(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනවූ දේශපාලන පක්ෂ දහය තීරණය කර ඇත.
එම පක්ෂ දහයේ සාමාජිකයන් ඊයේ රැස්වී මේ තීරණය ගෙන ඇත.
වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු මෙම පක්ෂ දහයට අයත් පක්ෂ තුනක නායකයෝ වෙති.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ දහයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද උදේ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට සජිත් සර් සදා ලෝක පූජිත අනාගත්ත පක්ෂ නායක වුනා වගේ.
සිහින ජනාධිපතිලා දෙන්නා මිය පරලොව යනකම්ම සිහින දකිමින් ඉඳියි
ඇමතිකම් එපා කිව්වද? විහිළු ඕනේ නැහැ විමල් ඇමති කමක් කරන්න සුදුසු කෙනෙක්.
රට ගොඩගන්න රනිල් සමග එකතු වෙන්න
ඒ කියන්නෙ චීනයේ සහායත් රනිල්ට. මුන් ඔක්කොම හොරු මල්ලි. රංජාගෙ කටේ මසුරං දාන්න හිතෙනව මල්ලී.
නැතුව නැතුව, නහින්න ඉස්සෙල්ලා පිනක් දහමක් වත් කරගන්න එපැයි.
කිසිම අදහසක් එන්නේ නැහැ. මීට වැඩිය හොඳයි තිරිසන් සතුන් ගැන අදහස් දක්වනවා.
අපි ඒක දන්නවා නිකන් කට විතරයි ඔයාලගේ.
ගව සම්පත සිහියට එන්නෙම...