යුද සමයේදී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා උතුරේ දිස්තී‍්‍රක්ක පහ සදහාම පත්කර ඇති විශේෂ වෛද්‍ය කමිටුව විසින් සිදුකළ මූලික අදියරේ වෛද්‍ය පරීක්‍ෂණය සදහා හිටපු කොටි සාමාජිකයින් 26 දෙනෙකු සහභාගී වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි
මේ අනුව යාපනය දිස්ත‍්‍රීක්කයෙන් නව දෙනෙකුත් කිලිනොච්චියෙන් හතකුත් මුලතීව් දිස්ත‍්‍රීක්කයෙන් හතකුත් වව්නියාව දිස්තී‍්‍රක්කයෙන් තිදෙනෙකුත් මෙලෙස වෛද්‍ය පරීක්‍ෂණයන් සිදුකරගෙන ඇති අතර මන්නාරම දිස්ත‍්‍රීක්කයේ කිසිදු හිටපු කොටි සාමාජිකයෙකු වෛද්‍ය පරීක්‍ෂණය සදහා සහභාගී වී නොමැත
මෙම හිටපු කොටි සාමාජිකයින් වෛද්‍ය පරීක්‍ෂනයට ලක් කිරීමේ දෙවැනි අදියරේ පරීක්‍ෂණ කටයුතු අද (9) යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව් හා වව්නියාව රෝහල් වලදී සිදු කැරෙන බව කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ගෙනල්ල ෆුල් බොඩි පරීක්ෂණයක් නොමිලේ කරන්න බැරිද රජයේ මුදලින්? (බ)
සංකල්ප, සයනයිඩ් විෂ ශරීර ගතවුනොත් මෙයාල ජීවතුන් අතර ඉන්න විදියක් නෑ. මේ පරීක්ෂණ කරලා මෙය බොරුවක් බව ලොවට පෙන්විය යුතුයි. මෙයට අපි විරුද්ධ වුනොත්, යම්කිසි අකටයුත්තක් වෙලා කියල ලෝකය හිතයි (බ).
වසර 30ක් තිස්සේ අපි කොටින්ගෙන් ඉල්ලන්කෑවේ කොන්ද පණ නැති දේශපාලකයොයි, සුරංගනා කතා ලියා පාඨකයින් රැවටූ අයයි හින්දා. සත්‍යයට මුහුණ දෙන්න මේ අයට අදත් නොහැකිව තිබෙනවා.
කොටියා විෂ ගහගෙනම අවොත්.? (ර)
දීර්ඝ කාලයක් සයනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගෙන සිටීමෙන් සයනයිඩ් විෂ ශරීර ගත විය හැකියි නේද ! වෛද්‍ය පරීක්‍ෂණ කළයුතු වන්නේ ඒ සඳහාය. (බ)
අනේ මෙහෙමත් රටක් (බ)
නිවට කරනවැමිය දැක්කම එළුවාත් නිකට පානවලු. (බ)
මිනිස්සු නිකන් කුලප්පු වෙන්නේ, වරදක් කරලා නැත්තම් ඇයි බය වෙන්නේ (ම)
කොටි සංවිධානයේ න්‍යායාචාර්යලා උතුරේ තරුණියන්ගේ බෙල්ලේ බලෙන් සයිනයිඩ් කරල් එල්ලනකොට අපේ පාලකයෝවත් නැත්නම් ජාත්‍යන්තර සංවිධානවත් කවුරුවත් ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. එ්කත් අපේ නිවටකම් වල තවත් එක ශෝචනීය අවස්ථාවක්. (නි)