වත්තල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු සන්ධානයේ පිරිසකට පහරදුන්නැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවන බව පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමේ අරමුණ මෙම විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් රටට අහිමිවන බවද ඔහු පැවසීය.
මේ අතර විපක්ෂ මන්ත්‍රී 114 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාව කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදී ඇත.
රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනා කළ ව්‍යවස්ථා වෙනස මේ අනුව අහිමිවී යනු ඇත. විවාදය සඳහා ඉතා ඉක්මනින් දිනයක් දෙන ලෙසද අගමැති කථානායකවරයාට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට නෙමෙයිද වඩා වැදගත්? මේකේ තේරුම මොකක්ද? (නි)
විශ්වාසභංගය පැරදුණොත් මහ ඡන්දයක්? ඒ කියන්නේ ජනතාව නැවතත් පරාදද? (නි)
විපක්ෂ නායක නිමල් සිරිපාල මහතාට ඔය ව්‍යවස්ථා සංශෝධනයට වැඩිය ලොකු කාර්යභාරයක් තිබෙනවා. තමන්ගේ පක්ෂයේ චෝදනා වලට ලක්වූ මන්ත්‍රීවරුන් පිළිබඳව කඩිනම් පියවරක් ගන්න. (නි)
අගමැති තුමාට පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. වැරද්දක් කරපු මිනිහෙක්ව බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවනවා කියන්නේ රටේ ජනතාව ගැන හිතන්නේ නෑ කියන එකයි. රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනා කළ ව්‍යවස්ථා වෙනස මේ අනුව අහිමිවී යනු ඇත කියල කියන්නේ යු.එන්.පී ආණ්ඩුවත් එහෙම ඉවරයි කියන එක තමයි. ඔය වෙනස නොකර ඡන්දෙකට ගියොත් යු.එන්.පී එක ලැජ්ජා සහගත පැරදිල්ලක් ඊළඟට පරදින්නේ. කොහොමත් ඔය ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්න කෙනා ඔය වගේ තනතුරක් දරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. බලය ආපු හැම වෙලේම එයා එක එක සෙල්ලම් දැම්මා (නදී)
කෑ ගහනවා වැඩියි දැන් නම් (නදී)
මෙයා බොරුවට බය කරනවා. මේ ගොල්ලන්ටත් ඕනේ ව්‍යවස්ථාව සංසෝදනය නොකරන්න (නදී)
රටේ අගමැතිට පුලුවන්ද පාර්ලිමේන්තුව විසුරුවන්ට. කැබිනෙට් ඇමතිවරයෙක් වරදක් කලපසු පාර්ලිමේන්තුව විසුරුවන්නේ ඡන්දය දුන් අපෙන් පලිගන්නද. වරදක් සිදුවුනා නම් එය නිවැරදි කරන්න. මොන රටේද ඇමති වරයෙක් වරදක් කලපසු මහා මැතිවරණයකට යන්නේ. මුනත් එක්ක තරහවෙලා නහය කපා ගන්නවා කියන්නේ ඕක තමා.(නදී)
ඒක තමා කරන්න තිබෙන එකම දේ.එතකොට කාට කාටත් පෙනේවි සමගියෙන් වැඩ කරන්න බැරිවුණ එකේ ප්‍රතිඵලය! (නි)
රජයක් විසුරුවා හැරීමට ජනපතිවරයාට නිර්දේශ කිරීමට අග්‍රාමාත්‍යවරයාට බලය ඇතුවාසේම, අවුරුදු 2 ට පසුව රජයක් විසුරුවා හැරීමට විධායක ජනාධිපතිතුමාට බලය තිබේ. (නි)
වරදට දඬුවමක් නැද්ද? ඔහොම යමු. අපේ රටට හරියන්නේ කවදාද මන්දා? (නි)
සමහර දේවල්වල හරියට පරස්පර ගති තිබෙනවා. වරාය නගරය නවත්වනවා කිව්වාට එය එහෙම කරන්න බැහැ කියලා පසුව කියනවා. ඒ වාගේම පාර්ලිමේන්තුව විසුරුවා හරින එකත් ජනාධිපතිතුමාගේ කාර්යයක් නේද? (නි)
පුලුවන් නම් විශ්වාස භංගය ගේන්න. හිටපු හොරු ටික ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් පන්නන්න පුලුවන් (නදී)
සන්වන්නි, 1978 ව්‍යවස්ථාව වැරදිනම් 1994 සිට බලයට පත්වූ රජයන් එය වෙනස් නොකර පාලනය කළේ ඇයි? ඔයාට නොතේරුනාට කරන්න දෙයක් නැහැ (නි)
සේරම අය මේ පාර ගෙදර තමයි (නදී)
එයා පැරදුනේ නැත්නම් අපි ඡන්දය දෙන්නේත් නැහැ (නි)
විපක්ෂයේ ඉන්න නිදහස් පක්ෂයේ අයගෙන් සහාය ඉල්ලනවා. ඒ අය ගැනම දවස ගානේ දුෂණ පිළිබඳ සංදර්ශන පවත්වනවා. මේක මහා විහිළුවක් මට නම්. බහුතරය නැතුව දින සියය කරන්නේ කොහොමද? මම නම් කැමතියි මහා ඡන්දයට යන එකට (නි)
ප්‍රසාද්, මෝඩයෙකු සේ හැසිරෙන්න එපා (නදී) .
ඇමතිවරයකුට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවත්, ජනතාවට පොරොන්දු වුණ දින 100 වැඩ පිළිවෙළත් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? එම තනතුරට වෙන ඇමති කෙනෙක් පත්කොට දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ නොහැකිද? (නි)
නම ඇහෙනකොටත් අපේ ඇගේ මයිල් කෙලින් වෙනවා. අපි සෑහෙන කල් ඉදලා හොදට දන්නවා එයාගේ කෙරුවාවල්. පෙන්නන්නේ එකක්, යටින් කරන්නේ තව එකක්. (නදී)
ආණ්ඩුවක් විසුරුවා හරින්න එහෙම පුලුවන්ද? (නි)
ජෝන් වැරදියි. දඩුවම් කරන්න ඕනේ ජෝන්ටයි (නදී)
බලයට ආපු ගමන්ම මැර දේශපාලනය ආරක්ෂා කිරීම පටන් ගෙන වගේ. (නදී)
ජෝන් කියන නම කියනකොට අැගේ මෛල් කෙලින් වෙනවා නම් මහින්ද කියන නම කියනකොට ඔයාට මොකද වෙන්නේ ? (නදී)
ජනතා පරමාදිපත්‍ය සංශෝදනය නොකරන වැඩකට කෝඳුරු තෙල් හොයන ගානට දාන්න එපා. මෙතන වෙනස් ප්‍රශ්ණ දෙකක් නේද ? (නදී)
යහ පාලනය උපරිම පෙන්නපු අවස්ථාව තමා ඒ සිද්ධිය. (නදී)
ජෝන් යහපාලන කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. ඕකට කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා (නදි)
වැරදි කලා නම් යහපාලනයේ නාමයෙන් දඩුවම් කරන ඕනා. එ්කට ජනතා පරමාදිපත්‍යට පටහැනිව කටයුතු නොකළ යුතුය. ජනාදිපතිගේ තීරණ අගමැති ගන්නේ කෙසේද ? (නදී)
විසුරුවන එක හොඳයි. ඊට පස්සේ පුලුවන්නේ හොරු නැති එජාප රජයක් හදන්න. එතකොට සිරිපාලලගේ ගෑස් බලන්න ඕන නැහැනේ (නදී)
මෙය විසුරුවලා බහුතරය ආණ්ඩවුක් හදලා ජනපති පොරෝන්දු ඉටු කරපුදෙන්. (නදී)
මෙතන ජෝන් මිනියක් මරල නැහැනේ. එයාගේ අාධාරකාරයෝ වගයක් කරපු පහර දීමක් නිසා විශ්වාසභංගයක් ගේන්න හදනවා. එහෙනම් ගිය ආණ්ඩුවේ හිටපු වැරදී කරපු මිනිස්සු කී දෙනෙක් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නවද ? විපක්ෂයෙන් දැන් මේ විදියට චන්ඩි පාර්ට් දාන්න හදන්නේ බහුතරය තියෙනවා කියලනේ. මම කියන්නෙත් ඡන්දෙකට යන්න කියල. මොකද එතකොට පැහැදිලි බලයක් ලබාගෙන අාණ්ඩුව ගෙනියන්න පුළුවන්. (නදී)
අගමැතිතුමා එහෙම කිව්වාට දින 100 ට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැනේ (නදී)
අවංක නැති අය මේ රටට ලොකු විනාශයක් කරන්න කලින් ගෙදර යවන එක කෝකටත් හොඳා. (නදි)
සමහරු අදහස් දාන්නේ මැරිලා ඉපදිලා වගේ. ඒ කට්ටිය ආවේ යහපාලනය කරන්න. අලියට අපි ඡන්දය දුන්නේ නැහැ. වැරදිකරුවන්ට දඬුවම් දියයුතුය (නි)
එක් කෙනෙක්ගේ වරදකට රටේ සල්ලි ඡන්දයකට නාස්ති කරන්න ඕනෑ නැහැනේ. එතුමා ගැන පරීක්ෂණයක් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
ඔන්න ඉතින් අපි නම් බය නෑ (දිල්)
බලාපොරොත්තු වෙන යහපාලනයක් ලැබෙයි විසිරෙව්වොත් (නදී)
කවුරුත් කලබල වෙන්න එපා අවුරුදු පහ පැනලා පෙන්ෂන් සෙට් වෙනකන් විසුරවන්නේ නෑ. අපි ගැන නොහිතුවට ඒ ගොල්ලො ඒ ගොල්ලන්ගේ පොඩි අය ගැන හිතනවා. (ස)
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ විශ්වාසභංග යෝජනාවක් කියන්නේ ඉතා බරපතල දෙයක් දරුවනේ. ඉතින් එයින් පරාජය උනොත් අනිවාර්යයෙන්ම විධායකය විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ඕන. (ස)
දින 100 පස්සෙත් ඡන්දයක් එනවනම් කලින් ආවට මොකෝ? මේ හොරු ටික කලින්ම ගෙදර යවන්න පුළුවන්.බහුතරයක් තියන හින්දායි ඔය සෙල්ලම් පෙන්නන්නේ. සිරිසේන ජනතිපතිතුමාව ගෙනාපු රනිල්ට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.අපි කව්රු ආවත් ඡන්දෙ දුන්නේ විපක්ෂය පෙන්නපු අපේක්ෂකයාටයි.ඔය සමහරුන් බලන් ඉන්නේ රටට හොඳක් නොවෙන්න. මටනම් ඔය ජාතික ආණ්ඩුව ගැන විශ්වාස නෑ. (ස)
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ කෙසේද ? එය සිදුකළ හැක්කේ ජනපතිට මිස සුළුතර පාර්ලිමේන්තුවක් හිමි අගමැතිට නොවෙයි නේද ?(දිල්)
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ කෙසේද ? එය සිදුකල හැක්කේ ජනපතිට මිස සුළුතර පාර්ලිමේන්තුවක් හිමි අගමැතිට නොවෙයි නේද ? (නදී)
සහයෝගය දෙනවා කිය කිය කකුලෙන් අදිනවා නම් කරන්න තියෙන්නෙ විසුරුවන එක තමයි. බලමු ඇත්තටම කී දෙනෙක් විශ්වාස භංගයට සහයෝගය දෙයිද කියලා. (නදී)
සහයෝගය දෙනවා කිය කිය කකුලෙන් අදිනවා නම් කරන්න තියෙන්නෙ විසුරුවන එක තමයි. (නදී)
මම නම් කියන්නේ විධායක බලතල වෙනස් කළයුතුත් නැහැ.18 සංශෝධනය වෙනස් කළයුතුත් නැහැ. විශ්වාසභංග යොජනාව ගෙනවිත් වැරදිකරුවන් පිළිබඳ තීරණයක් ගතයුතුයි (නි)
ප්‍රසාද්, එහෙම කරලා පෙන්වූවිට බලාගන්නකෝ (නි)
රනිල් මහතා විපක්ෂය බය කරනවා වගේ. විශ්වාස භංගයට විරුද්ධ වෙන්න කියල. (බ)
මෙයා කොහොමද ඒක කරන්නේ. ජනාධිපතිට ඉහලින්ද මෙයා ඉන්නේ. දවස් සීයේ වැඩේ ඉවර කරලා පෙන්නුවා නම් හොදයි (නදී)
රනිල් සහ තව කීප දෙනෙක් ඇරෙන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ මහා හොරු රැලක්. රනිල් ද ජනාධිපති ද කියන එක නෙමෙයි වැදගත්, ඉක්මනට විසුරවලා අලුත් හොද කට්ටියක් පත් කර ගන්න එකයි වැදගත්. මෙතන ලියන සමහරුන්ට වැදගත් කවුද ඒක කරන්න ඕන කියන එක. මොකක්ද කරන්න ඕන කියන එකයි අපි හිතන්න ඕන. (බ)
රනිල් මහත්තය හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති කියලද ? එයාට ඕන වෙලාවට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. නැත්තම් ජනාධිපතිතුමා එයාට ඕන විදියටද වැඩ කරන්නෙ ? අපිට නම් මේවා තේරෙන්නේ නැහැ (නදී)
ප්‍රසාද්, ජනපතිට උනත් පරාදවෙච්ච පාර්ලිමේන්තුවක් තියාගෙන ඉන්නට බැහැ. විසුරුවන්න ඕනා. නමුත් අගමැති ඒ පිලිබදව ජනපතිගෙන් විසුරුවිම ඉල්ලා සිටිය හැකියි. කෙසේ වෙතත් දින 100 ගත වීමට පෙර විශ්වාස භංගය නිසා විසුරුවන්නට සිදු වුවහොත් එයට වගකිව යුත්තේ අදාළ ඇමතිවරයායි. අධිකරණ, නිවාස, විදේශ, විදුලිබල ආදී ඇමතිවරුන් තම වැඩ කොටස හොඳින් කරගෙන යද්දී වැටුනොත් අපරාදේ. (නදී)
1977 බලයට පැමිණි රජය මේ රටේ දේශපාලනය ව්‍යාපාරයක් බවට පත් කළා. අද මේ රටේ තියන ලාභදායී ව්‍යාපාරය දේශපාලනය. ඒ නිසා ඒ සඳහා කෝටි ගණන් ආයෝජනය කරනවා. උගත් බුද්ධිමත් අවංක අයෙකුට අද දේශපාලනයට එන්න බෑ. ඒ මහත්මා දේශපාලනයට 1978 ව්‍යවස්ථාව තිත තිබ්බා. 1977 මේ රටේ දේශපාලනය මුදලාලි කරණය උනා. 1990 - 91 ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය හරහා මේ රටේ දේශපාලනය පාතාලීකරණය උනා. අද දේශපාලනයේ සිටින්නේ එක්කෝ මුදලාලිලා. නැත්නම් පාතාලයෝ. ඇත්ත ඒකයි. (නදී)
රනිල් කොහොමද විසුරුවන්නේ. මෛත්‍රීගේ වැඩක්නේ එ්ක (නදි)
මම ඡන්දය දුන්නෙත් හංසයාට, හැබැයි අලියට නෙමෙයි (නි)
මොළය ඇති මිනිස්සු ඇත්ත දන්නවා (නි)
හෙටට හරියටම මාසයයි. දින සියය ගතකරන්නට ඉඩක් නොලැබෙයිද? නව විදේශ ඇමති, අධිකරණ ඇමති, නිවාස ඇමති, විදුලිබල ඇමති වැනි ඇමතිවරුන් රාජකාරි පටන්ගත්තා පමණයි. (නි)
රනිල් මහත්තයාට වැරදිලාවද්ද? පාර්ලිමේන්තුව විසුරුවන්න බලය තියෙන්නේ ජනාධිපතිතුමාට නේද? අපි ඕවට බයවෙන්නෙ නැහැ (නි)
මමත් කියන්නේ රනිල් මහත්තයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියලයි (නි)
විධායක බලතල නැතුව තමන්ගේ අභිමතය පරිදි වැඩකරන එක අපි නම් අනුමත කරන්නේ නැහැ (නි)
මේ කතාවෙන් අපිට බොහෝ දේ වැටහෙනවා (නි)
හොරු ටික දැන් බලාගෙන ඉන්නේ නැවත බලයක් ලබාගන්න. මෛත්‍රී මහත්තයෝ, හොඳට හිතලා බලලා තීරණ ගන්න. පුලුවන් නම් ජනාධිපතිවරණයේදී වගේ හැමෝම එකතුවෙලා හංසයාගෙන්ම මහා ඡන්දෙදි ඡන්දය ඉල්ලන්න. (නි)
ඉතින් වැරැද්ද පිළිගෙන එයාට ඉල්ලා අස්වෙන්න කියන්නකෝ. එතකොට ප්‍රශ්න ගොඩක් විසඳෙනවනේ (නි)
මම නම් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අවශ්‍ය නැහැ. බහුතර බලයෙන් අගමැතිවරයෙක් පත්කරන්න පුලුවන් (නි)
මන් නම් මේපාර දෙන්නේ කොලපාට පක්ෂයට රට දියුණු කරන්න හොරු අල්ලන්න (නදී)
මේක තවම 2001 වර්ෂය කියලද මන්දා සමහරු හිතාගෙන ඉන්නේ? (නි)
ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා හරින එකෙන් ගම්‍යවන්නේ මැර බලය අනුමත කරන බවද? එමෙන්ම, විපක්ෂය දින 100 වැඩපිළිවෙලට සහාය දෙන බව කියා සිටියදීත් එම වැඩපිළිවෙල අතහැර ඡන්දයකට යනවා කියන්නේ ඇයි? නව ජනාධිපතිතුමාගේ මේ පිළිබඳ අදහස් හා ප්‍රතිපත්තිය කුමක්ද කියා අපි දැනගැනීමට කැමතියි (නි)
මට නම් එපමණ ප්‍රසාදයක් නැහැ මේ කතාව ගැන (නි)
ප්‍රසාද්, පිටකොන්දක් නැති අගමැතිවරු නව රජයේ නැහැ. මේ අගමැතිතුමාටත් ලක්ෂ 62 ජනවරම තිබෙනවා. ජනතාව ඡන්දය දුන්නේ මෛත්‍රී මැතිතුමාට පමණක් නොව රනිල් මහතා අගමැති කරන බවට දුන් පොරොන්දුවටත් සමඟයි. එම නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ නායක දෙපළම එකතුවෙලා ගනීවි. (නි)
මේ ඔක්කොම ගෙදර යවලා මහින්ද මහත්තය අාපහු ගේන්න අපේ ජිවිත දීලා හරි (නදී)
එයා පැරදුනාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ මොකටද? (නි)
ඇමතිකමේ ඒ විදියට ඉන්නේ නැතුව චණ්ඩිකම් පෙන්නන්න ගියාට හොඳ වැඩේ (නි)
පාර්ලිමේන්තුව විසුරුවන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට පුළුවන් බහුතරය පෙන්වන කෙනෙකු අගමැති වශයෙන් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්න. (නි)
පාර්ලිමේන්තුව විසුරුවා ඉක්මනින්, හොරුන් පන්නා දමා බහුතර බලයක් අරන් පොරොන්දුවූ දේවල් කරන්න. පරණ ආණ්ඩුවේ බහුතරයක් දුෂකයන් තවම ඉන්නේ. අලුත් රජයට ඔවුන් උදව් කරන්නේ නැහැ (නදී)