2015 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වී ශ්‍රී ලංකාවේ මුල් 10 දෙනා අතරට පත් වු සිසුන් දෙළොස් දෙනා අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුහ.
සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපති ඔවුනට සිය සුබ පැතුම් එක් කළේය.
ජනපති ඔවුනට මුදල් තිළිණ ද ලැප්ටොප් පරිගණක ද ප්‍රදානය කළේය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්නන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්. බන්දුසේන යන මහත්වරු එක් වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා රටේ අනාගතය වෙනුවෙන් යහපත් දැක්මක් තිබෙන බව නොතේරෙන අන්ධ කොටසකුත් ලංකාවේ තවමත් ඉන්නවා.... ඒගොල්ලන්ට මේවා ඇස් වලට කටු අනිනවා වගේ ඇති.(අ)
අනේ මම දන්නේ නැහැ මිනිස්සු මේ තරමට වෛර කරන්නේ ඇයි කියලා. ඕවා මහින්දත් කළා (නි)
හොඳ වැඩක් කළවිට ඒක අගය කළයුතුය. ඔබ සැමට රටට වැඩක් කරන්න ශක්තිය ලැබේවා! (නි)
සිරි කියන එක හරි. කාලයක් තිබුනා මගේ ළමයි විතරයි ළමයි, අනිත් අය යටත්වැසියෝ කියලා සමහරු හිතපු (නි)
වෙන ඒවාට බුරාගෙන අදහස් දාන උදවිය මේවට වචනයක් වත් දන්නේ නැති එක පුදුමයි. (අ)
විභාග ප්‍රතිපල ඇවිත් මාස 5 කට පස්සේ හරි මේක කිරීම අපි අගයමු . (අ)
අපේක්ෂා කල සැබෑ වෙනස මෙයයි. (අ)
පතිරණල ඉන්නේ දකුණේ කොහොමටත් පොළොන්නරුවේ නැහැනේ (රේ)
අපේ අනාගත දරු පරපුරට දිරියක් (නි)
දේශපාලුවන් ඉදිරියට මෙවන් දක්ෂ ළමුන් රැගෙන ඒම ඒ ළමයින්ට කරනා අපහාසයකි (බ)
දකුණේ උන් රටේ සල්ලි විනාස කළ දැන් ඉරිසියාවේ පැලෙනවා හොඳ දෙයට හොඳ කියන්නත් වැරදි දේ පිටුදකින්නත් රජරටින්වත් ඉගෙන ගන්න මොකද රජවරු බිහිවුණේ රජරටින් මිස අන්දරේලා ඉපදුන බිමින් නොවේ (ම)