මේ වසරේ විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේ දී ශිෂ්‍ය කප්පාදුවක් කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු විජේසේකර පැවසීය.
ඒ අනූව දැනට පාඨමාලා කිහිපයක් සඳහා බඳවාගෙන ඇති පේරාදෙණිය, වයඹ, රජරට, සබරගමුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය පුරප්පාඩු 1412 ක් පවතින බව ඔහු කීවේය.
පීඨ දෙකක් සඳහා බඳවා ගැනීම් සිදු කර ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පුරප්පාඩු 157 ක්, වයඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පුරප්පාඩු 275ක්, රජරට විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු 265 ක්, සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ175 ක්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පුරප්පාඩු 195 ක් ආදී වශයෙන් එම පුරප්පාඩු 1412 පවතින බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇතුළේ ඉන්න අය ඕවා ගැන හොයන්නේ නැතුව ලලිත්, ඔයාද ගිහින් හොයන්නේ? (නි)
බඩවියත, තාන්න මාන්න වලට රට ජාතිය සහ ප්‍රතිපත්ති පාවා දුන්න අය ඉස්සර කාලෙත් හිටියා. ඒ පරපුරේම අය අදත් ඒ දෙය කරනවා, තාක්ෂණය භාවිත කරමින්. අන්තර් විශ්වි ද්‍යාලයේ කැඳවුම්කරු පත්කරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩිම මනාපයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට. එක්තරා ආකාරයකට ෆෙඩරල් ක්‍රමයක් වගේ දෙයක් අනුව. දරුවා, ඔබ ඔබගේ කාර්යය ඉටු කරන්න. (නි)
බඳවා ගන්න සිසුන් ප්‍රමාණය යෝජනා කරන්නේ අදාළ සරසවිය. එයාලට තියෙන පහසුකම්, වෙළෙඳපොළ ඉල්ලුම වගේ දේවල් බලලා. සමහර පාඨමාලාවලට ළමයි බැඳෙන ගානෙන් භාගයක් විතර අතහරිනවා. (නි)
පුදුමාකාර වැඩ ගොඩක්නේ මේ ලහිරුට තියෙන්නේ. රාජකාරි වැහිවැහැලා. එහෙන් කැඳවුම්කරු, මෙහෙන් විශ්ව විද්‍යාල වල බඳවා ගැනීම් පරීක්ෂා කරනවා. (නි)
උපුල්, නිදහස් අද්යාපනයේ වටිනාකමක් නොදන්නා නමුත් ඒ නිදහස් අද්යාපනයෙන් ගොඩගිහින් දැන් එකට ගරහන කෙනහිලන්ගේ ගොධේ ඉන්න තමුන්ලා වගේ අයට බෑ ලහිරුල වගේ අයගේ ගමන නවත්තන්න. (ර)
මෙම පාඨමාලා හැකිතරම් කප්පාදු කොට විශ්ව විද්‍යාල තුලම මුදල් අයකරන පාඨමාලා හඳුන්වා දිය යුතුයි. එවිට ඔය පාරට බැහැල කරන කෝලම් නවතීවි. (බ)
ලහිරුල වගේ අය රටට ජාතියට බරක්. මෙයාලට ඉගෙනගන්න වෙලාවක් නැහැ දේශපාලන කටු කනවා හැරෙන්න. (බ)