IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විශිෂ්ටයන්ට අන්තිමේ තැන ලැබේ

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ9 සාමාර්ථ ගත් සිසුන්ට අමතරව ඒ අට හා ඒ හත සාමාර්ථ ගත් දක්ෂයන්ට පුරප්පාඩු අනුව  ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළුවීමේ අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය අද එකඟ වූ බල ලංකා ගුරු සංගමය කියයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න, සහකාර ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සහකාර ලේකම් එස් යූ විමලරත්න මහත්වරුන් සමග අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

ප්‍රාධාන ජාතික පාසල්හි පුරප්පාඩු ඇති පරිදි දක්ෂයන් බඳවා ගැනීමට අවසර ලබා දීමට කටයුතු කරන බව එහිදී අධ්‍යාපන ලේකම් පැවසූ බවත්, එය ලිඛිතව නොලැබුණු බවත්, ලිඛිතව ලැබෙන තෙක් සටන අත නාරින බවත් ස්ටාලින් මහතා කියයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ සහ ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි වූ සිසුන්ගේ දෙමාපිය සංගමයේ සාමාජිකයන් තිදෙනෙක් ද එම සාකච්ඡාවට සහභාගී වූහ.



අදහස් (0)

විශිෂ්ටයන්ට අන්තිමේ තැන ලැබේ

රචිත්‍ර Wednesday, 19 June 2013 10:54 PM

ගුරු සංගමයෙයි දෙමව්පියන්ගෙයි සාමූහික උත්සාහයෙන් ලබා ගත්ත විශිෂ්ඨ ජයග්‍රහණයක් මේක. ඒත් ඒ4 ,ඒ5 ,ඒ6 ගත්ත සිසුන්ටත් සාධාරණයක් ඉටුකලොත් හොඳයි. (නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 03:12 PM

මේකටත් දේශපාලන හිතවත් කමකින් ගොඩ යන්න තිබ්බනම් හරි?සුදුස්සාට සුදුසු තැන ලැබෙන ලෝකයේ එකම රට ලංකාවයි එයයි සබැ අශ්චාර්ය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site