1981 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ වාස් ගුණවර්ධන මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2005 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2007 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස ද උසස්වීම් ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ ගුණවර්ධන මහතා ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව සේවය කර ඇත.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීමෙන් පසු කොටකෙතනේ අභිරහස් ඝාතනවල සුල මුල හෙළි කර ගැනීමත් සමග ඒ මහතා ගැන විශේෂ කතාබහත් ඇති විය.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි පළමුවැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබීය.
2013 මාර්තු 14 වැනි දා ඔහු ගම්පහ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.
2013 ජූනි මාසයේ දී ගුණවර්ධන මහතා අත්අඩංගුවට පත් විය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීරණයට එරෙහිව ඇපෑලක් ගැනීමේ අයිතිය මොවුන්ට හිමි බැවින් මේ ඉක්මන් මත පළකිරීම තාර්කික නොවන බව සිතමි. (නි)
බලය ලැබුනහම ලංකාවෙි මිනිසුන් සිතන්නෙ තමන්ට වැඩිය කෙනෙක් නැහැ කියලා. ඒත් යාථාර්ථය එය නොවන වග මිනිසා තේරුම් ගතයුතුය (නි)
තන්හා ජායතී සෝකෝ...!(තණ්හාව නිසාම දුක උපදී) (හේ)
රජකම් කලත්,කළකම් පලදේ.(හේ)
හෘද සාක්ෂියෙන් දණ්ඩණය ලැබී තිබුණා මීට කලින් (බ)
දිට්ට ධම්ම වේදනීය කර්මය. මේ බෞද්ධ රටේ කළ පව් මෙලොවදීම පටිසන් දීම, පොලිසියේ ඉන්න අනිත් අයටත් මේක හොද පාඩමක්. (බ)
කව්ද හරි, කව්ද වැරදි .... අපිට තේරුම් ගන්න ගොඩක් කල් යයි. එදාට මේ සිද්ධ වෙන දේවල් නිවැරදි කර ගන්න බැරි වෙයි. (බ)
දක්ෂ පොලිස් නිලධාරියෙක්. එ්ත් කළ කම් පළ දෙයි (බ)
චන්න බුවනකට නම් මේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න ගොඩක් කල් යයි වගේ. (බ)
ලංකාවේ පවතින පිරිහුණු දේශපාන ක්‍රමය මේවාට හේතුවයි. මරණ දඬුවම දියයුතු මිනීමරුවන් කී දෙන්නම් යහතින් කිසිම කරදරයක් නොමෙතිව ඉන්නවාද. (බ)
වාස් මහත්තය ,පොලිසියට හොඳ දේවල් කළා.පස්සේ වරද්දගත්ත. හරියට මහින්ද මහත්තය වගේ. (බ)
රාජකාරී කිරීමේදි හරි හෝ වැරදි රජයේ පවතින නිතිරීති අනුව කටයුතු කළ යුතුය. තමන්ගේ හැගීම් අනුව තීන්දු තිරණ ගැනීම හා නීති රෙගුලාසි අනුව කටයුතු නොකළ නිසා මෙම අවාසනාවනත් ඉරනමට මොහු පත්වී තිබේ. සියලු දෙනාටම හොද පාඩමකි මේ නඩු තීන්දුව. (බ)
වගා කළේ තල නම් අස්වැන්නද තලමය..(බ)
සරත්, ඔබගේ කියමනට මමත් එක හෙලාම එකග වෙනවා..(රේ)
88 89 කලේ කරපුව දැන් මතක් වෙනවා ඇති (රේ)
මෙයා වැරදිද නිවැරදිද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් ඔය චෝදනාව එල්ලවීමට කලින්, රටේ සිදුවුණ යම්කිසි සිද්ධිදාමයක් එකින් එක පෙළගස්වා බැලුවිට, ඒ මත මොහුගේ ඉරණම තීරණය වුණා කියලයි මට නම් හිතෙන්නේ. (නි)