හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියාත් බන්දු වික්‍රම හා ඔවුන්ගේ ඥාතීන් හය දෙනකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයත 81කින් විස්තර ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අදාල විමර්ශන කෙරෙන බව මෙහිදී අධිකරණයට දැන් වු රහස් පොලිසිය අදාල තනතුර දරමින් කෙටිකලකින් ඔවුන් උපයා ගෙන ඇති මුදල් හා දේහළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද සඳහන් කෙළේය.
බැංකු මූල්‍ය ආයතන හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලවලින් ද අදාල විස්තර ලබා ගත යුතුව ඇතැයි ද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
අධිකරණයෙන් අදාළ ආයතන 81ට ඒ සඳහා නියෝග නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කොහොම මේවාට මුණ දේවිද දන්නේ නැහැ . (හේ)
මේ අයගේ දේපොළ විකුණා එම ආදායමෙන් නිවාස නැති දිළිඳු මිනිසුන්ට නිවාස සංකීර්ණ සදා දෙන්න. මහඟු පිනක්.(නදී)
මේවට ප්‍රමාණවත් ශාක්ෂි නැත්නම් මොනවටද වටිනා කාලය නාස්ති කරන්නේ. විමර්ශන නිලධාරීන්ට වඩා මොවුන් ඉතා දක්ෂයි. එම නිසා ඉතා දක්ෂ විමර්ශන නිලදාරීන් වෙනත් රටකින් ආනයනය කරන්න වෙනවා.(නදී)
අපිට ආරංචියි මෙයින් එක්කෙනෙක් බලවතෙකුගේ ගෙදර හැංගිලා කියලා. එයා ගමේ ඉඳල කොළඹ ඇවිත් තමන් හරිම පොෂ් කොළඹ හාදයෙක් කියල පෙන්වන්න දත කාපු කෙනෙක්. බත්තරමුල්ලේ ගහපු ගෙදර හැටියට පරම්පරාගත බුදලයක් වත් නැතිව ආණ්ඩුවේ රැකියාවෙන් කොහොම ඔහොම ගෙවල් හදන්නද කියල හිතෙනවා. (නදී)
මම නම් කියන්නේ නිකම් එක එක්කෙනාගේ මුණු මාධ්‍යට දීලා ප්‍රසිද්ධ කරනවාට වැඩිය යම් චෝදනා තියනවා නම් ඒවා සොයා බලා චෝදනා ඔප්පු කල හැකි නම් විතරක් ඒ පිලිබඳව මහජනයාව දැනුවත් කරන එක හොඳයි. එහෙම නැතිව අන්තිමේ " ආ ඔප්පු කරන්න පුළුවන් පැහැදිලි සාක්කි නැහැ " කියල කියන්න වෙනවාට වැඩිය ඒක හොඳයි. දැන් අර පාස් පෝට් එකෙන් තිරිහන් වෙන්න ගිය නෝනා රෝහල්ගත වෙනකන් අදාළ බලදාරින් කරපු දෙයක් නැහැ. අන්තිමේ එයා කිව්වොත් මම මානසික විශාදියෙන් පෙලෙනකොට තමයි මේ තොරතුරු දුන්නේ කියල ඔක්කොම හරි. එයා හොඳයි . ඒ වැඩේ නොහොබිනා කියලා කියපු මහජනතාව තමයි මෝඩයෝ (නදී)
ජාතික ධනය සොරකම් කිරිම හා අයතා ලෙස පරිහරණය කිරිම සහගහන අපරාධයක්. මෙය කාගෙවත් බුදලයක් නොවේ. දුප්පතුන් දහඩිය හෙලා අව්වැසි නොබලා වැඩ කරන හම්බ කරන ධනය, පාන් රාත්තලෙන් පරිප්පු 100 න් ගන්න බදු මුදල් වලින් තමයි තමයි හැදෙන්නේ. මේ අයගේ විතරක් නෙමෙයි රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා වල ඉන්න හැම ලොකු ලොක්කෙගුම වත්කම් බැරකම් හා ජිවත් වන පිලිවෙල පරික්ෂා කර බැලුවොත් රටේ සල්ලි වලට මොකද උනේ කියලා හොයා ගන්න ඒ තරම් අපහසු වෙන එකක් නැහැ. දඩුවම් දිම කෙසේ වෙතත් නැවත ඇතිවිම වත් වැලැක්වුවොත් ඒ හොඳටම ප්‍රමාණවත්.(නදී)
ඒක නම් හොඳ වැඩක් (නි)
සරසි, චෝදනාත් නිකන්ම එන්නේ නැහැනේ (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඇත්තම තමයි. අන්තිමේ මේ ඔක්කොම හොඳ වෙනවා. මේවා විවේචනය කරන්න යන අපි තමයි මෝඩයෝ. (නි)
පරණ හොරු අල්ලනවා මෙන් තවත් හොරු බිහිවීම වැළැක්වීමට ක්‍රියාකිරීමත් වැදගත්. (නි)
මට නම් මේ විකාර එපාවෙලා. අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)
දේශපාලුවන්ගේ බලය සීමාකරනතුරු වංචාව වළක්වන්න බැහැ. පක්ෂ බදාගෙන ජනතාව දඟලනතුරු දේශපාලු බලය අඩුකරන්න බැහැ. (නි)
මේවා කරන්න තිබුනේ ගොඩක් කලින් ගිය ආණ්ඩුවෙන් මේවා හෙව්වා නම් තවම මේ රටේ ජනාධිපති මහින්ද (නදී)
මේ මොනවා වුණත් අන්තිමට හැමෝම හොඳයි. නරක මිනිස්සු වෙන්නේ මේ පුවත් පළකළ පුවත්පත් ඇතුළු මාධ්‍යයත් මේවා පිළිකුල් කළ විවේචනය කළ මහජනතාවත්. (නි)
රෝයි බන්දුල පෙරේරාට ජයවේවා ! (දිල් )
දින සීයය පනින්නත් දැන් ළඟයි නේද (දිල්)
දුප්පත් වුනත් මහන්සියෙන් ඉගෙන ගෙන සාධාරණව හම්බ කරලා ඉහළ තැනකට එන උදවිය ඉන්නවා. හැබැයි මේ ගොල්ල නම් ඒ කොට්ඨාසයේ නෙවෙයි. (දිල්)
දින සියය පුරාම වර්ජන විතරද (දිල්)
මේ ගොල් ගැන විතරක් නෙවෙයි .සමහර අයගේ නෝනලා ගැනත් මිට වැඩිය හොයලා බලන්න වෙයි.ඒ ගොල්ලන්ගේ ගිණුම් මිට වැඩිය පොහොසත් ඇති (දිල්)
දුෂකයින්ට නිසි දඩුවම් දෙන්න (දිල්)
මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඔය කිසි කෙනෙක් අත් අඩංගුවට ගනීවි කියලා.වැරදි කළ අය ආණ්ඩුවට ඔච්චම් කරනවා. කෝ? අපිට මොකද කලේ කියලා.. ඒවා දිහා .ජනතාව බලා ගෙන ඉන්නේ?(දිල්)
අනේ මහින්ද මහත්තයෝ. අවුරුදු නවයක් බලයේ හිටියා. හොර තක්කඩි මිනීමරුවෝ වංචා දුෂකයෝ ආණ්ඩුවට අරගෙන කොටි පරදා ජය පැන් බිබී හිටියා පමණයි නේද.? . මහජනයාට කරුණාව දක්වන එක පස්සට දාලා හතුරන්ටයි ගෝල බාලයින්ටයි කරුණාව දක්වුවානේ. මදැයි කොරගත්තු වින්නැහිය. (දිල්)
මේවා අවසානයේදී සාක්කි නැති නඩු වෙනවානේ (දිල්)
දුමින්ද, සාක්කි නැති වුණත් හෘද සාක්ෂියට යටත් හැමෝම. ඊළඟ ආත්මෙටත් ගෙනියන් වෙනවා. දැන්මම් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා දඬුවම මේ ආත්මෙදිම ගෙවලා ඉවර කර ගන්න පුළුවන්නම අඩුගානේ ඊළඟ ආත්මෙවත් බෙිරෙයි.(දිල්)