලියට අද පැත්තට වෙලා ඉන්නේ.