අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂඨ ප්‍රතිඵල ලබා ගත් 1ඒබී පාසල්වල (උසස් පෙළ විද්‍යා, කලා, වාණිජ අංශ තුනම ඇති පාසල්) වෙනත් ජනප්‍රිය පාලසකට යාමට තිබූ අවස්ථාව අවහිර කරමින් නිකුත් කළ 2013/4 චක්‍රලේඛය සංශෝධනය කර නැවත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය එකඟ වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
අද (17) ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කිහිපයක් සහ දෙමාපියන් කිහිප දෙනකු සමග අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා එම එකඟතාවය පළ කර ඇත.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ‘ සාමාර්ථ නවයක් ලබාගත් සිසුන්ට ජනප්‍රිය පාසල්වලට යාමට හැකියාව ලැබෙන පරිදි 2013/4 චක්‍රලේඛය සංශෝධනය කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
ලංකා ගුරු සංගමය නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික නිෂාන්ත දේශප්‍රිය, ලංකා ගුරු සංගමයේ උප සභාපති සී ජයතුංග, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් ජගත් ආනන්ද සිල්වා මහත්වරු සහ ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි සිසුන්ගේ දෙමාපිය සංසදය‘ නියොජනය කරමින් තිදෙනෙක් ද එම සාකච්ඡාවට සහභාගී වූහ.
ජූලි 15 වැනි දිනට පෙර එම සංශෝධිත චක්‍රලේඛය විදුහල්පතිවරුන්ට යවන බවද අධ්‍යාපන ලේකම්වරයා පවසා ඇත.
ලංකා ගුරු සංගමයේ භාණ්ඩාගාරික නිශාන්ත දේශප්‍රිය මහතා පැවසුවේ විශිෂට ප්‍රතිඵල ගත් සියලු ළමයින්ට තමන් කැමති පාසලකට යාමේ අවස්ථාව ලබා දිය යුතු බවයි.
සිසුන් ගැන සිතා තම ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් දීර්ඝ සටනක් ගෙන ගිය බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ ජාතික අධ්‍යාපන කොමිසමට ද පැමිණිලි කළ බවත්, සම්පූර්ණ ඉල්ලීම් නොලැබුණහොත් කළින් තීරණය කළ පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දේශප්‍රිය මහතා පැවසීය.
පසුගිය අප්‍රේල් 29 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2013/4 නව චක්‍රලේඛය නිකුත් කළේය.
ඒ මගින් සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව කියමින් ලංකා ගුරු සංගමය සහ දෙමාපියන් මානව හිමිකම් කොමිසමට ගිය අතර ජාතික අධ්‍යාපන කොමිසමේ අවධානයද ඒ වෙත යොමු විය.
‘උසස්පෙළ ජනප්‍රිය පාසල් අහිමි සිසුන්ගේ දෙමාපිය සංසදය‘ නමින් සංගමයක් පිහිටුවාගෙන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක් ද ඒ වෙනුවෙන් පැවැත්වීය.
ලංකා ගුරු සංගමය ආරම්භ කළ සටනට ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ජාතික විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ද හිමි විය.
මේ වන විට පාසල් රැසක සමූඛ පරීක්ෂණ පවත්වා සිසුන් බඳවාගෙන අවසන් බව අධ්‍යාපන ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශිෂ්ටයන්ට කැමති පාසල්
අපොන්සු Tuesday, 18 June 2013 04:17 AM
පාසල් කෙසේ වෙතත් ටියුෂන් යන්න රජයෙන් ශිෂ්‍යත්වයක් දෙනවා නම් හොඳයි.(නදී)
කිත්සිරි Tuesday, 18 June 2013 08:30 AM
චක්‍රලේඛ නිකුත් කරන්න කලින් ටිකක් හිතල බලනවා නම් හොඳයි, ඒකෙන් වන යහපත්/අයහපත් අතුරු ඵල මොනවාද කියලා. ඒ වගේම කළ දෙයෙහි වරදක් තියනවා නම්, නිහතමානිව එම වැරැද්ද හදන්න තරම් නිලධාරින් ගුණගරුක විය යුතුයි. හුඟක් දෙනෙකුට තම වරද පිළිගන්න කොන්ද පණ නැහැ. (නි)
ඉලේපෙරුම Monday, 17 June 2013 11:53 PM
හොදම තත්ත්වයේ ජාතික පාසල් මේ වන විට පුද්ගලික පාසල් වලින් හා ජාත්‍යන්තර පාසල් වලින් සිසුන් ඇතුළත් කර පුරප්පාඩු පුරවලා අවසන්. රජයේ පාසල් වලින් ඉහළින් සමත්වුණු සිසුන්ට දැන් යන්න තැනක් නැහැ. (නි)