සියාම් ඝාතන නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහාධිකරණයට රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අද (7) පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ වාස් ගුණවර්ධනට හදිසියේ හෘදයාබාධයක් ඇතිවී ඇතැයි කියති.
ජාතික රෝහලේ හදිසි එ්කකයේ ප්‍රතිකාර ලබාදීමෙන් පසු එහි 49 වැනි වාට්ටුවට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් හදවතකට උහුලන්න පුළුවන් බරක් තියෙනවා. බලෙන් පටවා ගන්නා බර නිසා හදවත රෝගීවෙනවා. (ම)
වෙනත් දුෂකයන් ගෙන බැලුවාහම, මොහුට කරන අසාධාරණ පලි ගැනිමක් වාගේ (ම)