IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විශ්වවිද්‍යාල කොමිසමේ නිර්දේශ මැතිසභයට බාරදෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම වැදගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  යෝජනා කළේය.

රජයේ විශ්වවිද්‍යාලවලට  ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

අමරතුංග මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශද   එම කමිටුව හමුවේ එහිදී ඉදිරිපත් කෙරිණ.



අදහස් (4)

විශ්වවිද්‍යාල කොමිසමේ නිර්දේශ මැතිසභයට බාරදෙයි

ලුම්බිණි Wednesday, 15 March 2023 01:21 PM

පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම විශ්වවිද්‍යාලයක් පුද්ගලික අංශයට පටන් ගන්න කියලා රජය පහසුකම් දෙන්න.

:       0       5

ravin Wednesday, 15 March 2023 02:57 PM

ඔය වාර්තාව පිස්සන් කොටුවට දුන්නා නම් ඔයිට වැඩිය ප්‍රතිඵල ලබාගන්න තිබුණා. ඔය දුන්නු කට්ටිය බලන්නේ, උනුන්ගේ පැවැත්ම පිළිස උගතුන් නැතිකිරීම මිස ඇති/ වැඩි කිරීම නොවේ..

:       1       4

KusumsiriWednesday, 15 March 2023 03:37 PM

රවින් මහතාගේ අදහසට මමත් එකඟයි. මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සුද මන්දා...? පරිගණක තාක්ෂණයට පමණක් වෙනම වී විද්‍යාලයක්...? එහෙම නම් අනෙකුත් ක්ෂේත්‍ර වලත් මේ වැඩේම කරමුද? ඔය උන්නැහේ හැම දේශපාලකයාටම හිටගෙනම කඩේ ගියහැටි කවුරුත් දන්නවනේ... උසස්පෙළ ටියුෂන් ගුරුවරුන්ට සම්මාන දුන්නු මේ වගේ මිනිස්සු කොහොමද රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ? තමන්ගේ බඩ වඩාගන්න ක්‍රමයක් හොයනවා මිසක්කා...

:       1       5

Samitha Senaka Aluthgamage. Wednesday, 15 March 2023 04:52 PM

මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ උත්සාහය සාර්ථක වේවා ... අදාළ ක්ෂේත්‍රයේ ඇතිවෙන හා ඇතිවී තිබෙන දෙස් විදෙස් රැකියා සඳහා මෙය හොඳ අවස්ථා උදා කරාවි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site