IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වාස් ගුණවර්ධන

1981 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ වාස් ගුණවර්ධන මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2005 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2007 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස ද උසස්වීම් ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ ගුණවර්ධන මහතා ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව සේවය කර ඇත.

රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීමෙන් පසු කොටකෙතනේ අභිරහස් ඝාතනවල සුල මුල හෙළි කර ගැනීමත් සමග ඒ මහතා ගැන විශේෂ කතාබහත් ඇති විය.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි පළමුවැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබීය.

2013 මාර්තු 14 වැනි දා ඔහු ගම්පහ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.

2013 ජූනි මාසයේ දී ගුණවර්ධන මහතා අත්අඩංගුවට පත් විය.

නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව මෙයයි.



අදහස් (0)

වාස් ගුණවර්ධන

සේන Friday, 27 November 2015 07:06 PM

මෙම තීරණයට එරෙහිව ඇපෑලක් ගැනීමේ අයිතිය මොවුන්ට හිමි බැවින් මේ ඉක්මන් මත පළකිරීම තාර්කික නොවන බව සිතමි. (නි)

:       1       0

කමල් Friday, 27 November 2015 11:57 PM

බලය ලැබුනහම ලංකාවෙි මිනිසුන් සිතන්නෙ තමන්ට වැඩිය කෙනෙක් නැහැ කියලා. ඒත් යාථාර්ථය එය නොවන වග මිනිසා තේරුම් ගතයුතුය (නි)

:       0       1

පිටිගල Friday, 27 November 2015 10:30 AM

තන්හා ජායතී සෝකෝ...!(තණ්හාව නිසාම දුක උපදී) (හේ)

:       0       1

සුනිල් Friday, 27 November 2015 10:48 AM

රජකම් කලත්,කළකම් පලදේ.(හේ)

:       0       1

ජගත් රණතුංග Friday, 27 November 2015 10:56 AM

හෘද සාක්ෂියෙන් දණ්ඩණය ලැබී තිබුණා මීට කලින් (බ)

:       0       1

දර්ශන Friday, 27 November 2015 11:00 AM

දිට්ට ධම්ම වේදනීය කර්මය. මේ බෞද්ධ රටේ කළ පව් මෙලොවදීම පටිසන් දීම, පොලිසියේ ඉන්න අනිත් අයටත් මේක හොද පාඩමක්. (බ)

:       0       1

චන්න බුවනක Friday, 27 November 2015 11:02 AM

කව්ද හරි, කව්ද වැරදි .... අපිට තේරුම් ගන්න ගොඩක් කල් යයි. එදාට මේ සිද්ධ වෙන දේවල් නිවැරදි කර ගන්න බැරි වෙයි. (බ)

:       1       0

චන්දික Friday, 27 November 2015 11:25 AM

දක්ෂ පොලිස් නිලධාරියෙක්. එ්ත් කළ කම් පළ දෙයි (බ)

:       0       0

ප්‍රගීත් Friday, 27 November 2015 11:42 AM

චන්න බුවනකට නම් මේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න ගොඩක් කල් යයි වගේ. (බ)

:       0       1

විමල් Friday, 27 November 2015 11:43 AM

ලංකාවේ පවතින පිරිහුණු දේශපාන ක්‍රමය මේවාට හේතුවයි. මරණ දඬුවම දියයුතු මිනීමරුවන් කී දෙන්නම් යහතින් කිසිම කරදරයක් නොමෙතිව ඉන්නවාද. (බ)

:       0       1

සරත් Friday, 27 November 2015 11:49 AM

වාස් මහත්තය ,පොලිසියට හොඳ දේවල් කළා.පස්සේ වරද්දගත්ත. හරියට මහින්ද මහත්තය වගේ. (බ)

:       0       0

සුනිල් ගිකියනගේ Friday, 27 November 2015 11:52 AM

රාජකාරී කිරීමේදි හරි හෝ වැරදි රජයේ පවතින නිතිරීති අනුව කටයුතු කළ යුතුය. තමන්ගේ හැගීම් අනුව තීන්දු තිරණ ගැනීම හා නීති රෙගුලාසි අනුව කටයුතු නොකළ නිසා මෙම අවාසනාවනත් ඉරනමට මොහු පත්වී ති‍බේ. සියලු දෙනාටම හොද පාඩමකි මේ නඩු තීන්දුව. (බ)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 27 November 2015 02:41 PM

වගා කළේ තල නම් අස්වැන්නද තලමය..(බ)

:       0       1

බුද්ධික Friday, 27 November 2015 03:06 PM

සරත්, ඔබගේ කියමනට මමත් එක හෙලාම එකග වෙනවා..(රේ)

:       0       0

සම්පා Friday, 27 November 2015 03:13 PM

88 89 කලේ කරපුව දැන් මතක් වෙනවා ඇති (රේ)

:       0       0

විජිත් Friday, 27 November 2015 05:49 PM

මෙයා වැරදිද නිවැරදිද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් ඔය චෝදනාව එල්ලවීමට කලින්, රටේ සිදුවුණ යම්කිසි සිද්ධිදාමයක් එකින් එක පෙළගස්වා බැලුවිට, ඒ මත මොහුගේ ඉරණම තීරණය වුණා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site