හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රහස් පොලීසියේ සහකාර අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන නීතීපති උපදෙස් පතා ඇතැයි පොලිස් විශේෂ අංශයේ ස්ථානයේ ස්ථානාධීපති සී ඩබ්ලිව් වික්‍රම සිංහ මහතා අද (26) අධිකරණයට දැන්වීය.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී හිටපු නියෝජ්‍ය පොලිස්පති තර්ජනය කළැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ මේ පැමිණිල්ල ඉදිරිපත් කැර ඇත.
වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ සාක්කි නැතුව මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන දැන් නඩු පටලවා සාක්කි සොයන බවයි.
පොලීසිය එවැනි දේ නොකරන බව පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා පැවසීය.
ලබන සැප්තැම්බර් 4 වැනිදා තෙක් වාස් ගුණවර්ධන රිමාන්ඩ් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ වාස් මහත්මය ඉන්න කාලේ බද්දේගම පැත්තේ 5 දෙනෙක් අතපය බැදලා මරල දාල තිබ්බා. ඒක ගැන පරීක්ෂණ නැත්ද? ඔවුන් සියලු දෙනා අහිංසකයන් බව ප්‍රදේශවාසීන් දන්නවා.(නදී)
කවදාම හරි සත්‍ය ජය ගන්නවාමයි.එය වළක්වන්න කාටවත් බැහැ.වාස් මහතාණනි ඔබ කව්ද කියා දන්නෝ දනිති ,ඔබට දෙවි පිහිටයි (නි)
ඇතුලේ තියෙන සැප හැටියට ඕක මොකක්ද? නොමිලේ කාලා බිලා ඉන්න එකනේ ආරක්ෂාවකුත් සමඟ. (ස)
මෙතුමා දක්ෂ නිලධාරියෙක්. මට පේන විදියට මෙතුමට දේශපාලන කරලියේ කීප දෙනෙකුට හිසරදයක් වුනා මෙතුමා රාජකාරිය හරියට අකුරට කරපු නිසා.අපේ පොන්සේකා මහත්තයට වගේ ජම්පරය ගස්සන්නයි සැලසුම් කළේ. තක්කඩින් මෙරට දේශපාලනය කරන තුරු අවංක නිලධාරීන්ට අවංකව තම රාජකාරිය කරන්ඩ බැහැත කකුලෙන් ඇදලා වට්ටන්නනයි හදන්නේ.(නදී)
දෙපාර්තමේන්තු ඇතුලේ මොනවා වෙනවද කියල අපි දන්නේ නැහැ. නමුත් කල නරක් වුනාම කට ඇතුළු හැම අවයවයක්ම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කියන එක තේරුම් ගත යුතුයි. ශානි අබේසේකර වැනි කීර්තිමත් නිලධාරියෙකුට තර්ජනය කළා නම් එසේ කරද්දී එවැනිම තවත් කීර්තිමත් නිලධාරියෙකු වූ සමුද්‍රජීවට තර්ජනය කරපු ලොක්කට සිදුවුණ දේත් කලපනාවට ගත යුතුව තිබුනා. (නදී)
වාස් ගුනවර්දන මහත්තය නම් බබෙක් වගේ.(නදී) .