‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී හැඬූ කඳුලින් පැවසීය.
පෙරදින කුරුණෑගල කුඹුක්ගැටේ දී පැවැති කලාකරුවන්ගේ වැඩසටහනකට ප්‍රහාරයක් එල්ල වූ අතර ජගත් මනුවර්ණ ද පහර කෑමට ලක් විය.
ජගත්ගේ කතාව ආරම්භ කළ අවස්ථාව මාධ්‍ය සාකච්ඡාවේ සිටි සියලු දෙනාට සංවේදී අවස්ථාවක් විය. මේ අවස්ථාවට කලාකරුවෝ රැසක් පැමිණ සිටියහ.
‘මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා මුන් එක්ක රේස් පදින්න. වෙන කිසි දෙයක් එපා.‘ යැයි කියූ ඔහු කතාව අවසන් කළේය.
ජෙහාන් -
‘ජගත් කියපු දේ තමයි ඇත්ත. මේ පාලකයාට බලය දෙන්න කියා කියන ක්‍රීඩකයන්ට, කලාකරුවන්ට මට කියන්න තියෙන්නේ ඒ පාලකයන්ගේ බේබිගේ සහචරයන් ටික අපේ නිදහස් මතධාරී තරුණ කලාකරුවන්ට ගැහුවා. ‘
සෞම්‍ය ලියනගේ -
‘අද ඛේදනීය දවසක්. නිර්මාණ ශීලී ක්‍රියාවන්ට තියන ඉඩ කඩ සීමිත වෙමින් තිබෙනවා. අපි හමදාම ඛේදවාචකය දකිමින් ඉන්නවා. අපිට හැකි පමණින් අපගේ මැදිහත්වීම පුරවැසියන් විදියට දායක වෙන්න දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා.
ඊයේ නිශ්පාදනය කළ සිනමා පටයක් තිබෙනවා. ඊනියා කලාකරුවන්ට කියනවා මෙය සංවිදිත ලෙස ලෙස සිනමා ශාලාවලට මුදා හරින්න කියා. මේ සිනමා පටය නිර්මාණය කලේ ඔය කියන ඊනියා කලාකරුවන්. ‘
පරාක්‍රම නිරිඇල්ල -
අපි සාර්ථක දවසකට එළඹිලා ඉන්නවා. සමහරු කියන ජනමූල නායකයාගේ මුහුණේ මල් පිපිලා. ඒකයි මේවගේ දේවල් සිදු වෙන්නේ.
අපි මේ කාර්ය ආරම්භ කළේ 1800ක් පමණ කලාකරුවන්ට ලියුමක් තැපැල් කරලා. එහි අපි පැහැදිලිව පුළුල් වැඩපිළිවෙළක් සඳහන් කර තිබෙනවා.
ඒ ලියුමේ තිබෙන ලිපිනයට අපිට ලියුම් දෙකක් ආවා. ඒ දෙකම අමු තිත්ත කුණුහරපෙන් බැනලා තිබෙන්නේ. එය කළේ කවුද කියා මා හොයා ගත්තා.
මේ ආණ්ඩුවෙන් හම්බකරුපු සල්ලුවලින් සමහර කලාකරුවන් මේ ආණ්ඩුවේ දේශපාලනය කරනවා.අපි කලාකරුවන් ලෙස අනාගත පරපුරට මොනයම් හෝ දෙයක් ඉතිරි කර යා යුතුයි. බිහිසුණු අනාගතයද, කෘරත්වය ද, ඊට උඩගෙඩිදීමක් ද ඉතිරිකර යා යුත්තේ? වන්දිභට්ට කලාවක් අපි ඉතිරි කර යනවද?‘
ජයලත් මනෝරත්න , උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර කෙසෙල් ජනරජයේ ජනාධිපතිකමට ව්‍යාපෘති වාර්තා සැදු සිහින කුමාරක් තමයි බොලිවුඩ් නළුවෝ ගෙන්නුවේ (නදී)
හිතවත් ජගත් මනුර , ගිනි අවි සහ ගිනිකෙළි ටෙලි කතාවේ ඔබේ චරිතය සබැ ලෝකයීදී ඔබට එරෙහිව රග දක්වා ඇත . එය මහත් අවාසනාවකි.(නදී)
තව ටික දවසයි! එක්වෙමු, පෙලගැසෙමු, රට රකිමු. බේරාගමු මේ උන්මාදයෙන්!(නදී)
ඔබේ ගමන නිර්බිතව යන්න අපි පසු පසින් එනවා. (ර)
සල්මන් ඛාන්ට රතු පාවඩ. ලංකාවේ කලාකරුවන්ට පොලු පාර. (ර)
දර්ශනගෙ, කතාව හරියටම හරි. (ර)
අනේ! අපේ රටේ සමහරුන්ගේ මානසිකත්වය ගැන මට ඇත්තටම කණගාටුයි. (නි)
මේ වගේ බොළඳ ලාමක අයද අපට උගන්වන්න වැඩමුළු තියන්නේ? අපි කාපු වෙඩි උන්ඩ බැටන් පොලු කඳුළු ගෑස් අප ඉදිරියේ මැරිලා වැටෙන මිනිසුන් දැක්ක නම් මේ අය බයේ මැරෙයි. දැන් ඉන්න මේ කලා කරුවෝ මහා ලාමක අය.
මේවා නොතේරෙන අය කලාකරුවන් වෙන්න බැහැ.(නදී)
දැන් සත්‍ය තත්වය අපි දන්නවා. (නි)
යමෙක් සිතනවා නම් බලෙන් යමක් කරවා ගන්න ඒ ඔවුන්ගේ නුගත් සිතුවිල්ලකි. මොවුන් පෙලගැසුනේ ඔවුන් දරන නිදහස් සිතිවිලි සමාජ ගත කරන්නට මිස කැරැල්ලක් ගැසීමට නොවන බව බුද්දිය ඇති ඕනෑම කෙනෙක් පිලිගන්නවා ඇත. ඒ නිදහස අපිට නැති බව දැන් අපට පැහැදිලිය අපි හැමදාම කියන මොර දෙන නිදහස අපිට හිමිද? (නදී)
කලාකරුවෙකුගේ හැඟීම් මෙසේ වියයුතුද? (නි)
හිඟන්නාට තුවාලය නැතුව හිඟාකන්න බැහැ කියලා කියමනක් තියෙනවානේ! (නි)
හොඳ ලිපියක් (නි)
දුටුගැමුණු රජතුමා අද අපි සිහිකරන්නේ එළාර යුද්ධයත් එක්ක නෙමෙයි, රුවන්වැලිසෑය මිරිසවැටිය එක්ක (නි)
ඔය වෙන කිසිම දේකට සැලෙන්න එපා. බාධක හමුවේ ඉදිරියටම යන්න.(දිල්)
කතා වැරදි යයි කියන්න බැහැ. බලමු කොතැනද අවසානය කියලා (දිල්)
අපේ රජතුමා අපිට හොදයි (දිල්)
රටක ජීව නාළිය වන් අවංක කලාකරුවෙනි අප ජීවත් වන්නේ විදේශයක වුණත් ඔබලාගේ මෙවර අගේ කරන්න වචන නැත ශ්‍රී ලංකාවේ ජීවත් උනානම් නිසැකවම ඔබ සමග මාද මේ සටනට එකතුවන්නෙමි (දිල්)
නිවරදි මග ගත් කලාකරුවනි මේ සටන දිනුවත් පැරදුනත් සටන අත නොහරිනු. සාදාරන සමකයක් සදහා අපි ඔබ සමග අත් වැල් බැඳ ගන්න සුදානම්. අපි දැන් සටන බාගයක් දිනලා ඉවරයි. දැන් රජ්ජුරුවොත් කතා කරනවා විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කල යුතුය කියා එහෙමනම් අපේ මතය දිනුම් නේද. එකතු උනොත් මේ රට හදන්න පුළුවන්. මේ ජරා ජීර්ණ දේශපාලනය නැති කරන්න එකතු උණු ඔබ සියලු දෙනාටම අපේ ප්‍රනාමය. ජය වේවා (නදී)
සියලු දේ එක පැත්තකට පමණක් සීමා වෙලා...මේකද ප්‍රජාතන්ත්‍රවාදය...??(දිල්)
දර්ශන හරියටම හරි. යුද්දේ ඉවර කර කියල හැමදාම ඉන්නද හදන්නේ . අපි ඡන්දෙ දුන්න යුද්දේ දින්න එකට. යුද්දේ දින්න නිසාද දැන් කලාකරුවන්ව මරන්න හදන්නේ. (බ)
ජයසේකර, යුද්දේ ඉවර කර කියාගෙන ඇවිත්, ගෙදර ඉන්න අම්මට හරි , නංගිට, අක්කට හරි, අතවරයක් කරලා යනකන්, ජයසේකරලා බලන් ඉන්නවද? එහෙම අවුලක් නැතිනම් මල්ලි හරි මල්ලි ....... ශුභ අනාගතයක් ......!! (බ)
නියම ශ්‍රේෂ්ඨ කලාකරුවන්. උපුල් ශාන්ත සන්නස්ගල(දිල්)
මනෝරත්න මහත්තයාත් ඔතැනද? (දිල්)
රට මුදවා ගැනීම ඔබ සැමට බාරය ඉදිරියටම යන්න (දිල්)
ඩලස් ඇමතිතුමා පැහැදිලිව කිව්වනේ මේක මේ නිල් බලකා ටි ෂර්ට් ඇදගෙන වෙන කණ්ඩායමක් කල පහර දීමක් කියල. ඔය සමුර්ධි නිලධාරියෙක් තමන්ම ගහේ බැදගත්තේ, ඒ නිසා ඕව සාමාන්‍ය දේවල්, දැන් නිව්යෝර්ක් ගහපු ටි ෂර්ට් අදින්නේ ඇමෙරිකාවේ පුරවැසියෝමද නෑනේ....?(නදී)
යථාර්ථය තේරෙන හැම කෙනෙක්ම මතය මේක තමයි (දිල්)
සුගත් මනෝරත්න මහත්තයාත් ඔතැනද? ඔව් ඔයාලට ගොඩක් අපහසු නේ හරිම දේ හරියට දකින්න. මනෝරත්න මහත්තයා කවදත් හිටියේ ඔය ගොඩේ තමයි. නැතුව කුඩු ගොඩේ නෙවේ ඒ හින්ද තමයි පිටකොටුවේ කඩ කෑලි නැත්තේ (නදී)
ලංකාවේ කලා කාරයෝ කුනු බක්කියේ සල්මන් ඛාන් කරලියේ. (ර)
ජයසේකර කරුණ කරලා ඔය පරණ තැටිය විසි කරන්න ඒවා කරපු උන්ටත් එදා විරුද්ද උනේ මේ මිනිස්සු (නදී)
කවදා හෝ සත්ත්‍ය ජයගනී. (ර)
ලංකාවේ නියම ශ්‍රේෂ්ට කලාකරුවන් සියල්ල අද එකට එකතුවී සිටීම සතුටක්. (ර)
කලාකාරයන්ට කරපු දෙය හරි කියන්නේ නැහැ. නමුත් සමස්ථ රටවැසියන්ම ඉතා දුෂ්කර වසර තිහක (යුදමය) අප්‍රසන්න කාලයක් සහ එය තුලම නිදහසේ කතා කරන්නවත් බැරි රටේ විශාල තරුණ පිරිසක් ඝාතනය කරපු අදුරු යුගයක් පහුකරපු බවත් අමතක කරන්න එපා. (ර)
සල්මන් ආපහු ගිහිල්ලා කියල ආරංචියි. (දිල්)
ජයසේකර ඔය වසර තිහේ යුද්දේ කතාවට තමය ගිය පාර ඡන්දෙ දුන්නේ. දැන් අයෙමත් මොනවද මේ කියන්නේ?(දිල්)
අපි ජනපති සමග. (ර)
පොඩ්ඩක් ඉන්න මහත්තයෝ, ඒ ටිකත් නම වෙනිදට වෙයි. ඔයාල අද කතා කරන්නෙ නාට්‍යයක්, සිනමා පටයක් පෙන්වන්න බැරිව තිබු රටක. (නදී)
සුගත්, ඔව් මනොත් එතන තමයි -ඇයි ජ්‍යෙෂ්ඨ කලාකරුවොන්ට මානව හිමිකම් අහිමිද? (නදී)
ජයලත් මනෝරතනත් ඔතැනද? අපොයි මම හිතාගෙන හිටපු හැටි. අනිත් එවුන් නම් ඉංගිරිසි ගහේ හැදිච්ච, සිංහලයි කියන සුමට, සුකොමාල චූටි පැට්ව් නොවැ.
මේ ගොල්ලෝ අම්මලට තාත්තලට පවා බනිනවනෙ හැදුවට. එකේ නම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...
ඔයාලා පැත්තකට වෙලා ඉන්න. දේශපාලනයට එන්න එපා (නදී)
ඔබලාගේ අවංක ප්‍රයත්නයට අපෙන් සුභ පැතුම්. ඔතන ඉන්නේ බුද්ධිමත් පිරිසක්. (නදි)
අඬන්න ඉන්න කොටම ඇහැට ඇනලා.(නදී)
ජගත් මනුවරණ ඔබ සැලෙන්න එපා. මොකද කලාව කියන්නෙත් එක්තරා මාධයක්. ලෝකයේ ආරම්බයේ සිට ශිෂ්ටාචාරය අදවෙන විට මේ තරම් වෙනසකට භාජනය වුනේ ඒ කලාව භාවිතයේ සිදුවුන ආකාරයේ හැටියටයි. ඉතින් මේ කලාව භාවිතයේදී වැරදුන තැන් ඇති. දැන් එය නිවැරදි කිරීමට ඔබලාට කාලය ඇවිත්. (නදී)
මෛත්‍රී දිනවීමෙන් පසුව තමා නියම අරගලය තියෙන්නේ. අපේ රටට සැබෑ නිදහස ලබා ගත යුතුව තිබෙනවා. ඒ අරගලයට ඔබ සැමගේ දායකත්වය නියත වශයෙන්ම අවශ්‍යයි. දුෂිත පාලකයන්ට ඇති එකම අවිය මර්ධනයයි. ඊට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කළ යුතුය. දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් ඔබ සමගයි. ඔබට ජය නියතයි. ජයවේවා. (නදී)
නොදනිම ඔබතුමාලා කාණුවට විසිවෙලා.(හේ)
මේ ගැනත් හිතන්න. දෙමල ජනයා එකට එක්වී සිටිනවා. මුස්ලිම් ජනයා එකට එක්වී සිටිනවා. කවුද බෙදී ඉන්නේ.සිංහල ජනතාව. අනිත් හැමෝම බොර දියේ මලු බා ගනීවි. රට කෑලි වලට බෙදී යාවි. අවසානය ඛේදනීයයි .(හේ)
දර්ශන, හැම දෙයක්ම බලන්න ඕන සාපේක්ෂව. හරි යුද්දේ පැත්තකින් තියමු. ඔබතුමාට මතක නැද්ද 88-89 කාලේ, අපේ රටේ නිදහසේ මතවාද ඔයවගේ ඉදිරිපත් කරන්නවත් අවස්තාවක් තිබ්බද කියලා. කට ඇරියොත් පහුවදා මිනිය බෝක්කුවක් පාලමක් උඩ. තරුණ දූ පුත්තු ඉන්න රටේ කී දාහක් අම්මල තාත්තලා කොච්චර දුක් කන්දරාවක් වින්දද? (නදී)