ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ බොක්සිං තාක්ෂණික නිළධාරිනියක වන නීවා ඇඹුල්දෙණිය මහත්මිය, ආසියානු බොක්සිං සංගමය විසින් කරන ලද වර්ගීරණයකට අනුව 2012 වසරේ විශිෂ්ටතම ආසියානු බොක්සිං තාක්ෂණික නිළධාරිනිය ලෙස තේරී පත්ව ඇත.
මේ හේතුවෙන් ඇයට ‘2012 වසරේ හොඳම ආසියානු තාක්ෂණික නිලධාරිනියට පිරිනැමෙන සම්මානය නීවා ඇඹුල්දෙණිය මහත්මියට පිරිනැමීමට ආසියානු බොක්සිං සංගමයේ විධායක කමිටුව සූදානමින් සිටී.
2012 වසරේ ආසියානු බොක්සිං කී‍්‍රඩා කටයුතු සඳහා වඩාත්ම දායකත්වය සැපයූ පුහුණුකරුවන් සහ නිළධාරීන් සඳහාද මෙලෙස සම්මාන පිරිනැමීමට ඔවුන් කටයුතු සූදානම් කර ඇත.
අපේ‍්‍රල් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කණිෂ්ඨ බොක්සිං ශූරතාවලිය අවසානයේ ඇයට මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මෙයා ගැන හොදට දන්නේ සෙල්ලම් කරන අය විතරයි.(නදී)
සුභ පැතුම් මහත්මිය.. අපිට ඔබ ගැන ආඩම්බරයි..!(නු)
සන්තෝෂයි...සුබ පතනවා (ස)